දිවයිනේ මධ්‍යම සහ සබරගමුව පළාත් වල විටින් විට වැසි ඇතිවන අතර බස්නාහිර සහ දකුණු  පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැසි වයඹ පලාත දක්වා ද පැතිර යා හැකිය.

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

දිවයින හරහා  විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල සහ   අවට මුහුදු ප්‍රදේශ  වල, විටින් විට හමන තද සුළං (පැ. කි. මී. 70 පමණ) බලාපොරොත්තුවේ. තවද ගිගුරුම් සහිත වැසි ඇති වන විට ද, එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.