දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පලාත් වල විටින් විට වැසි ඇති වේ. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල තද වැසි(මි.මි 100 ට වැඩි) ඇති විය හැක. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත් වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල සහ අවට මුහුදු ප්‍රදේශ වල, විටින් විට හමන තද සුළං බලාපොරොත්තුවේ. තවද ගිගුරුම් සහිත වැසි ඇති වන විට ද, එම ප්‍රදේශ වල තාවකාලිකව තරමක තද සුළං ඇති විය හැකිය.
මුහුදේ කාලගුණ තත්ත්වය :
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල දී නිරිත දෙසින් හමන සුළං වේගය විටෙක පැ. කි. මී. 60-80 පමණ දක්වා ඉහල යාමට ඉඩ ඇති නිසා එම මුහුදු ප්‍රදේශ රළු සහ අනතුරුදායක විය හැකිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd