මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයේ සහ බටහිර සහ නිරිත දිග අවට මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තරමක් තද සුළං ‍අපේක්ෂා කරයි. ඇතැම් අවස්ථාවලදී ගිගුරුම් සහිත වැසි ඇතිවේ. එවැනි අවස්ථාවේදි තාවකාලිකව තද සුළං ඇතිවේ.

පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෛ්. මන්නාරම බොක්ක ආශ්‍රිත මුහුදේ වැසි වාර කිහිපයක් හටගනී. සුළං හැමීම ප්‍රධාන වශයෙන් නිරිත දිගින් සිදුවේ. සුළ‍‍ඟේ වෛ්ගය පැයට කිලෝ මීටර 40 ක් පමණ වුවද මුහුදේදී පැයට කිලෝ මීටර 60 ක් දක්වා වැඩි වීමට ද ඉඩ ඇත. තව ද ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වේ. හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේහයත් පුත්තලම සිට යාපනය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශයත් විටින් විට රළු වේ.