පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ වෝඩ් පෙදෙසේදී එච්එන්ඩීඒ සිසුන්ට පහරදීමට විරෝධය පළ කරමින් හා මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සරසවි සිසුන් 7000 ක් පමණ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිට අද අරඹන්නට නියමිත උද්ඝෝෂණයේ දී පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග සහ සෙසු මාර්ග අවහිර නොකරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
උද්ඝෝෂණය සඳහා පැමිණි සිසුහු සරසවිය අසල රැස්ව සිටිති.
මේ අතර පහරදීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ල විභාගය සඳහා අද එච්එන්ඩීඒ සිසුන් හා වැඩබලන පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිස එහි ගියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදත් මිනිසුන්ගේ වටිනා කාලය කන්න හදන්නේ. මොවුන්ට හිතෙන්නේ නැති හැටි කාටවත් කරදරයක් නොවී තමන්ගේ වැඩේ කරගන්න. (නි)
මේ ළමයින්ගේ වැඩ නිසා අපිටත් ලැජ්ජයි (නි)
මහ පාරේ හිරවෙලා පැය ගණන් රස්තියාදු වෙනකොට මිනිස්සු බනින්නේ මේ ළමයින්ට. කොච්චර උසස් අධ්‍යාපනය ලැබුවත් ඒක තේරුම් ගන්නේ නැහැ. ඔය වාරණ නියෝග ගන්න තිබුනේ කලින්මයි. එහෙම වුණා නම් කලින් ඇතිවූ ප්‍රශ්නයත් ඇති නොවෙන්න තිබුනා. (නි)
උද්ගෝෂණ කරන්න කරන්න මර්දන වේගයත් වැඩියි. මර්දන වේගය අඩුවෙන්න අඩුවෙන්න උද්ගෝෂණ වේගයත් වැඩියි. (බ)
මිනිසුනේ, මේ ළමයි පාරේ මෙහෙම කෑගහන්නේ නුඹලාගේ දරුවන්ගේ අනාගතය විනාශවෙන එක වළක්වාගන්න. (නි)
චන්දිමාල්, මේ කෑගැහිල්ලෙන් අපේ ළමයින්ගේ නෙමෙයි, අපේ අනාගතයයි විනාශවෙන්නේ (නි)
චන්දිමාල්, මට හරි කනගාටුයි, ඩිප්ලෝමාවක් උපාධියකට සමාන කරන්න ඉල්ලන එකම රට ලංකාවයි. වෛද්‍ය උපාධියට විතරක් ඇයි මෙහෙම නීතියක්. ඇයි ඉංජිනේරුවන්ට පුළුවන් නම් පුද්ගලිකව ඉගෙන ගන්න එතකොට නිදහස් අධ්‍යාපනය නැති වෙන්නේ නැතිද? රට ගිහිල්ල ඉගෙන ගෙන ආවහම නිදහස් අධ්‍යාපනය නැති වෙන්නේ නැතිද? පෙරටුගාමියෝ තමයි මේ පිටිපස්සේ ඉන්නේ !!! (ස)
චන්දිමාල් මහත්මය මෙතන ඉන්න අය බොහෝදෙනෙක් හිතාගෙන් ඉන්නේ මේ ළමයි වැරදි ආණ්ඩුව හරි කියල. මේගොල්ලන්ට හරි වැරැද්ද තේරන දවසට වෙන්න ඕන ඔක්කොම වෙලා ඉවරයි. (ස)
චන්දිමාල් කියන දෙය ඇත්ත. (හේ)
පාලකයින් ජනතාවට අධ්‍යාපනය ලබදීමට උනන්දුවන්නේ නැත. උගතුන්ගේ ප්‍රශ්නවලට පිලිතුරු දීමට තරම් උගත්කමක් පාලකයින්ට නැත. (හේ)
චන්දිමාල් මෙම ඩිප්ලෝමාව උපාධියට සම කරන්න ඕන මෙය වසර 4 පාඨමලාවක් ඒ වගේම න්‍යයාත්මක පමණක් නොව ප්‍රයෝගික පුහුණුවත් ලැබෙනවා මෙය ඉතාම සාධාරණ ඉල්ලීමක් මෙම පාඨමලාවේ අඩුකරන ලැබූ වසරත් නැවත එකතු කල යුතුයි. (අ)
මේ අය උද්ඝෝෂණය කරන්නේ කුහක අරමුනකට. ඒ තමන්ගේ අයිතියක් ආරක්ෂ කරාන්න නෙමේ මුදල් ගෙවා වෛද්‍ය උපාධිය සදහා ඉගෙන ගැනීමට ඇති අයිතිය (මුදලට උපාධිය ගන්නවා කීම වැරදියි, විභාග පාස්වෙන්නේ නැතිනම් පෞද්ගලික විශ්ව විද්‍යාල. මුදල්තිබ්බට උපාධිය දෙන්නෙ නෑ ) අහෝසි කිරීමට. (අ)
ළමයි එළියට එනකොට මේකෙ ඉන්න මාධ්‍යවේදියෙක් කියනවා ඇහෙනවා "අපිව දැක්කම හරි සතුටු ඇති" කියල එහෙමනම් විශේෂයක් නැතුව ඇති ළමයින්ට. (අ)
සමීර ඔයාගේ අදහස නිවැරදි කරන්න ඕනි, මමත් එච් එන් ඩී. එ්. ඩිප්ලෝමා ලාභියෙක්, 1969 චක්‍ර ලේකයක් තිබුනා මේක වාණිජ වේදී විශේෂ උපාදියට සමානකරලා , දැන් පාට මාලාවේ කාලයත් අඩුකොට හැල්ලු කරලා (අ)
සමීර, වෙන්න දීලා බලන් හිටියොත් උසස් පෙළ කොච්චර හොදට පාස් උනත් දවසක සල්ලි දීලා කැම්පස් යන්න වෙයි. උනාට පස්සේ වෙනස් කරන්න බෑ. (ර)
අද බිස්කට් දෙනවා කියලා හිතන්න එපා. (ර)
ගෙදර නොයා. අදත් පාරේ ඉන්න වෙයි වගේ. (ර)
උසස් පෙළ ඉහලින් සමත්වෙලා ලංකාවේ කැම්පස් එකක ඉගන ගත්ත කිසිම මනුස්සයෙක් මේ දරුවන්ගේ උත්සාහය වැරදි කියන්නේ නැහැ. නිදහස් අධ්‍යාපනයේ වටිනාකම තේරෙන්නේ ඒකෙන් උපරිම ප්‍රයෝජන ගත්ත මිනිස්සුන්ට විතරයි. ඉහලින් කොමෙන්ට් කරලා තියන අය ගැන බොහොම කණගාටුයි. (ර)