IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අතාවුද සෙනවිරත්නටත් නඩු

රුපියල් ලක්ෂ එකොළහකට ආසන්න අනර්ථයක් කළැයි කියන සිද්ධියේ සැකකරුවන් වන ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනවිරත්න, වරකාපොළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සරත් සුමනසූරිය ඇතුළු සැකකරුවන් 17 දෙනකුට එරෙහිව නීතිපති උපදෙස් මත ලබන ජූනි පස් වැනිදා චෝදනා ඉදිරිපත් කිරීමට නියමිතය.

තුල්හිරිය මහේස්ත්‍රාත් අමත්ත ලක්මාල් වික්‍රමසූරිය මහතා ඉදිරියේ අද (29) නඩුව කැඳැවිණි.

නඩුව එදිනට කල් තබමින් මහේස්ත්‍රාත්වරයා පැවසුවේ එදින ඔවුනට චෝදනා පත්‍ර භාර දෙන බවයි.

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනවිරත්න මහතා නඩු විභාගයට පෙනී නොසිටියේය.

අසනීප බව දන්වා ඔහු වෙනුවෙන් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කර තිබිණි.

2012 ජූලි හය වැනි දින වරකපොළ භූගත ජල ව්‍යාපෘතිය ඇරැඹූ අවස්ථාවේ නීති විරෝධී ලෙස රංචු ගැසී දේපළවලට හානි කලැයි පොලීසිය ඔවුනට එරෙහිව මහේස්ත්‍රාත් උසාවියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සෙනවිරත්න මහතාගේ ආරක්ෂක නිලධාරීන් වන උප පොලිස් පරීක්ෂක ඇම් එච් එම් ෆවුමි සහ සැරයන් වික්‍රමරත්න මහේස්ත්‍රාත්වරයා විසින් අද (29) නිදහස් කරනු ලැබූහ.



අදහස් (0)

අතාවුද සෙනවිරත්නටත් නඩු

නිලන්ක Thursday, 30 May 2013 09:31 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. කොසොල් රජු දුටු සිහින දාසයද මේ වෙන්නේ? (නි)

:       0       0

තිලක් Wednesday, 29 May 2013 11:54 PM

මොකද්ද ඒ

:       0       0

සමීර සාලින්ද Thursday, 30 May 2013 09:57 AM

දැන් මට දැනගන්න පුලුවන්ද දොස්ටර ජයලත් ජයවර්ධන විතරද වැරදි කරලා තියෙන්නේ, අපි හැමදේම සාදාරනව දකින්න? (නි)

:       0       0

උපාලි Thursday, 30 May 2013 03:53 AM

ජාතික තලයේ ඉඳන් ප්‍රාදේශීය තලය දක්වා දේශපාලකයෝ කරන වීරක්‍රියා දවස ගානේ ආරංචි වෙනකොට පුදුම සතුටක් ඇතිවෙනවා. අනේ අපි පත් කරපු අය නේද කියලා. ඒත් ඒ ගරු කටයුතු මහත්වරුන්ට නඩු දාන්නෙම එතුමන්ලා අසනීපයෙන් ඉන්න වෙලාවක් බලලනේ. හරි පවු. (නි)

:       0       0

පෙරේරා Thursday, 30 May 2013 06:07 AM

අපිට තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි

:       0       0

අජිත් Thursday, 30 May 2013 06:45 AM

අයියෝ සල්ලි

:       0       0

මාලක Thursday, 30 May 2013 06:54 AM

උසාවියට එන්න කියන හැම කෙනෙක්ම අසනීප වෙනවා. මේ ගැන මහජනයාවත් පෙරමුණ ගතයුතුයි . (නි)

:       0       0

හේරත් Wednesday, 29 May 2013 07:40 PM

අනේ පව් ලෙඩවෙලා. නවලෝකෙට නවතින්න යාවිද? අනේ දුකයි. (නදී)

:       0       0

අමාලි සිල්වා Wednesday, 29 May 2013 09:13 PM

ඔන්න අපේ රටේ සාදාරන නීතියක් තිබේද බලා ගන්න අවස්ථාවක්. යට නොගහා, රෝහල් ගත නොවී, රාජ්‍ය බලපෑම් නොමැතිව සදාරණයක් වෙන්න ඕනෑ (නි)

:       0       0

කොසොල් Thursday, 30 May 2013 08:15 AM

මතක නැති වීද දන්නෑ (අ)

:       0       0

නිශ්ශංක Thursday, 30 May 2013 12:29 PM

කුතුහලය දනවන පුවතක්. අවසානය යහපත් වීම ජනතා සිහිනයයි. (නි)

:       0       0

රෝහිත Wednesday, 29 May 2013 09:30 PM

අපි එයාව සිංගප්පූරු රෝහලකට යවමුද? (නි)

:       0       0

උඩුගම්පොල Thursday, 30 May 2013 12:57 PM

නඩු දාලා විතරක් මදි. වැරැද්දක් කරලා නම් තනතුරුවලිනුත් ඉවත්කරලා දාන්න ඕනෑ (නි)

:       0       0

සේන Wednesday, 29 May 2013 09:53 PM

අයියෝ සල්ලි

:       0       0

තබුක් සිල්වා Wednesday, 29 May 2013 10:44 PM

ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ ,සැපයක් යැහි කකුළුවා දිය කෙලියේ ,එපවත් තොප සිතතොත් නොහැකිලියේ , සැපයක් නම් නැත කම් රස කෙලියේ ... (නි)

:       0       0

ධම්ම Wednesday, 29 May 2013 10:52 PM

රතු පක්ෂ වලින් පැන්නවුන් තමා දරුණුම... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site