‘ අධ්‍යාත්මික විමුක්තිය පිළිබඳව පමණක් නොසිතා මහණ ජීවීතය සාසනික හා සමාජ සේවය උදෙසා කැප කරන සමස්ත භික්ෂු සමාජයටම සිරස නමා ආචාර කළ යුතුයි ‘ යැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.
අමරපුර සිරි සද්ධම්ම මහා නිකායේ බස්නාහිර පළාත් උප ප්‍රදාන සංඝනායක ධුරයට පත් අතුරලියේ ආනන්ද නා හිමියනට අක්තපත්‍ර ප්‍රදානය කිරීම නිමිත්තෙන් ගල්කිස්ස දක්ෂිණාරාමයේ පැවැති උත්සවයේදී ඔහු එසේ කීවේය.
අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ශ්‍රී ඤාණිස්සර ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නා හිමියන්ගේ සහ අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි අමරපුර සිරිසද්ධම්මවංස මහා නිකායේ මහ නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
ග්‍රේරු මහතා මෙසේද කීවේය.
‘රටේ අනාගතය තීරණය වන්නේ හොඳ නරක දෙක මතයි. ගිහි සමාජයට හොද නරක තේරුම් කරදී අනාගත පරපුර යහපත් පුරවැසියන් බවට පත් කිරිමේ වගකීම හා යුතුකම පැවරී ඇත්තේ මහා සංඝරත්නයටයි. අතුරලියේ ආනන්ද නාහිමියන්ට ප්‍රදානය කළ තනතුර හමුදුරුවන් වහන්සේගේ සාසනික මෙන්ම සමාජ මෙහෙවරට ලොකු ශක්තියක් වන අතර විදේශීය ධර්ම දූත සේවාවන් සදහා ලොකු පිටිවහලක් වේ යැයි අප විශ්වාස කරනවා. ‘
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි වැවුරුකන්නල බුදුරජ මහා විහාරාධිපති ආචාර්ය දික්වැල්ලේ තිස්ස අනු නා හිමි ඇතුළු මහා සංඝරත්නය මේ සදහා සහභාගී වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනූනායක නොවෙයි අනූනවවෙනි නායකල හිටියත් වැඩක් නැහැ සාසනය බේරගන්න දන්නේ නැත්නම්. අතුරලියේ හාමුදුරුවන්ට නිරෝගී සුව! (දී)
වන්දාමි සගරුවන් සුවදින් මලින් බැතින් සදා .ඔබවහන්සේට නිරෝගිසුව දිගාසිරි පතමි . (දී)
සාධු.... සාධු.... සාධු.... තෙරුවන් සරණයි (දී)
අතුරලියේ ආනන්ද නායක හිමිපාණන්ට දිගාසිරි පතමි. (අ)
ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේට නිරෝගිසුව දිගාසිරි ලැබේවා... (අ)
අපේ ආනන්ද නායක හිමියන්ට දීඝායුෂ! තෙරුවන් සරණයි! (දී)