කතරගම පුදබිම වෙත පැමිණෙන වන්දනාකරුවන් අතර කැපි පෙනෙන ලෙස බටහිර සංචාරකයන්ගේ පැමිණිම වැඩි වී තිබේ.
අධ්‍යාත්මික සුවය අත් විඳීමට පැමිණෙන බටහිර රටවල පිරිස් කතරගම කිරිවෙහෙරට අෂ්ඨ ඵල බෝධියට ද මහ දොවොලට ද යති.
කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් පැවසුවේ මේ වන විට විදේශිය ජාතින් වැඩි වශයෙන් බුද දහමට නැඹුරු වීමක් දක්නට ලැබෙන බවයි. බුද දහම පිළිබඳව ලියවුණු පොත් පත් ඉල්ලා විදේශිකයින් කිරිවෙහෙරට පැමිණෙන බවත් විදේශිකයෝ පාපැදි වලින් ද බස් රථ වලින් ද නිතර කතරගමට පැමිණෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොද පුවතක් මටනම්, සියලු දෙනාට කතරගම දෙවි පිහිටයි. (ර)
හොඳ ප්‍රවණතාවයක්..... එ්ත් සමහර විදේශිකයන්ගේ ඇඳුම් පිළිබඳවත් ඔවුන් දැනුවත් කිරීමට පියවර ගතහොත් පුද බිමේ ගෞරවය..තව තවත් ආරක්ෂා වේවී....(බ)
අහන්නත් සතුටුයි. ස්කන්ද කුමාර දෙවිහාමුදුරුවන්ගේ තේජස මුළු ලෝකය පුරාම පැතිරී පවතිනවා. රටවල් ගණනාවක කතරගම දෙවියන්ගේ බල මහිමය වෙනුවෙන් පුදපුජා පවත්වන බැතිමතුන් ඉන්නවා. ඒ අතරින් කතරගම ට සුවිශේෂියි. (ර)
අර්තර් සී ක්ලාර්ක් මහත්තය මෙහෙම අනාවැකියක් පල කරලා තිබුන මතකයි , 2050 වෙනකොට ලෝකේ බුදු දහම වැළඳ ගැනීමේ ප්‍රවනතාවක් තියෙනවා කියල , සමහරවිට මේ ඒ පෙරනිමිති වෙන්න පුළුවන් නේද ? (ර)
අනේ කතරගම දෙවිදුනේ, පස්වහන් දහසකට බුදුවෙන්න,අපේ බාල වයස් දරුවන් ලිංගික අතවර වලින් මුදා දෙන්න.(අ)
දැන් කට්ටිය එකතුවෙලා මේ විදේශිකයන්ට මොනවා හෝ විකුණන්නේ නැතුව අවශ්‍ය දැනුම මොවුනට ලබාදෙන්න ක්‍රමවේදයක් හදන්න. (නි)
බුදුදහම පිළිඹඳ නැඹුරුවක් දක්වන විදේශිකයෝ කතරගම ඇරියම වෙන්නේ ඒ අයගේ ඔලුව කුරුවල් වෙන එක. හේතුව බුදු දහමේ දේව සංකල්පයක් නැහැනේ. හින්දු දෙවිවරු පස්සේ ලංකාවේ බෞද්ධයෝ කියාගත්තා කොටසක් රේස් දිවුවට. සුද්දන්ට අභිධර්මේ උගන්වන්න විදියක් නැද්ද. (බ)
2009 න් පසුව ඔබ සැමට අපේ රට විවෘතයි. එහි ඇවිත් නිදහසේ සිරි නරබන්න. අපි සතුටින් ආරාධනය කරමු. අපේ රටේ ඉන්න සමහරුන්ටනම් මෙය ඇහේ ඉදිකටු අනිනවා වාගෙයි. (ර)
2009 ට ඉස්සෙල්ල එහෙම නැද්ද? සුද්දෝ අාවේ නැද්ද? (බ)
අපොයි, අර කාන්තාව ඒ ඇඳුමින්ද කතරගම ගියේ? (නි)