දඹදිව වන්දනාවේ ගොස් බුද්ධගයාවේ හා දකුණු ඉන්දියාවේ අතරමංවූ වන්දනාකරුවෝ රජයෙන් අද (6) ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූහ.
බුද්ධගයාවේ අතරමං කළැයි කියන 108 දෙනා පැවසූයේ තම සංවිධායකයා රුපියල් 66,000ක් පමණ මුදල් ගත් බවත් දින 14ක්ම බුද්ධගයාවේ සිටි බවත්ය. එම සංවිධායකයා කටුනායකදී රහස් පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
දකුණු ඉන්දියාවේ ට්‍රිචියේ සිට තවත් 160 දෙනෙක් පමණ ගෙන එනු ලැබීය. බුද්ධගයාවේ මහාබෝධි සමාගමේ කහටගස්දිගිලියේ මේධංකර හිමියන් නිසා තමනට යළි ගමරට බලා ඒමට හැකිවූ බව එහි සිට ආ පිරිස කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංසාරේ අතරමං වෙලා ඉන්න අපිට ඕකත් මහා දෙයක් ද. (බ)
මේවගේ වංචා කරුවන්ගේ සංවිධාන පිළිබඳව වන්දනා කරුවන් දැනුවත් කිරීම ඉතා වැදගත් වනබව මතක් කරමු. (ර)
දඹදිව වන්දනා සංවිධාන ගැන පුළුල් විමර්ශනයක් කිරීම අවශ්‍යයි (නි)
මේ සංවිධායකයෝ ගසා කෑමක් කරන්නේ හරියට කන්න දෙන්නේ නැහැ ඉන්න තැනක් දෙන්නේ නැහැ කොමිස් දෙන කඩවලට විතරයි එක්කන් යන්නේ (බ)