ලොව අතුරුදන්වූ පුද්ගලයන් ගේ පවුල්වල අයට වෙත නුදුටු සහතික නිකුත් කිරීම කඩිනම් කරන බව විදේශ අමාත්‍යංශය කියයි. 1994 සිට ශ්‍රී ලංකාවේ හැට පන්දහසකට අධික ප්‍රමාණයක් අතුරුදන්වී ඇති බවට රජයට පැමිණිලි ලැබී ඇතැයි අමාත්‍යංශය පවසයි.
දේපළ පැවරීම හා හිමිකාරිත්වය, වන්දි ඉල්ලුම් කිරීම, සමාජ සුබ සාධන ගෙවීම් හා විශ්‍රාම වැටුප් ආදී කටයුතුවලදී අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට මුහුණ පෑමට සිදුව ඇති දුෂ්කරතා සැලකිල්ලට ගෙන මෙසේ නුදුටු සහතික නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd