බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව නිෂ්පාදනය කළ බව කියන යුද අපරාධ පිළිබඳ වාර්තාමය චිත්‍රපටයේ අවසන් යුද සමයේදී අතුරුදන් වූ බව කියන තරුණයකු සිටින බවට එම තරුණයාගේ මව අතුරුදහන් වූවන් පිළිබද සෙවීමේ ජනාධිපති කොමිසම වෙත පැමිණිලි කර ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.
පුෂ්පරාසා අජින්තන් නැමති මෙම තරුණයා මුල්ලිවායික්කාල්හි අවසන් යුද්ධයේදී අතුරුදන් වූ බවත් එසේ අතුරුදන් වූ තම දරුවා 2013 වසරේදී බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව විසින් ශ්‍රීලංකා යුද හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරමින් නිපදවූ වාර්තාමය චිත්‍රපටයේ සිටින බවත් පරණගම කොමුසමට මව කීවාය.
යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි එම මව තවදුරටත් සදහන් කර ඇත්තේ චැනල් ෆෝ නාලිකාව සිය වාර්තාමය චිත්‍රපටයේ තම දරුවා අඩ නිරුවත්ව සිටින බව තමන් දුටු බවයි.
2009 අතුරුදන් වුවකු 2013 වසරේ නිපැදවූ චිත්‍රපටයක සිටින්නේ කෙසේදැයි බොහෝ දෙනෙක් ප්‍රශ්න කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චැනල් 4 එකේ ලොක්ක පසුගියදා ලංකාවට ඇවිත් උතුරේ විග්නේශ්වරන් හමු වුණේ ඕකට වෙන්ඩ ඇති..(ම)
දරුදුක කෙසේ වෙතත් මේ මවගේ ප්‍රකාශය ළින් පිළිබිඹු වෙන අරුත මුළු ලොවටම හඩගා කිව යුත්තක් රටේ කිර්ති නාමය වෙනුවෙන්.(ම)
හරි වැඩේ නේද? දැන් මොකද කරන්නේ? (නි)
මොනවා? (නි)
චැනල් ෆෝ නාලිකාව අපේ හමුදාවන්ට පහරගැසීම සඳහා හදන මේ තුට්ටු දෙකේ වාර්තා චිත්‍රපට වලින් ඒවා හදන අයගේ නිරුවත පෙනෙන බව මේ කතාවෙන්ම ඔප්පුවෙනවා !!!! (ම)
2009 සිට 2013 ට හතරයිනේ. එතකොට චැනල් 4 හරිනේ (බ)
දැන් ඔය ඉන්දියාවේ ඉදන් කියලයි එක එක රට වල ඉදන් නැවත ලංකාවේ පදිංචියට එනවා කියල අපිට ඇහෙන්නේ ඔය අතුරුදන් වෙච්චි කට්ටිය තමයි. අනික උතුරේ දේශ පාලකයෝ කියන කියන පදේට නටන අපේ අයියල දෙන්නවත් ගස් බදින්න ඕනේ ...? (බ)
එකවාගේ හත් දෙනෙක් ඉන්නවා (ම)
අපේ විදේශ සේවය මේවා ලොවට ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ මොකද? (ම)
පරණගම වාර්තාව ප්‍රසිද්ධ වෙලා කොච්චර කාලයකට පස්සෙද මේ කතාව එලියට එන්නේ. (ර)
මේක තමයි ඇත්ත ඇයි මේ බොරු ගැනත් හොයන්නේ නැත්තේ. මේකෙන් අපේ රටටම නේද අපකීර්තිය (බ)
මේවට තමා පුනරුප්පත්තිය කියන්නේ. තව ඉන්නවා මේ විදිහටම "අතුරුදහන්" වෙච්ච අය...(බ)
කොටින්ට විදේශ රට වලින් රැකවරණය ලැබෙනවා ඒකයි ඇත්ත. අපේ හමුදාවට අපේ රටේ රැකවරනයවත් නෑ. හමුදාව බැදිල ඉන්නවා රටක් රකින්න රට බැදෙන්න ඕන හමුදාව රකින්න (බ)
ඔන්න ඔහොමයී කට්ටිය "අතුරුදහන්" වුනේ.(බ)
වැඩේ මාට්ටු නේද ? (ර)
මම මීට කලකට පෙර කොමෙන්ට් එකක් දැම්ම තව ටික කාලෙකින් අතුරුදන් වුවන් පිටරටවලින් මතුවේවි කියලා. හරියට හරි වගේ. (ර)
ඒ අම්මට සත්‍ය ප්‍රකාශ කිරීම ගැන යුක්තිය ,සත්‍ය,ගරු කරන ශ්‍රී ලක්වැසි සැමගේම ශිර්ෂ ප්‍රණාමය ..දිර්ඝායු අම්මේ .. (බ)
චැනල් 4 කියන්නේ කන්න ඕනා උනාම කබර මාළු තලගොයි මාළු කරන සංවිධානයක්. (ර)
ඒ අම්මාට ආරක්ෂාව දෙන්න වෙයි, තාම අළු යට ගිනි තියාගෙන ඉන්න එල් ටි ටි ඊ කට්ටිය ඉන්නවා. (ර)
මේක සමහරු වැරදියට තේරුම් අරන් ඉන්නේ. (නි)
කවදාහරි සත්‍යය ජයගන්නවා. (නි)
ඕක තමයි සත්‍යය. බොරුවට පහුගිය රජයට මඩ ගහන්නේ (නි)
ප්‍රගීත් එක්නැලිගොඩලාත් ඔහොම මතුවෙයිද දන්නෙ නැහැ (නි)