නොයෙක් හේතු මත අතුරුදන්ව සිටින පුද්ගලයන් සඳහා මරණ සහතික වෙනුවට ‘නුදුටු සහතික’ නිකුත් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අතුරුදන් වූ අයකුට මරණ සහතික නිකුත් කළ නොහැකි බව කී ඇමති අතුරුදන් වූ පුද්ගලයන් රට පුරා විසි දහසකට අධික පිරිසක් සිටින බව කීය.
ඒ අය වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට ‘නුදුටු සහතික’ නිකුත් කරන බවද කී ඇමතිවරයා ඒ සඳහා අනුමැතිය ලැබී ඇතැයි ද කීය.
එය නීතියක් බවට පත් කිරීම සඳහා මේ වබ විට නීති කෙටුම්පත් අංශයට එම කරුණ යොමු කර ඇති බව ද ඇමතිවරයා පැවසීය.
අතුරුදන්ව සිටින්නේ රජයේ සේවකයෙකු නම් මෙම නුදුටු සහතිකය ඉදිරිපත් කර වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ලබා ගැනීමට හැකි වන බව ද කීය.
මෙම සහතිකය නිකුත් කරනු ලැබීමෙන් පසු යම් හෙයකින් එකී අතුරුදන් පුද්ගලයා යළි පැමිණියහොත් එම සහතිකය මගින් ලැබෙන සියලු වරප්‍රසාද අහිමිවනු ඇතැයි ද ඇමති කීය.
ඇමති වජිර අබේවර්ධන මහතා මේ අදහස් පළ කළේ මාතර දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විවාදය කල් තැබීමේ අවස්තාවේ ඇසූ පානයකට පිළිතුරු දෙමිණි.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අතුරුදන් වූවන්ට නුදුටු සහතිකේ එයි
ලෙස්ලි Saturday, 13 February 2016 01:46 AM
මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ (නි)
ගුණවර්ධන Saturday, 13 February 2016 09:02 AM
එක්නැලිගොඩ ගේ ගෑනිට ඕකෙන් එකක් දීල අපේ හාමුදුරුවන්ව එලියට දාන්න .....(බ)
අනුල Saturday, 13 February 2016 03:40 AM
අර පිටරට පැනල ඉන්න අතුරුදහන් අයට කල්ල මරේ (බ)
දීපාල් Saturday, 13 February 2016 01:49 PM
යෝජනාව නම් හොඳයි. හැබැයි ඇමතිතුමනි මේ ශ්‍රී ලංකාව තුළ රාජකාරි කටයුතු වලට විතරක් වලංගුවෙන විදියකට නිකුත් කරන්න මතක තියා ගනිමු. ඒ වගේම රජයේ කාර්යාලයකින් ගන්න පුළුවන් වෙන සහතිකයක් වෙන්නත් ඕනෑ. (නි)