නොයෙක් හේතු මත අතුරුදන්ව සිටින පුද්ගලයන් සඳහා මරණ සහතික වෙනුවට ‘නුදුටු සහතික’ නිකුත් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අතුරුදන් වූ අයකුට මරණ සහතික නිකුත් කළ නොහැකි බව කී ඇමති අතුරුදන් වූ පුද්ගලයන් රට පුරා විසි දහසකට අධික පිරිසක් සිටින බව කීය.
ඒ අය වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට ‘නුදුටු සහතික’ නිකුත් කරන බවද කී ඇමතිවරයා ඒ සඳහා අනුමැතිය ලැබී ඇතැයි ද කීය.
එය නීතියක් බවට පත් කිරීම සඳහා මේ වබ විට නීති කෙටුම්පත් අංශයට එම කරුණ යොමු කර ඇති බව ද ඇමතිවරයා පැවසීය.
අතුරුදන්ව සිටින්නේ රජයේ සේවකයෙකු නම් මෙම නුදුටු සහතිකය ඉදිරිපත් කර වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ලබා ගැනීමට හැකි වන බව ද කීය.
මෙම සහතිකය නිකුත් කරනු ලැබීමෙන් පසු යම් හෙයකින් එකී අතුරුදන් පුද්ගලයා යළි පැමිණියහොත් එම සහතිකය මගින් ලැබෙන සියලු වරප්‍රසාද අහිමිවනු ඇතැයි ද ඇමති කීය.
ඇමති වජිර අබේවර්ධන මහතා මේ අදහස් පළ කළේ මාතර දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විවාදය කල් තැබීමේ අවස්තාවේ ඇසූ පානයකට පිළිතුරු දෙමිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ (නි)
එක්නැලිගොඩ ගේ ගෑනිට ඕකෙන් එකක් දීල අපේ හාමුදුරුවන්ව එලියට දාන්න .....(බ)
අර පිටරට පැනල ඉන්න අතුරුදහන් අයට කල්ල මරේ (බ)
යෝජනාව නම් හොඳයි. හැබැයි ඇමතිතුමනි මේ ශ්‍රී ලංකාව තුළ රාජකාරි කටයුතු වලට විතරක් වලංගුවෙන විදියකට නිකුත් කරන්න මතක තියා ගනිමු. ඒ වගේම රජයේ කාර්යාලයකින් ගන්න පුළුවන් වෙන සහතිකයක් වෙන්නත් ඕනෑ. (නි)