බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් සියලූම පුද්ගලයන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තැබීමට රජය තීරණය කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා මීට අදාළව ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව සඳහන්ය.
කිසිදු පුද්ගලයෙකු බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට භාජන නොකළ යුතු අතර එය මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් ලෙස අර්ථ දක්වා එසේ අතුරුදන් කිරීම අපරාධමය වරදක් ලෙස සලකා නීති පැනවීම මෙම ජාත්‍යන්තර සම්මුතිය මඟින් සිදුවෙයි. මේ වන විට රාජ්‍යයන් 94ක් මෙම සම්මුතියට අත්සන් තබා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද ඉතින් කැමැත්තෙන් අතුරුදහන් වෙන්නේ? (නි)
අන්න හොද වැඩක් යෝජනා කරලා තියනවා මෙතුමා.(ම)