අතුරුගිරියේ උත්සව ශාලාවක සේවකයකු කඩු සහ පොලුවලින් පහරදී මරාදමා ඇතැයි පොලීසිය කියයි. ඉරිදා රාත්‍රී එහි පැමිණි පිරිසක් සේවකයන් සමග ඇතිකැරගත් ආරවුලකදී මෙම ඝාතනය සිදුකැර ඇත.
අතුරුගිරියේ උත්සව ශාලාවක සේවකයකු කඩු සහ පොලුවලින් පහරදී මරාදමා ඇතැයි පොලීසිය කියයි. ඉරිදා රාත්‍රී එහි පැමිණි පිරිසක් සේවකයන් සමග ඇතිකැරගත් ආරවුලකදී මෙම ඝාතනය සිදුකැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ මේ හැමදේටම මේ මිනිසුන්ගේ දෙමාපියන්ගේ ඉදලම වැරදියි. මොකද මොන තනතුරක් දරල එලියට එන්න කලින්නේ ගෙදරින් පාසලෙන් පටන් ගන්නේ. එතැනදී හරි විදියට එලියට යන්නැති අය තමා මේ විදියට සමාජයේ පාහර වැඩ කරන්නේ. හැමදේටම කලින් අම්ම නලවන තැන ඉදල සමාජය වෙනස් විය යුතුයි.(නදී)
කුමාරි ඔබේ අදහස හරියටම හරි. "තොටිල්ලෙන් ඇතිවෙන පුරුද්ද සොහොන දක්වාම වෙනස් නොවේ" කියලා කතාවක් තිබෙනවා. දෙමාපියන්ගේ වගකීම හරියට ඉටුවෙනවාද කියන එක ගොඩක් වැදගත්. තම දරුවන්ගේ සියළුම ක්‍රියාකාරකම් ගැන සොයා බැලීම වරදක් කල විට එය ඔවුන්ට පෙන්වා දී නැවතත් එවැනි වැරද්දක් නොකිරීමට වගබලා ගැනීම වැනි දේවල්. නමුත් අවාසනාවකට මෙන් අද කාලේ බොහෝ තාත්තලාගෙන් තමා දරුවන් හැම වැරදි වැඩක්ම ඉගෙන ගන්නේ. සත්‍යා - රටක සිදුවෙන හැම අපරාධයකට රජයට වග කියන්න බැහැ. නමුත් රජය නියෝජනය කරන උදවිය අපරාධ වලට සම්බන්ධ බව අපිත් පිලිගන්නවා. (ස)
අපි නිතරම අපේ අවුරුදු 2000 ක ලිඛිත ඉතිහාසය, සංස්කෘතිය ගැන කියෙව්වට මේක තමා දැන් සත්‍යය. පොඩ්ඩ බැරි උනා ද, මරල දැම්මා. කෙල්ල තරහ උනා ද, පවුලම මරල දැම්මා. සංගීත සංදර්ශනයේ දී ඇඟේ හැපුන ද, පිහියෙන් අනිනවා. පාරේ යනකොට නලාව ගැහුවොත් ඇඟට කපනවා. අපිට වඩා කෙටි ඉතිහාසයක් තියෙන, අපි දියුණු කාලේ ඒ අය වනචාරීන් හැටියට හිටිය කියල අපි සලකන රටවල මිනිස්සු අද කාලේ බොහොම හොඳින් හැසිරෙනවා. (ස)
සෙයිලනිකස් - ඔයාගේ අදහස් නම් වටිනවා. අපේ රටේ වර්තමාන තත්වය ඉතාමත් භයානක තත්වයකට හැරෙමින් තිබෙනවා. (ස)
අපේ රටේ වගකිවයුත්තන්ගේ ඇස් නොපෙනීම, කන් නොඇසීම, ගද සුවද නොදැනීම තමයි මේ සියල්ලටම මුල (නි)
බණ අහන්නෙ ජොලියට හැදෙන්න නෙවේ. පල්ලි යන්නෙ සොමියට පිලි පදින්න නෙවේ. වැඩක් නැහැ කතා කරලා. (ස)
තමා අදහන ආගම නියත වශයෙන්ම අවංකව පිලිපදිනවා නම් පමනයි මෙවෙනි මහත් විපත්වලින් අපේ රට ගලවාගන්න පුළුවන් වෙන්නේ.(නදී)
අප්පෝ එක් කෙනෙක් ද මරල තියෙන්නේ. වැඩක් නෑනේ .....! (ස)
ධර්මද්දීපයේ , තවත් අපායේ ප්‍රාන්ත.(නදී)
සුමංගල සමග එකඟ වීමට සිදුවෙනවා. මිනිස්සුන්ට ඉවසීම පුරුදු කරන දේ කිරීම පාලකයන්ගේ යුතුකමක්. (නදී)
අපරාදේ කියන්න බෑ නන්ද අපට ඉවසීම නම් හොඳට පුරුදු කරවලා තියෙන්නේ. ජීවිත වලට වඩා සල්ලි ලොකු වෙලා තියෙන්නේ ඒකනේ. (නදී)
ඒ වුනාට වෙසක් දවසට, පොසොන් දවසට එලියට බැහැල බැලුවාම මුළු ලංකාවේම ඉන්නේ පස් පව් වලින් වැළකුණු මහා පිංවතුන් පිරිසක් ද කියල හිතෙනවා.(නදී)