IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අතුරුගිරිය උත්සව හලේ ඝාතනයක්

අතුරුගිරියේ උත්සව ශාලාවක සේවකයකු කඩු සහ පොලුවලින් පහරදී මරාදමා ඇතැයි පොලීසිය කියයි. ඉරිදා රාත්‍රී එහි පැමිණි පිරිසක් සේවකයන් සමග ඇතිකැරගත් ආරවුලකදී මෙම ඝාතනය සිදුකැර ඇත.



අදහස් (0)

අතුරුගිරිය උත්සව හලේ ඝාතනයක්

කුමාරි Monday, 02 December 2013 09:22 AM

මම නම් කියන්නේ මේ හැමදේටම මේ මිනිසුන්ගේ දෙමාපියන්ගේ ඉදලම වැරදියි. මොකද මොන තනතුරක් දරල එලියට එන්න කලින්නේ ගෙදරින් පාසලෙන් පටන් ගන්නේ. එතැනදී හරි විදියට එලියට යන්නැති අය තමා මේ විදියට සමාජයේ පාහර වැඩ කරන්නේ. හැමදේටම කලින් අම්ම නලවන තැන ඉදල සමාජය වෙනස් විය යුතුයි.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් -කටාර් Monday, 02 December 2013 10:17 AM

කුමාරි ඔබේ අදහස හරියටම හරි. "තොටිල්ලෙන් ඇතිවෙන පුරුද්ද සොහොන දක්වාම වෙනස් නොවේ" කියලා කතාවක් තිබෙනවා. දෙමාපියන්ගේ වගකීම හරියට ඉටුවෙනවාද කියන එක ගොඩක් වැදගත්. තම දරුවන්ගේ සියළුම ක්‍රියාකාරකම් ගැන සොයා බැලීම වරදක් කල විට එය ඔවුන්ට පෙන්වා දී නැවතත් එවැනි වැරද්දක් නොකිරීමට වගබලා ගැනීම වැනි දේවල්. නමුත් අවාසනාවකට මෙන් අද කාලේ බොහෝ තාත්තලාගෙන් තමා දරුවන් හැම වැරදි වැඩක්ම ඉගෙන ගන්නේ. සත්‍යා - රටක සිදුවෙන හැම අපරාධයකට රජයට වග කියන්න බැහැ. නමුත් රජය නියෝජනය කරන උදවිය අපරාධ වලට සම්බන්ධ බව අපිත් පිලිගන්නවා. (ස)

:       0       0

සෙයිලනිකස් Monday, 02 December 2013 11:15 AM

අපි නිතරම අපේ අවුරුදු 2000 ක ලිඛිත ඉතිහාසය, සංස්කෘතිය ගැන කියෙව්වට මේක තමා දැන් සත්‍යය. පොඩ්ඩ බැරි උනා ද, මරල දැම්මා. කෙල්ල තරහ උනා ද, පවුලම මරල දැම්මා. සංගීත සංදර්ශනයේ දී ඇඟේ හැපුන ද, පිහියෙන් අනිනවා. පාරේ යනකොට නලාව ගැහුවොත් ඇඟට කපනවා. අපිට වඩා කෙටි ඉතිහාසයක් තියෙන, අපි දියුණු කාලේ ඒ අය වනචාරීන් හැටියට හිටිය කියල අපි සලකන රටවල මිනිස්සු අද කාලේ බොහොම හොඳින් හැසිරෙනවා. (ස)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 02 December 2013 11:32 AM

සෙයිලනිකස් - ඔයාගේ අදහස් නම් වටිනවා. අපේ රටේ වර්තමාන තත්වය ඉතාමත් භයානක තත්වයකට හැරෙමින් තිබෙනවා. (ස)

:       0       0

දයා අළහකෝන් Monday, 02 December 2013 06:13 PM

අපේ රටේ වගකිවයුත්තන්ගේ ඇස් නොපෙනීම, කන් නොඇසීම, ගද සුවද නොදැනීම තමයි මේ සියල්ලටම මුල (නි)

:       0       0

අමිල - කටුනායක Monday, 02 December 2013 01:02 PM

බණ අහන්නෙ ජොලියට හැදෙන්න නෙවේ. පල්ලි යන්නෙ සොමියට පිලි පදින්න නෙවේ. වැඩක් නැහැ කතා කරලා. (ස)

:       0       0

මරික්කාර් Monday, 02 December 2013 01:18 PM

තමා අදහන ආගම නියත වශයෙන්ම අවංකව පිලිපදිනවා නම් පමනයි මෙවෙනි මහත් විපත්වලින් අපේ රට ගලවාගන්න පුළුවන් වෙන්නේ.(නදී)

:       0       0

මහින්ද - ඩුබායි Monday, 02 December 2013 01:56 PM

අප්පෝ එක් කෙනෙක් ද මරල තියෙන්නේ. වැඩක් නෑනේ .....! (ස)

:       0       0

සුමංගල ඇල්පිටිය Monday, 02 December 2013 07:19 AM

ධර්මද්දීපයේ , තවත් අපායේ ප්‍රාන්ත.(නදී)

:       0       0

නන්ද Monday, 02 December 2013 07:27 AM

සුමංගල සමග එකඟ වීමට සිදුවෙනවා. මිනිස්සුන්ට ඉවසීම පුරුදු කරන දේ කිරීම පාලකයන්ගේ යුතුකමක්. (නදී)

:       0       0

සුමංගල ඇල්පිටිය Monday, 02 December 2013 07:45 AM

අපරාදේ කියන්න බෑ නන්ද අපට ඉවසීම නම් හොඳට පුරුදු කරවලා තියෙන්නේ. ජීවිත වලට වඩා සල්ලි ලොකු වෙලා තියෙන්නේ ඒකනේ. (නදී)

:       0       0

සමන් කුමාර Monday, 02 December 2013 08:46 AM

ඒ වුනාට වෙසක් දවසට, පොසොන් දවසට එලියට බැහැල බැලුවාම මුළු ලංකාවේම ඉන්නේ පස් පව් වලින් වැළකුණු මහා පිංවතුන් පිරිසක් ද කියල හිතෙනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 312 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site