රුපියල් දාහත් ලක්ෂ තිස් දහසක් වටිනා රත්තරන් බිස්කට් දෙකක් ගුද මාර්ගයේ සගවාගෙන, නිම නොකල රන් වළලූ තුනක් සහ කර මාලයක් පැළඳ ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකාරිය වත්තල මා බෝල ප‍්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවිකි.
මින් පෙර ශරීර අභ්‍යන්තරයේ රන් සගවාගෙන ගොස් අසු වුයේ පිරිමින් පමණක් බවද කාන්තාවක් අසු වූ ප‍්‍රථම අවස්ථාව මෙය බවද රේගුව කියයි.
අත් අත්ඩංගුවට ගත් රන් බිස්කට් සහ ආභරණ වල බර ග‍්‍රෑම් තුන්සිය හතලිස් හයකි.
ඇය එයාර් ඉන්ඩියා ගුවන්සේවයට අයත් ගුවන් යානයකින් ඉන්දියාවේ චෙන්නායි බල යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී රේගු නිලධාරීන්ට ඇති වු සැකයක් මත අත්අඩංගුවට ගෙන මිගමුව රෝහලට ඇතුලත් කර ඇත.
මීගමුව රෝහලේදී මෙම රත්තරන් බිස්කට් ඉවතට ගෙන ඇති බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධයක්ෂක ඒ.කේ.එන් වික‍්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් රේගු අදිකාරී මලිත් පෙරේරා සහ සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, මංජුල කුමාර, ලලිත් දුෂ්‍යන්ත, සිසිර පෙරේරා, හිමාලි ලොකු බාලසුරිය යන නිලධාරීහු සිදු කරති.
මේ පිළිබඳ රේගු පරීක්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික‍්‍රමසිංහ මහතා විසින් සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රථම කාන්තව වීම ගැන මගේ සුබ පැතුම් .(නදී)..
හොර වැඩ කරන අයට මේ ක්‍රමය සාර්ථකයි. හැබැයි රේගු නිලධාරීන් වැඩි පුර චෙක් කරයිද කියන එකයි ප්‍රශ්නේ.(නදී)
නියම ඇති නේද? (නදී)
ළමා කාලයේ කෝමට හින්න ඇතිද? (ස)
චැනල් කරලා ගුද මාර්ගය පරීක්ෂා කරන එක ලංකාවේ පෞද්ගලික රෝහලකට ගිහිල්ල කරගන්න ගියා නම් මේ රාජ සන්තක වූ රත්තරන් වල වටිනාකමට ආසන්න ගානක් ගෙවන්න වෙනවා. අනික බලන්නෙත් එක දොස්තරයි. මෙතන ටීම් එකක්ම එකවර අත දාන නිසා ආතල් සමගින් සොමියකුත් දැනෙනවා ඇති. ඒකයි මේ අහුවෙන ප්‍රවණතාවය ඉක්මවා වැඩි වැඩියෙන් ගුද මාර්ග ප්‍රවාහනය දිනපතා ජනප්‍රිය වෙලා තියෙන්න. (ස)
මාබෝලේ වඅඩිහරියක් ඉන්නේ ඒ ගොල්ලෝ තමයි. (නදී)
ගුද මාර්ගයේ රන් කිලෝ කීයක් පමණ රන් ගෙනියන්න පුලුවන්ද? (ස)
අනේ අප්පේ? (නදී)
ගුද මාර්ගයේ විතරද දන්නේ නැහැ හංගගෙන ගියේ? (නදී)
හැම තැනම රන් ගහගෙන යන්න හදලා තියෙන්නේ. ලංකාවෙන් පිටට ගෙනි යන්න පුලුවන් රන් ප්‍රමාණය ගැන රේගු නිලධරයෙක් ඉන්නවානම් පැහැදිලිව මෙතනට ලියන්න. (නදී)
කිරි අප්පට බල්ලෝ පැනපි. මේ වැඩේට ලකුණු දාගන්න රේගුවේ ඉහල ඉඳන් පල්ලෙහාට කී දෙනෙක් නම් රිංගල තියෙනවද.? අනේ අහිංසක රේගූ නිරීක්ෂකයා එකත් එක්ක පැත්තකට දාල ඇති? (නදී)
මේ අයට මාර්ගවල් කියක් තියෙනවද මේ වැඩවලට. රටින් පිට වෙද්දී මාර්ගවල් පුර්ණ පරික්ෂාවට ලක් කරන්න ඕනේ (නදී)
වන්දනාවේ යන කට්ටිය නේද මොවුන් ධර්මයත් විකුණන් කනවා. (ස)
අනේ කාලේ වනේ වාසේ. 62 දී මෙහෙමනම් 26 දී මොනවා කොරන්ට ඇත්ද? (නදී)
වයසට ගියත් තව වටිනවා කොහොමද දැන ගත්තේ (නදී)
ඔයින් ගියා ඇති.(නදී)
ලැජ්ජාවක් නෙති ගැහැණු තමයි මෙවැනි දේ කරන්නේ.(නදී)
ලැජ්ජාවක් නැති ගැහැණු අයයි මේ වගේ වැඩ කරන්නේ.(නදී)
මෙන්න මේකට තමයි ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගන්නවා කියන්නේ. ගුද මාර්ගයෙන් හොඳට වැඩ ගත යුතු කෙනෙක් වගෙයි. (නදී)
විකී සොයුරා ඇතුළු සැමට නැවතත් සුබ පැතුම්! අර බාල් අහනවා වගේ, ශරීරයේ වෙනත් ස්ථාන මෙතෙක් අහුවෙලා නැද්ද හැබැට? ඒ ස්ථාන දැනටමත් රත්තරන් කියල හිතාගෙන ඉන්න නිසා සමහරවිට මේ වැඩේට පාවිච්චියට ගන්නේ නැතුව ඇති, නේද? (නදී)
පරීක්ෂා කරනකොට මොකක්ද වගේ කියලා හිතෙන්න ඇති නේද? (නදී)
චීයා.(නදී)
සුනිල්, එක නම් තීරණය වෙන්න එක එක්කෙනාගේ හැටියටයි. (නදී)
තව පොඩ්ඩක් එහා මෙහා වුනානම්.(නදී)
ගැහැණු කට්ටියට ලැජ්ජා හිතිලද ප්‍රතිචාර නැත්තේ? (නදී)