යාන්ත්‍රික ලී ඉරීමේ යන්ත්‍ර දෙකකට හසු වී වම් අත මැණික් කටුව ළගින්ද දකුණු පාදය දණ හිස ළගින් ද වෙන් වු සේවකයකුට එම අවයව බද්ධ කිරීමේ පැය දොළහක සැත්කමක් සාර්ථකව අවසන් කළ බව කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකය කියයි.
ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය කණ්ඩායම් තුනක් මේ සැත්කමට එක් වු බව ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකයේ ප්‍රධානී වෛද්‍ය දුලිප් පෙරේරා මහතා පවසයි.
දැරණියගල තිදරු පියෙක් (59) මේ සැත්කමට ලක් විය.
මුල්ලේරියාව රෝහලේ සිට තුවාල කරු පස් වැනිදා සවස 4.30 ට ජාතික රෝහලට ඇතුළු කළ බව සැත්කම සම්බන්ධයෙන් නායකත්වය ගෙන ක්‍රියා කළ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ලේඛකාධිකාරි වෛද්‍ය කපිල මෙන්ඩිස් මහතා කියයි.
‘රෝගියාගේ අත් දෙකකුත් පයකුත් කැපී තිබුණා.වෙන් වු කොටස් අයිස් වල බහා නිසි පරිදි රැගෙන විත් තිබුණා. දකුණු කකුල සම්පුර්ණයෙන් වෙන් වී නොතිබුණත් නහර වලින් එල්ලෙමින් තිබුණා.
දකුණු අත ඉරුම් යන්ත්‍රයේ දැති වලට හසු වී ඇඹරිගොස් තිබුණා .ඒ අනුව ඒ අතේ වෙන් වු කොටස බද්ධ කළේ නෑ.එහෙත් වම් අත හා දකුණු පාදය බේරා ගත්තා. සැත්කම් තුනක් එකවිට කිරීමත්, බද්ධ කළ යුතු අවයව ‘නරක්වීමට පෙර‘ බද්ධ කිරීමත් අප මුහුණ දුන් ලොකු අභියෝගයක් .එහෙයින් වෛද්‍යවරුන් දෙදෙනා බැගින් කණ්ඩායම් දෙකකට බෙදී වම් හා දකුණු අතට කණ්ඩායම් දෙකකුත් දකුණු කකුලට තවත් කණ්ඩායමකුත් යොදා ගැනුණා.
තුවාලකරුගේ පාදයේ ලේ නහර වලට හානි සිදු වී තිබුණේ නැහැ .ඒක විශේෂ වාසියක්.රෝගියාගෙන් අධික ලෙස ලේ වහනය වීම නිසා ඔහු යම් තරමතට අඩපණ වී සිටිනවා.‘
ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ උප ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරුන් වන ධම්මික දිසානායක හා කුෂාන් බෙනරගම මහත්වරු මෙසේ පැවසුහ.
‘මෙවැනි යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේදී ආරක්ෂක ආවරණද ආරක්ෂක ක්‍රමද භාවිත නොකිරීම නිසා මේ අනතුරු සිදුවනවා.අත් පා යන්ත්‍රවලට හසුවීමෙන් තුවාල වන අයගේ සංඛ්‍යාව ඉහළ යන බව පේනවා.‘
අනතුර ලක් වු රෝගියාගේ පුත් දිනිදු සඳරුවන් (24)
‘නංගි මල්ලියි මමයි අම්මයි ජීවත් වන්නේ තාත්තා ලී මෝලෙන් උපයන මුදලින්.වැඩ කළේ හිඹූටානේ.පුංචි දැති රෝද සහිත පොඩි මැෂිමේ හිර වු ලී කොටයක් ගැනීමට තාත්තා ගිහින් තියෙනවා. සරම පැටලී තාත්තා ලොකු මැෂිමට විසි වී තිබෙනවා.තුවාල සිදු වී ඇත්තේ ඒ අවස්ථාවේ.
තාත්තාගේ කකුලක් 2012 දීත් ලී ඉරුම් යන්ත්‍රයකට හසු වුණා .ඉන් පසු තාත්තා ආබාධිත තත්ත්වයට පත් වුණා.‘
ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන විශේෂඥ ශල්‍ය වෛද්‍ය දුලීප් පෙරේරා,එම අංශ උප ප්‍රධානී ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍ය ධම්මික දිසානායක මහත්වරුන්ගේ අධික්ෂණයෙන් ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරීවරුන් තිදෙනෙක් වන කපිල මෙන්ඩිස් ,අමිල සිරිවර්ධන,කේ චෙලියන්,ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් දෙපළක් වන රවීන්ද්‍ර රාජපක්ෂ,අනුෂ ගුණසේකර යන මහත්මීන් නිර්වින්දන වෛද්‍ය ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී සුනිතා රත්නසිරි මහත්මිය,සහ නිර්වින්දන වෛද්‍යවරුන් වන වසන්තා පිරිස් ,ඒ රමේෂ් යන මහත්වරු ද හෙද හෙදි කාර්ය මණ්ඩල ලේඛකාධිකාරී වෛද්‍ය නිශාන්ත වීරසිංහ යන මහත්වරු ඇතුළු කණ්ඩායම මේ සැත්කම සිදු කළහ.
ප්‍රධාන ශල්‍ය වෛද්‍ය දුලීප් පෙරේරා
ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ උප ප්‍රධාන විශේෂඥ වෛද්‍ය ධම්මික දිසානායක
වෛද්‍ය තුෂාන්
ජ්‍යෙෂ්ඨ ව්‍යෛ රවීන්ද්‍ර රාජපක්ෂ
ජ්‍යෙෂ්ඨ වෛද්‍ය අන්ෂා ගුණසේකර
වෛද්‍ය කපිල මෙන්ඩිස්
වෛද නිශාන්ත වීරසිංහ
ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී අමිල සිරිවර්ධන
අනතුරට ලක්වු සෝමසිරිගේ පුත් දිනිදු සදරුවන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සත් ක්‍රියාව සිදු කල ඔබ සැමට නිදුක් නිරෝගී සුවත් දීර්ඝායුෂ ලැබෙවා! (නදී)
දෙවි වරු පඩි බලන් වැඩ කරන්නේ නැහැනේ අනු.(නදී)
සියළු දෙනාටම යෝධ බල යොධ ශක්තිය ලැබේවා... සියළුම වෛද්‍යවරුන්ට ස්තුතියි....!! (නදී)
දුබි වල මගේ යාලුවෙක්ගෙ ඇත මැසිමට අසුවුණා එක එක් කරන්න දුබි වල වෛද්‍යවරුන්ට බැරි වුණා. සම්පත් තාක්ෂනය තිබිලත් ඒ අතින් අපේ වෛද්‍යවරු දක්ෂයි (අ)
ෂෙරින් කොහොමද ඔබව සම්බන්ද කර ගන්නේ, අපිටත් උවමනායි මේ සත් ක්‍රියාවට දායක වෙන්න. (නදී)
අපේ රටේ කර්මාන්ත ශාලා වල සේවකයන්ගේ ආරක්ෂාව ගැන තියන ක්‍රියා පිළිවෙත් බොහොම අඩු සැලකීමක් තියෙන්නේ. රජයෙන් සේවකයන්ගේ ආරක්ෂාව ගැන තද නීති රීති ගැන නිතර දැනුවත් කිරීම වැදගත්. ඕස්ට්‍රේලියාවේ මෙහෙම දෙයක් උනොත් ලක්ෂ 50ක වත් දඩයක් ගහනවා. මේ වගේ නීති චරියාවේ යෙදවීමෙන් මෙවෙනි දේවල් අඩු කර ගත හැකියි.(නදී).
වෛද්‍ය අමිල සිරිවර්දන මහතා ආයෙත් මෙවැනි විස්මිත සැත්කමකින් දකින්න ලැබීම සතුටක්, ඔබ රාහුලයටත් මාතර ටත් ආඩම්බරයක්, ඔබසැමට තෙරුවන් සරණි, ඔබලාගේ වටිනාකම මේ රටට රජයට දැනේවා, අපට නම් ඔබ සම සම්පතකි (ස)
අපේ සුභ පැතුම්! (නි)
තිලක් මහත්තයාගේ අදහස හරි. මගේ කකුලත් දෙකට කැඩුණු වෙලාවේ ජාතික රෝහලයේ දොස්තර වරු (දෙවිවරු.) විසින් මට අද හොදට පොළොවේ පය ගහල යන්ඩ පුළුවන් විදිහට හදලා දුන්නා මම නම් කියන්න මේ අය දොස්තරවරු නොවේ අපේ දෙවිවරු ඔබ සියළු දෙනාටම යෝධ බල යොධ ශක්තිය ලැබේවා! . අපේ දක්ෂ වෛද්‍යවරුන්ට පින්සිදුවේවා !!!!!!! (ස)
අපේ රටේ දුලබ සහ අගනාම වස්තුන් වේද දෙවිවරු සහ ගොවි දෙවිවරු , අපේ රටේ තව තවත් බිහිවේවා . (ස)
කෝ කාගෙන් වත්, පවුල වෙනුවෙන් උදවුවක් කරන්න ඉදිරිපත් වීමක් නම් තම මට කතා කලේ නෑ.ගොඩක් කල් අරින නැතුව ඉක්මනින් කරන උදවුවක් කරමු.අලුත් අවුරුද්දේ බොරු වියදන් වලින් රුපියල් 1000 ක් අඩු කලත් මන් කියපු දේ කරන්න බැරි වෙන් න.අරුණ හරි (අ)
මම හැමදාමත් ලංකාවේ දොස්තර මහත්වරුන්ට ගරු කරනවා. ඔවුන් සීමිත සම්පත්වලින් තමයි මේ දේවල් කරන්නේ. ඒක තමයි ඔවුන්ගේ දක්ෂකම. ඔබලා සියලු දෙනාටම තෙරුවන් සරණ පතමි. (නදී)
මේ අපි දකින්නේ ජීවමාන දෙවිවරු ............ඔබ සියලුදෙනාට ලක්වාසී අප සියල්ලෝ සදා නයගැතියි.(නදී)
තිලක් මහතාණෙනි සම්පූර්ණයෙන්ම කතාව ඇත්ත. මම වැඩ කරන්නේ සෞදියේ ප්‍රදාන රෝහලක ඉංජිනේරු අංශයේ. මෙහෙ ඉන්න දොස්තරලගේ වැඩ කතා කරලා වැඩක් නැහැ. අවුරුදු 13 ලංකාවේ දොස්තරලා එක්ක වැඩකරලා මෙහෙට ආපුහම මුන් මොන බොරුද කරන්නේ කියලා තේරෙනවා. උන්ට පුළුවන් ඩෙන්ටල් විතරයි හොදට.(නදී)
මිහි පිට දෙවිවරු ඔබ සියලු දෙනාටම යෝද ශක්තිය ලැබේවා! (නදී)
ඔබලා හැදු වැඩු දෙමව්පියන්ටත් , ඔබ සියලු දෙනාටත් , ඔබේ පවූල්වල සියලු දෙනාටත් තිසරණ සරණ පතමි. (නදී)
බුදු සරණයි සියලු දෙනාට (අ)
මට,මෙහෙම,සිද්දි දැක්කම,පුදුම වේදනාවක්,දැනෙන්නේ. පවු ඒ මනුස්සයා. දොස්තර මහත්තුරු නම් ඇත්ත ටම දෙවිවරු. මන් මේ අදහස් ලියන කට්ටියගෙන් යෝජනාවක් කලොත්, ඔයා ලා මොකද කියන්නේ? ඇත්තටම අදහසක් හරි දානවා කියන්නේ සමහරවිට හදවතක් ඇති කෙනෙක් වෙන්න ඕනා. ඉතින් අපි අදහස් දාල නිකන් ඉන්නේ නැතුව නරකද මේ අසරණ වෙලා ඉන්න පවුල වෙනුවෙන් උදව්වක් කලොත්? මට තනියම කරන්න පුළුවන් කමක් නැහැ. නැත්නම් මන් කාගෙන් වත් අහ අහ ඉන්නේ නැහැ. ඉතාලියේ ඉන්න රස්සා කරන අයට අඩුම තරමින් යුරෝ 20ක් දැම්මත් මන් හිතනවා අපිට හැකි වේවි කියලා. ඒ පවුලට පොඩි උදව්වක් කරන්න. අඩුම තරමෙන් පරණ ත්‍රී වීලයක් ගන්න ලක්ෂ එකහමාරක් වත් හදලා දෙන්න බලමුද? මන් විසිදාහක් විතර දෙන්නම්. ඔයාල සියලු දෙනා උදව් කරන්න කියලා මන් ඉල්ලීමක් කරනවා. ඒ මිනිස්සු ඉන් පස්සේ ජීවත් වේවි මොනා හරි කරන්. පුතෙක් ඉන්නේ නැත්නම් රස්සාවක් ලංකාවේ හරි එක්කෝ ගන්න පුළුවන් රටකට හරි අරන් උදවු කරන්න කියලා මන් ඉල්ලීමක් කරනවා. මගේ අංකේ ඉතාලියෙන් කෝල් ගද්දි ##########. ලංකාවේ ඉඳන් නම් ############## අපි හොස්පිටල් කෝල් කරලා එයාලගේ විස්තර ගමු. මන් මිට කලිනුත් එහෙම පුදුම අමාරුවකින් කට්ටියක් , හොයාන පොඩි උදවුවක් කලා.(නදී)
මිහිපිට ඉන්න දෙවිවරු වැනි ඔබලාට අපගේ උත්තමාචාරය. (නදී)
ඔබ තමා පුංචි ලංකාවේ සැබෑ දෙවිවරු . ඔබ හැදු වැඩු දෙමාපියන්ට ගොඩක් පින්.ඒ වගේම ඔබ සියලු දෙනාටම . (ස)
සමහරවිට, ලංකාදීප කාර්යාලේ දන්නවා ඇති මේ අයගේ දුරකතනය. පුළුවන් නම් පල කරන්න කියා ඉල්ලීම කරනවා. මම වගේ දුක හිතට දැනෙන අය මේ ලෝකේ තව ඉන්නවා. කව්රුත් උදව් කරයි අසරනයින්ට.(නදී)
මුළු මානව සංහතියම පැවැත්ම රදා පවතින්නේ මෙවැනි දෙවිවරු නිසයි. (නදී)
මෙහෙම කරන්න. එයාලට උදවු කරන්න වුවමනා කෙනෙක් ඉන්නවා නම් රෝහලට එක කෝල් කරන්න. .අපේ රටේ වංචා සිදු වෙන නිසා හොඳ දෙයක් කරන්න ගියත් ප්‍රශ්න එන්නේ අන්තිමට,කරන්න යන කෙනාටමයි. (නි)
ෂෙරින්,ඔයාගේ අදහස නියමයි. අපි ඒ අයට පුළුවන් විදියට උදව් කරමු.මම ඔයාට කතා කරන්නම්. (ස)
තවත් අහිංසක පියකුගේ ජීවිතයට පනදුන් ඔබසැමට බොහෝ පින්. තවද ලෙඩාට ඉක්මන් නිරෝගී සුව පතමි .ඔබවැනි වෛද්‍යවරැ රටට ආඩම්බරයක් . (ස)
මේ වෙද්දී එක මහත්මයෙක් ඕක්ලන්ඩ් කියන රටෙන් මට පණිවිඩයක් එවල තිබුන මගේ ෆෝන් එකට උදවු කරනවා කියල. තව මහත්මයෙක් ඉතාලියෙන් කතා කළා මට. මම ලංකාව ට කෝල් කරලා හොස්පිටල් එකෙන් පණිවිඩේ ගත්තු ගමන් මෙතනට ත්, එයාලගේ අංක වලටත් විස්තර එවන්නම් පින් සිද්ධ වෙනවා. මුදලේ අගය නෙවේ වටින්නේ, පුළුවන් විදිහට උදවුවක් කරන එක. ඇත්ත ට ම, එහෙම හිත දෙන්නත් පින් කරලා තියෙන්න ඕන, කියල බණ වලට කියනවා කියල මන් අහල තියෙනවා. (ස)
දෙවිවරු වගේ මිනිසුන් ලොව උපදින්නේ... මිනිසුන් අතර බව සමහරු නැහැ දන්නේ.....මුදලට නොවෙයි ,ජීවිතයකි ගොඩගන්නේ!...නුබලගේ සේවයට කොහොමද සලකන්නේ?... 2)දැඩිකළ මව්පියන් සහ ගුරුවරුන් හට....පවුලේ අයට සහ නුබලගේ දරුවන්ට...තිසරණ සරණ පිහිටෙන් නිදුකින් ඉන්ට........හදබැතියෙන් පතමි ආසිරි ඔබ සැමට!..(නදී)
අපේ ලංකාවේ තම හොදම දොස්තරලා ඉන්නේ. උණ ඇරුනම වෙන හැම අසනීපයකටම මම යන්නේ ලංකාවට. මම එක දන්නේ අද නෙවේ. ඇමරිකා එංග්ලන්ඩ් කීවත් මට හොදටම ෂුවර් ලංකාවේ දොස්තර මහත්වරු පමණි. (ස)
දෙවිවරුවන් වෛද්‍යවරුනි ඔබලාට ගොඩක් පින්.(නදී)
දොස්තර මහත්තයාටත් උදව් කළ සැමටත් තෙරුවන් සරණයි. රෝගියාටත් බුදු සරණයි. සියළු දෙවි පිහිටත් ආරක්ෂාවත් ලැබේවා.(නදී)
දීර්ගායුෂ ලැබේවා ! (ස)
චිත්‍ර තේනුවර / සංජිව,මේ අදහස් ගොඩේම ශේරින්ගේ අදහස් 2ක් තියෙනවා,එයින් පළමුව දාලා තියෙන අදහසේ ඇයගේ දුරකථන අංකය තියෙනවා ඒකට කතා කරන්න අය ඔයාලට අනතුරට පත්වුන මහත්මයාගේ දුරකථන අංකය සහ ලිපිනය දෙයි,එකට කතා කරලා ඔයාලාගේ ආධාරය දෙන්න.මමත් ශේරින්ගෙන් විස්තර අරගත්තා.ස්තුතියි ඔයාලාට ඒ අහිංසකයන්ට උදව් කරන්න කරනවට,ලංකාදීපයට මගේ ප්‍රර්නාමය. (ස)
මේ වගේ වෛද්‍යවරු අපේ ලංකාවේ සිටීම මහත් සතුටකි. මැද පෙරදිග රටවල් කොපමණ දියුණු රටවල් උනත් අපේ රටේ වගේ වෛද්‍යවරු මෙහෙ නැහැ.(නදී)
මම විශ්වාස කරන්නේ අපේ රටේ දොස්තර මහත්තුරු විතරයි. මම මගේ දනහිසේ ආබාධායකට ලංකාවට ගිහින් ශල්‍යකර්මයක් කළා. මම ඉන් ඊශ්‍රායලයේ. මේ රටවල් දියුණු වුනත් හෙයාලා අතින් වැරදිමයි වෙන්නේ. ඒ නිසා අපේ රටේ වෛද්‍යවරු දෙවිවරු. ඔබලාගේ දෑත් වලට තෙරුවන් සරණයි.(නදී)
තම පවුල නඩත්තු කරමින් රැකියාව සුපුරුදු පරිදි දිනපතා හොඳින් ඉටු කරමින් ජීවත්වු මේ පියාට අවාසනාවන්ත මොහතකදී අනතුරකට මුහුණ පෑමට සිදු උවත් අපේ දක්ෂ වෛද්‍යවරුන්ගේ උපරිමිත උත්සාහයෙන් නැතිවී ගිය අත සහ පාදය ඔහුට නැවත වරක් ලබා දී ඇත. අවාසනාවකට මැදි උවත් වාසනාවන්ත මිනිසෙකි. ඔබට ඉක්මණින් සුවය ලැබේවා! (ස) නොමැතිව උපකරණ බහුලව දියුණු රට.. උපතින් ලැබූණ හැකියාවන් තම වැඩට.. උත්තම වෛද්‍යවරු කළ මේ සැත්කමට.. පිදුවත් මදී දහසක් වර තුති සැමට
ඔබට ගොඩක් පින් ඔබලා රටට වාසනාවක් (දිල්)
හොඳ වැඩක් (ස)
අනේ මිනිසුනේ සරම රෑට නිදා ගන්න කොට විතරක් අදින්න වැඩ කරන කොට සරම එපා.(නදී)
වෙදකම කියන එක ලෝකේ තියන ගොඩක් උතුම් රැකියාවකට වෘතියකට එහා ගිය ලොකු සමාජ සේවයක්, ඒ වගේම ලොකු පින්කමක් මේ කරපු අ උතුම් පිංකම නිසා ඒ රෝගියා ගේ පව්ලේ අය වගේම රෝගියාත් කොයි තරම් සැනසීමක් ලබනවා ඇත්ද. ඒ ලබන වාරයක් පස මේ පොස්ට් එක කියවන වාරයක් පාසා උත්තම දෙවිවරුන්ට දීර්ගායු ලැබේව.....!(දිල්)
දොස්තර වරුන්ට වහාම පඩි වෑඩිකල යුතුයි.(දිල්)
අපිට ලොකුම අඩම්බරයක් මේ අය. ලෝකෙටම පෙන්වන්න මේවා.(නදී)
තමාගේ දනුමින් හැකියාවෙන් උපරිම සේවයක් ලබා දෙන ඔබලා තමයි මිහිපිට දෙවිවරු. ඔබලාගේ සේවය වචනයෙන් අගය කළ නොහැකිය. තෙරුවන් සරණයි.(නදී)
මෙන්න අපේ ප්‍රණාමය...බැරිද දෙයියනේ අපේ දේසපාලුවෝ කීප දෙනෙකුගේ වත් මොලේ අඟලක් විතරවත් සාදාරනව හිතන්න හදන්න.(නදී)
ඔබ සැමටම බුදු සරණයි ! (නදී)
දොස්තරලා දෙවිවරු තමයි හොද වැඩක්.(නදී)
ස්තුති කරන්න පින් දෙන්න දන්න භාෂාවන්වල වචන මදි. (නදී)
සුභ පැතුම්! (නි)
මෙවැනි දොස්තර වරුන් තමා අප සැමගේ ජිවමාන දරුවෝ. ඔබ තුමාලා සියලුම දෙනරටම ගොඩක් පින් සිද්දවෙනවා. ඔබලාගේ දෙමාපියන්ටත් ලොකු ආඩම්බරයක්. ෂෙරින් ඔබගේ යෝජනාවටම මමත් කැමති.අපි කවුරුත් එකතුවලො මේ පවුලට උදව් කරමු. (අ)
දුප්පත් ගොවියාට අමුඩය, කම්කරුවාට සරම, මහා පරිමාණයෙන් රට කන ව්‍යාපාරිකයා ට කලිසම. මේ මනුස්සය ට සරම අඳින්න සිදුවූ සමාජ පසු බිම තුලත්, මෙවැනි අසරණ සේවකයින්ගෙන් වැඩ ගැනීමේදී ඔවුන්ගේ ආරක්ෂාවට කටයුතු යොදා නොතිබීමෙනුත් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ගැන තවත් එක් ඛේදවාචකයක් ගැන කියැවෙනවා , සේවකයින්ට ආරක්ෂාව පිළිබද දැනුමක් ලබා දී තිබුනේ නම් මෙවැනි අනතුරු දහස් ගණනනින් වළකා ගත හැකි බව සැත්කම කළ ඒ වෛද්‍ය මහත් වරුන් ද අවධාරණය කර තිබුනා. මේ පවුලට ආර්ථික වශයෙන් උදව්වක් කිරීම ගැන සිතා බලන ගමන් ම මෙහි අයිතිකරුවා ට සාකච්ඡාවෙන් හෝ නඩු මාර්ගයෙන් බලපෑම් කර අනතුරට ලක්වූ සේවකයාට සැහෙන වන්දියක් ලබා දීමට පියවර ගත යුතුයි.(නදී)
අපි පින් දෙන්න ඕනේ මෙවැනි මිහි පිට සිටින දෙවිවරු මෙලොවට බිහි කල "දයාබර දෙමාපියන්ට". ඇස් පාදපු ගුරුවරුන්ට සහ "නිදහස් අධ්‍යාපනයේ පිය වරුන්ට". මුදල් වලින් මිලදී ගන්න පුළුවන් පුද්ගලික වෛද්‍ය විද්‍යාල නිසා ඉදිරියේදී නම් මෙවැනි දොස්තරවරු අපිට දකින්නවත් ලැබෙන එකක් නැහැ.(නදී)
මාලබේ වැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් මුදලට වෛද්‍ය උපාදිය විකුණා මේ වගේ දක්ෂ වෛද්‍ය වරුන්ට අපහාස කරන්න එපා. වෛද්‍යවරයෙක් වීමට හොද මොලයක් තියෙන්න ඕනා. ඒක සල්ලි වලට ගන්න බැහැ. ලක්ෂ 65 ක් තියේ නම් ඕන හරකෙකුට දැන් දොස්තරලා වෙන්න පුළුවන්නේ. ඒත් ඔවුන්ට මේ වගේ දක්ෂ වැඩ කරන්න පුළුවන් වේවිද? (නදී)
මෙලොව සිටින දෙවිවරු මෙන්න.(නදී)
ඔබලා හැදු වැඩු දෙමව්පියන්ටත් , ඔබ සියලු දෙනාටත් , ඔබේ පවූල්වල සියලු දෙනාටත් තිසරණ සරණ පතමි.(නදී)
මධුෂංක හසංක ඔබ වැරදිය. මෙතන විදේශවල ඉගෙන ගත් අයත් ඉන්නවා. බේද තිය ගන්න එපා. හැමෝටම ඉගෙන ගැනීමේ අයිතිය තියෙනවා කරපු දෙය අගය කරන්න.(නදී)
මෙම ආයතනයට අවශ්‍ය මෙවලම් අරගෙන දෙමු. විමසා ලංකාදීපයේ පල කරන්නේ නම් අගය කරමි.(නදී)
අනතුරට පත් පියාට ඉක්මන්සුවය පතමි. මෙම කාර්යයට සහය දැක්වූ වෛද්‍ය කණ්ඩායමටත් සෙසු කාර්යය මණ්ඩලයටත් නිදුක් නිරෝගී චිර ජීවනයක් පතමි. (නදී)
මමත් සේවය කරන්නේ සේප්ට් ඔපිසර් කෙනෙක් විදිහට. ලංකාවේ ගොඩක් ආයතන ආරක්ෂාව ගැන හිතනවා ගොඩක් අඩුයි. ඒක නිසා තමයි මෙහෙම දේවල් වෙන්නේ.(නදී)
අද හෙටම හොද රටකින් වීසා ඒවි.(නදී)
මිහි පිට දෙවිවරු.(නදී)
අපේ වෛද්‍ය වරුන්ව අගය කරමු.(නදී)
ෂෙරීන්, ඔබගේ හිත හොද කමට. ප්‍රණාමය!(නදී)
ආඩම්බරයි අමිල මල්ලි.(නදී)
මිහි පිට ජීවත් වෙන දෙවිවරු.(නදී)
මෙවැනි විස්මිත සැත්කම් කරන්න දක්ෂ වෛද්‍යවරු එන්නේ ලංකාවේ කියලා තේරුම් ගන්න නම් ගල්ෆ් රටකට පය ගහන්නම ඕනේ. ඉන්දියාවේ මුදල් වලින් පාස් කරපු වෛදවරයෙක් සහ ලංකාවේ විශ්ව විද්‍යාලයට ඇතුලත් වුන දක්ෂ "මොළ කාරයෙක්" අතර තිබෙන වෙනස ඒකයි.(නදී) .
මේ අනතුරට පත් උන කෙනාට ඉක්මන් සුවය ලැබේවා. මේ වගේ වෛද්‍ය වරුන්ට තව තවවත් ශක්තිය ලැබේවා මෙවැනි දේවල් කර ගැනීමට සියලුම දෙනාට තෙරුවන් සරණයි! (නදී)
මධුෂංක හසංක,සමාරක් දරුවන්ට අද එක ලකුණකින් රජයේ කැම්පස් වලට යන්න බැරිවෙන්න පුළුවන්. ඒ වගේ දක්ෂ දරුවන් තමයි පෞද්ගලික කැම්පස් වලට ගොස් ඉගනගන්නේ එකේ කිසිම වරදක් නැත. ඔය කියන විදියට මොලයක් නැති අයට ඒ වගේ තැන වලට ගොස් ඉගනීම් කටයුතු කරන්න බැ (අ).
අපේ සහෝදරයෙකුත් ලී ඉරුම් පවත්වාගෙන යනවා. ඉරුම් කරුවන්ට කොච්චර කිව්වත් සරොම් අදින්න එපකියල පිළිගන්නේ නැහැ.කොටයක් හිර කලාම මැෂින් එක නවත්වල ඉවත් කරන්න ඕන.මෙයාල කම්මැලි කමටත් පණ්ඩිත කමටත් කරන අනුවන ක්‍රියා නිසා මෙහෙම දේවල් වෙන්නේ.ඉසිවර වෙදදුරන්ට .මගේ ආචාරය පුද කරන්නෙමි. (අ)
මේ සත් ක්‍රියාව සිදු කල ඔබ සැමට නිදුක් නිරෝගී සුවත් දීර්ඝායුෂ ලැබෙවා (අ)
පෙරලා ,පෙරලා ගන්න රත්රන් වලින් මෙවැනි වූ ආස්චර්‍ය සිදුවිය යුතුමයි.(නදී)
තවත් මේ වගේ දේවල් කරන්න මේ අයට ශක්තිය හා වීර්ය ලැබේවා. (ස)
මිහිපිට දෙවිවරු. ඔබ සියළු දෙනාටම යෝධ බල යොධ ශක්තිය ලැබේවා! (නදී)
මම නම් කියන්න මේ අය දොස්තරවරු නොවේ අපේ දෙවිවරු .(නදී)
අපේ දොස්තරලා දෙවිවරු වගේ. ඔවුන්ට තවත් ශක්තිය හා ධෛර්යය ලැබේවා. (ස)
තිලක් මහත්තයාගේ අදහස හරි. අපේ දක්ෂ වෛද්‍යවරුන්ට ස්තුතියි.(නදී)
අපේ වෛද්‍යවරුන් ඉතා දක්ෂයි. අපි ඒ ගැන ඉතාමත් සතුටුයි. මේ අය මේ ලොවේ දෙවිවරු වගේ. මේ මනුස්සයින්ට නැවත ජීවය දුන් ඔබලාට පින්.(නදී)
රෝගියාට ඉක්මන් සුවය පතමි, මදුසංඛකගේ අදහසට මම එකග වෙනවා. අනුර ඔබට ඈත තියෙන අනතුර පේන්නේ නැහැ, මෙතන මැද පෙරදිග ඉන්න අය දාල තියෙන අදහස් බලන්න. එහෙ ඉන්නේ සල්ලි වලට උපත්තිය ගත්ත ඉන්දියානුවෝ. පේනවනේ එයාලගේ කෙරුවාව. අන්න ඒකයි කියන්නේ නිදහස් අධය්‍යාපනයෙන්. එන්නේ නියම දක්ෂයා කියලා.(නදී)