අඩු ආදායම්ලාභීන්ට විදුලි බලය ලබාගැනීම සඳහා සමෘද්ධි අධිකාරිය එක්ව රුපියල් 40,000 ක ණයක් ලබාදීමට පියවර ගත් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.
නිවස අසලටම විදුලි කණු ඇතත් විදුලිය ලබාගත නොහැකි 1,75,000 ක් පමණවූ පවුල් සඳා විදුලිය ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව එම අමාත්‍යංශය කියයි.
මේ වන විට ජනතාවගෙන් 98%කට විදුලිය පහසුකම් ලබාදී ඇති බවත් තිස් අවුරුදු යුද්ධයක් තිබූ රටක් වූ ශ්‍රී ලංකාව මෙසේ විදුලිබලය ලබාදීම අතින් පෙරමුණේ සිටින බවත් විදුලි බල මණ්ඩලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම විදුලිය ඕන අයගේ ලයිස්තුවක් දෙන්න. පරිත්‍යාගශීලින් මණ්ඩලේ වියදම ගෙවීම පුන්‍යකර්මයක් කියල කවුරු හරි මේක සම්බන්ධීකරනය කරන්න. මමත් ගෙදරකට විදුලිය අරන් දෙනවා ඉගනගන්න දරුවෙක් ඉන්න. (ස)
හොඳ වැඩක්. (ර)
බොහොම ලස්සන වැඩක් කොහොමද මේකට අවශ්‍ය දේවල් (බ)
1960 දශකයේදී අපේ ගෙදරට විදුලිය ලබාගැනීමේ සම්පුර්ණ වියදම රුපියල් දෙසිය විස්සයි . තාත්තා රජයේ සේවකයෙකු නිසා ඒ මුදලත් මාසයකට රුපියල් දහය බැගින් මාස විසි දෙකකින් ගෙවන්න අවස්ථාව ලබා දී තිබුනා. (ර)
අපිට සැමදා වැරදුනේ මෙතැනයි. සේවා පහසුකම් පමණක් ණයට සපයන්නේ නැතුව එම මුදල වැඩිකර ස්වයන් කර්මාන්තයකට අදාළ උපකරණයක් සහ පුහුණුවද ලබා දෙන්න. උදා: මහන මැෂිමක්, වඩු මැෂිමක්, අහාර අමුද්‍රව්‍ය නැවත පැකට් කිරීමේ උපකරණ. මෙමගින් ගෘහනියද ජාතික ආර්ථිකයට දායක කර ගත හැකිය. (ර)
මහින්ද මහත්තයා හිටපු නිසා තමයි මෙවැනි දියුණුවක් අත් වුනේ. (ර)