ගිය මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගකර තේරී පත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරන කිසිඳු මන්ත්‍රීවරයෙකුට වෙනත් පක්ෂ හෝ කණ්ඩායම් සෑදීමට ඉඩ නොදිය යුතු බවට එහි මද්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම ප්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අද (24) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ උප්පැන්නේ තියෙන නිසා අපේ ආගම ඒක කියලා අනිත් ආගම් වැරදියි කියලා කියනවා. ඉස්කෝලේ "තිස්ස" නිවාසෙට දාපු නිසා අනිත් නිවාස වල අය එක්ක ගැටෙනවා. අපේ ගම දකුණේ කියලා සීමා ඉරක් දාලා ඒක අපේ පළාත කියලා ඒකට අදිනවා. 90% අපේ මිනිසුන්ගේ පක්ෂ බදා ගැනීමත් ඔච්චර තමයි. (නි)
ජනතාව ඔබතුමාව පරාජය කළා නේද? (නි)
අසවු, අසවු ...! මෙන්න තවත් විශිෂ්ට ප්‍රකාශයක් (නි)
එතකොට මහින්දගේ ඡන්ද වලින් ඇවිල්ලා අලියට හේත්තුවෙලා ඇමතිකම් ගන්න එක හරිද? (නි)
පක්ෂය තියෙන්නේ බෝඩ් ලෑල්ලේ නෙමෙයි. මිනිසුන්ගේ හිතේ! (නි)
අපි නම් මහින්දට (නි)
ඔබතුමත් කරන්නේ වරදක්නේ. වාසියට ඇමතිකමක් අරගෙන දැන් බොරුවට කඩේ යනවා. (නි)
කට ඇරියොත් අනාගන්න මෙවන් අය තම පක්ෂයේ මාධ්‍යය ප්‍රකාශකයන් ලෙස පත්කරන පක්ෂ නායකයන්ගේ ප්‍රඥාගෝචරත්වය ගැන මටනම් ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තමයි කියන්නේ (බ)
මේ පක්ෂ දෙකේ වෙනස කෙස් ගසකට සමයි. (නි)
අතක් කවුද අල්ලගෙන ඉන්නේ? වලිගෙනේ එල්ලිලා ඉන්නේ. (නි)
අනේ මෙහෙමත් කතා? (නි)
ඉතිහාසයේ කොහෙද තියෙන්නේ එයාලා තනිවම දිනපු අවස්ථාවක්? (නි)
ඉල්ලුවේ අතෙන්ද ? බුලත් අතෙන්ද? බුලත් (අත නැතුව) කොලයෙන්ද? (නි)
ප්‍රසන්න ඔබගේ කතාව හරි ඔය දෙකම ඒකයි (අ)
ඇත කැඩිලා ඉවරයි මහත්තුයෝ. එකේ මංගල පස් පිඩැල්ල කැපුවේ කවුද කියල රටම දන්නවා (අ)
කඩන්න අතක් තිෙයනවාද (අ)
අතෙන් ඇවිත් අපේ කොන්ද කඩන්නත් දෙන්නත් බෑ (ම)
හිනා යනවා කට්ටිය දැක්කම. (ර)
මේ ඔක්කොම තමන්ගේ වාසියට රට වුණත් විකුනන්න ඉන්න, නමුත් , කටින් විතරක් පම්පෝරි ගහන කට්ටිය. මම නම් ආයේ කවදාවත් ලංකාවේ කිසිම දෙසපාලකයෙකුට ඡන්දෙ දෙන්නේ නෑ.(අ)
98% මහින්දට හොදේ. ඉතිරි 2% තියා ගන්න. (ර)
නමුත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකය එක්සත් ජනතා නිදහස් සන්ධානෙට ඡන්දෙ දුන්නෙ පැරදුනු අයව ජාතික ලැයිස්තුවෙන් අරගෙන එක්සත් ජාතික පක්ෂයත් එක්ක හවුල් ආණ්ඩු හදන්න නෙමෙයි. ඒ නිසා තමුන්නාන්සෙලා කාව පක්ෂය තුළ තියා ගත්තත් පාක්ෂිකයා නම් පක්ෂය හැරයන එක වළක්වන්න බැරිවෙයි. (නි)
අනේ මොකටද මගේ කට! (නි)
මට කවුරුහරි කියලා දෙනවද මේ කතා වල තේරුම මොකක්ද කියලා (නි)
වෙනත් පක්ෂ සෑදීම තහනම් කරමින් ඒකාබද්ධ විපක්ෂයට එරෙහිව වාරණ නියෝගයක් ගතයුතුය (නි)
ඔබතුමා අාවෙ අතෙන්ද? (නි)
කවුද අතෙන් ආවේ....? (නි)
දැන් නැවතත් කපන්න බැරි ඇත සිඹින්නද හදන්නේ? පුලුවන් වෙයිද එන රැල්ල නතර කරන්න? (නි)
අතෙන් ඇවිත් අත කැඩුවේ 2014 නොවැම්බර් මාසයේදී හංසයාගෙන් ඉල්ලනකොට නේද? (නි)
සමහරු අත විතරක් නෙමෙයි, මුළු සිංහල ජාතියේම කොන්ද කඩනවා. සැබෑ කෙරුවාව ගැන දේශපාලන ගැතියන් නොවන අය දන්නවා. තමන් ගැතිකම දක්වන දේශපාලකයාගේ අසුචිත් සුවඳයි කියන අය නම් මේ කියුම් හිස් මුදුනින් පිළිගනීවි. (නි)
ඔයගොල්ලෝ කරන්නේ මහජනතාවගේ ඡන්දෙන් ඇවිල්ලා කතාකරන එකයි. එත් තීරණය ගන්නේ මහජනතාවනේ. අවුරුද්දක් වෙලත් වැඩක් පෙන්නුවේ නැහැ නේද? ජනතාව දැන් සන්තෝෂෙන් බලාගෙන ඉන්නේ ඔය අය ගමට එනතුරු සතුටට පිළිගන්න. (නි)
අත කැඩුවේ මුලින්ම කවුද කියලා නොදන්නවා වගේ කතා කරන්න එපා (නි)
අයියෝ දිලාන් (බ)
දැන් අත විතරක් නොවෙයි කකුලත් කැඩිලා තියෙන්නේ (බ)
අලියට අත යටවෙලා නේද දැන්. තවත් මොකක්ද කඩන්න තියෙන්නේ.(බ)
අත පුටුව බුලත් කොලය = අලියා - ඒකාබද්ධ විපක්ෂය = නව පක්ෂය (බ)
බදුල්ල දිස්ත්‍රික්කයෙන් ලක්ෂ 5 ක විතර පෞද්ගලික ඡන්ද පදනමක් තියෙන කෙනෙක් තමයි මේ අභියෝග කරන්නේ. (බ)
බයයි වගේ දැන් (බ)
ඔය ඩිලාන් පෙරේරායි සිරිපාල තුමයි හැර අනෙක් ඔක්කොම ලොකු අය යූඇන්පීනේ. මොනාද ශ්‍රීලනිප, යූඇන්පී අතර වෙනස. පුළුවන්නම් මට කියන්න බලන්න (දන්නා කෙනෙක් ඉන්නවනම් ) ඔය දෙකේ ප්‍රතිපත්ති අතර වෙනස. නිකන් හිතල කියල හරියන්නේ නැහැ. පක්ෂ ප්‍රතිපත්ති මාලාවෙන් කරුණු අරන් පෙන්නන්න පුලුවන්නම්. එහෙම වෙනසක් හොයාගන්න නැහැ. මිනිස්සු රවටල මාරුවෙන මාරුවට බලයට එන්න පක්ෂ දෙකක් තියෙනවා (බ)
අලියාට යටවූ අත නොකැඩි තියේවිද? (නි)
බලය නැතිදාට බොන්න අර වහ බෝතල් ප්‍රවේශමෙන් තියාගන්න. (නි)
එදා රනිල් මැතිතුමාට පින් අගමැති කිය කියා රට වටේ ගිය. අද ඇමතිකමකුත් අරගෙන ඉන්නේ අතේ කෑලිත් නැතුව. (නි)