අනවසර අලි පැටවකු ඇති කරතියි මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින නඩුවෙහි සැකකරුවකු ලෙස තමා අත්අඩංගුවට ගැනීමේ වළක්වන නියෝගයක් ඉල්ලා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) විභාගයට නොගෙනම ගාස්තු රහිතව නිෂ්ප‍්‍රභා කළේය.
අලි පැටවා සම්බන්ධයෙන් සුවිශේෂී නඩුවක් සඳහා පොදු දේපළ පනත යටතේ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට ප‍්‍රමාණවත් කරුණු තිබෙන බවට නීතිපති ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය එසේ ප්‍රකාශ කළේය.
ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ සහ කේ.ටී.චිත‍්‍රසිරි යන විනිසුරුවරුන් හමුවේ කැඳවිණි. පෙත්සම්කාර අතිරේක මහේස්ත‍්‍රාත්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා කියා සිටියේ කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩුවක් සම්බන්ධයෙන් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමේ ආසන්නතම සූදානමක් පවතින බවත්,එසේ කිරීම පුද්ගල නිදහසට බාධාවක් වන හෙයින් එලෙස අත්අඩංගුවට ගැනීම බලරහිත කරන ලෙසත් ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම හොරු ටික එළියේ ජනතාවගේ බලාපොරොත්තු එතනමයි.අපිටනම් පෙන්නේ හොරු ආරක්ෂා කරන වගේ.(හේ)
හිස ඔසවමින් එන පාතාලයද ඉක්මනින් යටපත් කරන්න එතකොට තවත් සැනසිල්ලක් (හේ)
දැන් වෙන්නේ හොර අල්ලන ගමන් වැට් බදු වැඩිකරන යහපාලනයක් .ඉස්සර කිවුවේ හොරකම් කරපුවා හොයාගත්තම ජනතාවට සහන දෙන්න ඒ ටිකම ඇති කියලයි .. දැන් බලද්දී ජනතාවයි හොරු . ඇයි ජනතාවගේ පොකට් එකෙන් සල්ලි අදින්නයි දැන් හදන්නේ (බ)
වාණිජ මහාධිකරණයේ හිටපු විනසුරු තුමනි ඔබට අපගේ නිතිය පිළිබද ජන විශ්වාසය අපක්ෂපාති තීරණ හරහා තවදුරටත් වර්ධනය කරනු හැකි බව අපගේ විශ්වාසයයි.(ම)
මහරගම රථවාහන අංශයේ හිටපු රාලහාමි දැන් කොහෙද? (බ)
ඔය අලි සබ්රිලා පහුගිය පාලන කාලයේ රාජ උෂ්ණේ බලයෙන් කටින් ගහල නඩු දිනන්න හදපු අය. අද අහන යහපාලනය නිසා අහන නඩුව පරාදයි (බ)
බොහොම හොඳයි (නි)
බයවෙන්න එපා. ලංකාවේ පොලිසිය ගොඩක් වෙලාවට හොරුන්ව නොවේ, හොරු වටේ ඉන්න අය විතරයිනේ ගන්නේ. (නි)
අලුත් නීතිපතිතුමාට සහ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට මගේ ප්‍රණාමය! ෆයිල් ලාච්චු අස්සේ හිරවෙන්නේ නැති බව පෙනීමත් රටේ නීතිය ස්ථාපිත වෙමින් පවතින බව පෙනීමත් විශාල සැනසිල්ලක්. (බ)
නඩු අහන අයත් නඩු වලට පැටලිලා. මෙහෙමත් ලෝකයක් ! (නි)
හොඳ වැදගත් තිරණයක් අරන් තියෙන්නේ.(හේ)
අපේ අධිකරණය ගැන හරිම ආඩම්බරයක් දැනුනා.(හේ)
අපේ අධිකරණය ගැන හරිම ආඩම්බරයක් දැනුනා.(හේ)
ජාතික ආණ්ඩුවේ අයගේ ලිපි ගොනුවලත් බාලගිරි දොසේ දුරු වේවා.(හේ)
ඉක්මනින් නඩු විසඳා චෝදිතයන්ට නිසි දඬුවම් පැමිණවීමට අධිකරණය තීරණය කලොත් අපේ නීති පද්දතියේ ස්වාධීනත්වය අගය කළ හැක. දඩ මගින් රජයේ භාණ්ඩාගාරයත් තර කර ගැනීමට මෙය ඉවහල් වෙන්න පුළුවන් !!!!! (හේ)
උණම්බුව, ඔබ හරියට හරි. රාජ ඌෂ්ණය දැන් ඉවරයි. (නි)
උපාලි මහතාගේ ප්‍රකාශයට මගේ ප්‍රණාමය! (හේ)