දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ මුදල් අක්‍රමිකතා,මුදල් විශුද්ධිකරණ ඇතුළු අසත්‍ය චෝදනා කිපයකට වගඋත්තරකරු කරමින් තමන්ට එරෙහිව ගම්පහ,කඩුවෙල හා පූගොඩ අධිකරණ කිහිපයක ගොනු කර ඇති නඩු විභාගයන් වලින් තමන්ගේ පුද්ගලික නිදහසට බාධා එල්ල වීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (16)ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් පොලිස්පති, මූල්‍ය අපරාධ කොට්ඨාසය බාර පොලිස් නිලධාරීහු සහ නීතිපති නම් කරනු ලැබ සිටිති..
නීතීඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් පෙත්සම ගොනු කොට තිබේ.
සත්‍යය හඟවා වැරදි තොරතුරු වාර්තා පදනම් කරගනිමින් එම චෝදනා යටතේ තමන් යළිත් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවත්, එබැවින් එම නඩු විභාග අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් , සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝ වි ඇති බවට ප්‍රකාශ කරන ලෙසත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය පෙත්සමින් ඉල්ලා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වරදක් කර නොමැති නම් මොකටද බය ,නඩු විභාගයෙන් පසුව නිර්දෝෂී බව ඔප්පු වේවිනෙ (බ)
මගේ ආච්චි කියනවා ඕක හරියට "මුහුද හත් ගවුවක් තියා අමුඩේ ගහනවා" වැඩක් වගේලු. හිතේ කහටක් නැත්නම්, වැරැද්දක් කරලා නැත්නම් බය වෙන්න ඕනෑද?
ඔය දේශපාලනෙන් ඉවත් වුනානම් මොන තර්ජනයක්වත් නැහැ නේද්? බොරුවට අලුත් පක්ෂ හදනවා කිය කියා ආණ්ඩුව බය කරන්නේ අයි? ඔබතුම නිහඬ වෙන්න. එතකොට නඩුත් නැහැ, බඩුත් නැහැ. (බ)
කුම්බලා මාළු කෑවානම් දුක විඳපන් බළලෝ කිව්වලු (බ)
හොඳටම බයවෙලා! (නි)
උපාය දන්නෝ අපායේ නොවැටෙති.(ම)
හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා වාගේ. (නි)
මේක පුදුම රටක්නෙ. නඩු විභාගයක් අත්හිටුවන්න කියල ඉල්ලන්නත් පුලුවන්නෙ. එතකොට තමන්ගෙ නිර්දෝෂිභාවය ඔප්පු කරන්නෙ මැදමූලනට ගිහිල්ලද? (බ)
මේ රට නම් පුදුමලන්තයක්. උසාවි, පොලිසි සහ හිරගෙවල් වහලා දාමු. එතකොට හොරුන්ට අල්ලන්න එපා කියලා උසාවි යන්න අවශ්‍ය නැහැ. (බ)
2015 ජනවාරි 8 කලින් රතු මල්ලිලාා අනුරලා කියලා තියෙන්නෙ ඇත්තම නෙන්නම් (බ)
අබ කාපු මිනිහගේ නහය දනවා කීවලු (බ)
නියම ගොන්පාර්ට් ලංකාවේ දැන් (බ)
දන්නෝ දනිති හොරා කාපු හැටි?හොරකම් කරලා නැත්තම් ඇයි මෙච්චර බය ?බලය තිබ්බ කාලේ පොලව පෑගුවේ නැහැ උඩින්මයි ගමන දැන් හිරේ යන්න බයේ (බ)
පිස්සුනේ ....... මෙයාල තවමත් හිතන්නේ ජනතාව මෝඩ බබාලා කියලා (බ)
ඉතින් බබා, උසාවියට ගිහින් සත්‍ය එලිකරන්නකෝ. (බ)
එදා මව්බිම බේරාගත් මහා යුග පුරුෂය හිරේ දානකොට මොනවද හිතුනේ (බ)
මේවගේ දේවල් වලදී අපි පොඩිකාලේ කිව්වේ "පුහුල් හොර කරෙන් දැනේ" කියලා. (ර)
මේක මාර වැඩක්නේ,මේ අය කරල තියෙන මුදල් අක්‍රමිකතා හොයන එකත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක්ද? (බ)
පුහුල් හොරා කරෙන් දැනෙයි (නි)
සාමාන්‍ය ජනතාවට පුළුවන්ද මෙලෙස උසාවි නියෝගයක් ගන්න? (නි)
ඔව් මෙයා හරි සාධාරණ හොරෙක්. මෙයාව ගන්න එපා. හොර දෙටුවන්ව අත්අඩංගුවට ගන්න එපා. කෙලින්ම හිරේ දාන්න ඕනේ. (බ)
මූල්‍ය අපරාධ කොට්ඨාසය නීති විරෝදීද ? (ම)