IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අත්අඩංගුවට නොගන්නැයි බැසිල් මහ උසාවියෙන් ඉල්ලයි

දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ මුදල් අක්‍රමිකතා,මුදල් විශුද්ධිකරණ ඇතුළු අසත්‍ය චෝදනා කිපයකට වගඋත්තරකරු කරමින් තමන්ට එරෙහිව  ගම්පහ,කඩුවෙල හා පූගොඩ අධිකරණ කිහිපයක  ගොනු කර ඇති නඩු විභාගයන් වලින් තමන්ගේ පුද්ගලික නිදහසට බාධා එල්ල වීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (16)ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් පොලිස්පති, මූල්‍ය අපරාධ කොට්ඨාසය බාර පොලිස් නිලධාරීහු සහ නීතිපති නම් කරනු ලැබ සිටිති..

නීතීඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් පෙත්සම ගොනු කොට තිබේ.

සත්‍යය හඟවා වැරදි තොරතුරු වාර්තා පදනම් කරගනිමින් එම චෝදනා යටතේ තමන් යළිත් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවත්, එබැවින් එම නඩු විභාග අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් , සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝ වි ඇති බවට ප්‍රකාශ කරන ලෙසත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය පෙත්සමින් ඉල්ලා සිටී.

 



අදහස් (0)

අත්අඩංගුවට නොගන්නැයි බැසිල් මහ උසාවියෙන් ඉල්ලයි

සමන් Tuesday, 16 February 2016 12:19 PM

ඔබ වරදක් කර නොමැති නම් මොකටද බය ,නඩු විභාගයෙන් පසුව නිර්දෝෂී බව ඔප්පු වේවිනෙ (බ)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Tuesday, 16 February 2016 12:26 PM

මගේ ආච්චි කියනවා ඕක හරියට "මුහුද හත් ගවුවක් තියා අමුඩේ ගහනවා" වැඩක් වගේලු. හිතේ කහටක් නැත්නම්, වැරැද්දක් කරලා නැත්නම් බය වෙන්න ඕනෑද?

:       0       0

දීපාල් නිරෝෂ් Tuesday, 16 February 2016 10:52 AM

ඔය දේශපාලනෙන් ඉවත් වුනානම් මොන තර්ජනයක්වත් නැහැ නේද්? බොරුවට අලුත් පක්ෂ හදනවා කිය කියා ආණ්ඩුව බය කරන්නේ අයි? ඔබතුම නිහඬ වෙන්න. එතකොට නඩුත් නැහැ, බඩුත් නැහැ. (බ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Tuesday, 16 February 2016 10:48 AM

කුම්බලා මාළු කෑවානම් දුක විඳපන් බළලෝ කිව්වලු (බ)

:       0       0

සරත් Tuesday, 16 February 2016 11:06 AM

හොඳටම බයවෙලා! (නි)

:       0       0

ජයරත්න Tuesday, 16 February 2016 01:30 PM

උපාය දන්නෝ අපායේ නොවැටෙති.(ම)

:       0       0

අසංග Tuesday, 16 February 2016 10:59 AM

හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා වාගේ. (නි)

:       0       0

පෙරුමාල් Tuesday, 16 February 2016 11:07 AM

මේක පුදුම රටක්නෙ. නඩු විභාගයක් අත්හිටුවන්න කියල ඉල්ලන්නත් පුලුවන්නෙ. එතකොට තමන්ගෙ නිර්දෝෂිභාවය ඔප්පු කරන්නෙ මැදමූලනට ගිහිල්ලද? (බ)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 16 February 2016 02:01 PM

මේ රට නම් පුදුමලන්තයක්. උසාවි, පොලිසි සහ හිරගෙවල් වහලා දාමු. එතකොට හොරුන්ට අල්ලන්න එපා කියලා උසාවි යන්න අවශ්‍ය නැහැ. (බ)

:       0       0

කමල් Tuesday, 16 February 2016 02:12 PM

2015 ජනවාරි 8 කලින් රතු මල්ලිලාා අනුරලා කියලා තියෙන්නෙ ඇත්තම නෙන්නම් (බ)

:       0       0

චන්දි Wednesday, 17 February 2016 06:12 AM

අබ කාපු මිනිහගේ නහය දනවා කීවලු (බ)

:       0       0

හර්ෂ Tuesday, 16 February 2016 02:20 PM

නියම ගොන්පාර්ට් ලංකාවේ දැන් (බ)

:       0       0

වරුණ Tuesday, 16 February 2016 11:27 AM

දන්නෝ දනිති හොරා කාපු හැටි?හොරකම් කරලා නැත්තම් ඇයි මෙච්චර බය ?බලය තිබ්බ කාලේ පොලව පෑගුවේ නැහැ උඩින්මයි ගමන දැන් හිරේ යන්න බයේ (බ)

:       0       0

චන්ද්‍රා Tuesday, 16 February 2016 11:20 AM

පිස්සුනේ ....... මෙයාල තවමත් හිතන්නේ ජනතාව මෝඩ බබාලා කියලා (බ)

:       0       0

විජෙරත්න Tuesday, 16 February 2016 11:27 AM

ඉතින් බබා, උසාවියට ගිහින් සත්‍ය එලිකරන්නකෝ. (බ)

:       0       0

සරත් Tuesday, 16 February 2016 02:50 PM

එදා මව්බිම බේරාගත් මහා යුග පුරුෂය හිරේ දානකොට මොනවද හිතුනේ (බ)

:       0       0

ජනක Wednesday, 17 February 2016 02:53 AM

මේවගේ දේවල් වලදී අපි පොඩිකාලේ කිව්වේ "පුහුල් හොර කරෙන් දැනේ" කියලා. (ර)

:       0       0

ප්‍රියංකර Tuesday, 16 February 2016 03:21 PM

මේක මාර වැඩක්නේ,මේ අය කරල තියෙන මුදල් අක්‍රමිකතා හොයන එකත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක්ද? (බ)

:       0       0

නලින්ද Tuesday, 16 February 2016 11:52 AM

පුහුල් හොරා කරෙන් දැනෙයි (නි)

:       0       0

නවුෆර් Tuesday, 16 February 2016 11:52 AM

සාමාන්‍ය ජනතාවට පුළුවන්ද මෙලෙස උසාවි නියෝගයක් ගන්න? (නි)

:       0       0

විමලාවංශ Tuesday, 16 February 2016 03:35 PM

ඔව් මෙයා හරි සාධාරණ හොරෙක්. මෙයාව ගන්න එපා. හොර දෙටුවන්ව අත්අඩංගුවට ගන්න එපා. කෙලින්ම හිරේ දාන්න ඕනේ. (බ)

:       0       0

බැසිල් Tuesday, 16 February 2016 12:00 PM

මූල්‍ය අපරාධ කොට්ඨාසය නීති විරෝදීද ? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site