තරාතිරම නොබලා සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා රහස් පොලිසියට අද (20) නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා එසේ ප්‍රකාශ කළේ කිරුලපනේ පන්සලේදී අලි පැටවකු සොයාගත් බව දැන්වීමෙන් අනතුරුවය.

මාස 6 කට කලින් මෙම අලි පැටවා පන්සලට ගෙන ආ බවට සාක්කි ඇතැයිද අලි පැටවා අත්අඩංගුවට ගැනීමට පෙර අලියකු එහි සිටින බව දුටු බවටද සාක්කි ඇතැයිද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.