ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙකු තමන්ට එරෙහිව රහස් පොලීසියට සිදු කර ඇති පැමිණිල්ලක් මත තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමකට මුහුණ දී ඇති නිසා, අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත්, රුපියල් කෝටි 50 ක වන්දි මුදලක් ලබා දෙන ලෙසද ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
පාර්ලිමේනතු මන්ත‍්‍රී උදය ගම්මන්පිළ විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂණ එම්.ඩී.සී.පී. දයාරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මෙවන් සිල්වා, ඕස්ටේ‍්‍රලියානු ජාතික බ‍්‍රයන් ජොන් ෂැඩොක් මහතා ඇතුළු හත්දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මේ නීතිය හැමෝටම තියෙනවද ? නැත්නම් නිකම් බුර බුරා ඉන්න කට්ටියට විතරද? (බ)
වැරදි කරලා නැති නිසානේ මෙය බයා දිව දෙකේ කතා කියන්නේ (බ)
ඔන්න ඒ පාර ඔස්ට්‍රේලියාවත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් එල්ල කරලා මේ පිවිතුරු උරුමෙට විරුද්ධව. (බ)
අපේ රටේ නීතියේ හිලක් තියනවා . ඒ නිසා මෙවැනි ඉල්ලීම් ඉදිරිපත් වෙනවා. (ර)
නිතිය ගැන දන්නා මිනිසාම තමයි වැරදි වැඩ කරන්නේ... දැන දැන වැරදි කරන අයට සමාවක් දෙන්න එපා... (ර)
ඔබ තුමා ගැනත් මගේ පිවිතුරු පැතුමක් තියෙනවා (බ)
මමත් බලාගෙන ඉන්නේ මෙයා කවදාද ආපහු ඕස්ට්‍රේලියාව පැත්තේ එන්නේ කියලා. (නි)
ඕස්ට්‍රේලියාවේ හිටපු කාලේ මොකක්හරි නසරානි වැඩක් කරලා ඇති..(බ)
හැකි ඉක්මනින් මේ මනුස්සයව අත්අඩංගුවට ගත යුතු යි (බ)
ගම්මන්පිල මහත්තයත් ගඟ හත් ගවුවක් තියා අමුඩේ ගහනවා. එයාගේ සගයෝ වගේම මෙයත් ආණ්ඩුවේ බෝඩිමට ඇතුල් වෙන්න අකමැති වගෙයි. විටින්විට ඒක ඇතුලේ ඉන්න නෑමිතුරන් බලන්න යන්න එපා කියන්නේ ඕක නේ ඡන්දෙට පෙර ජනතාවගෙන් හිගාගත් සීයේ නෝට්ටු ටික දැන් ඉවරවෙලාද මෙතරම් විශාල රුපියල් කෝටි 50 ක වන්දි මුදලක් ඉල්ලන්නේ ? (බ)
ඔය බොරු සුදු පිරුවට ඇඟලා ඉන්න උදවිය ගැන ජනතාව හොදින් දන්නවා ...(බ)
මේ ආණ්ඩුව බලයට ගෙනෙන්න කැපවුණු සිවිල් සංවිධාන වලටත් ජනතාවටත් ළඟදීම පාරට බහින්න වෙනවා. (නි)
අද ලොකු හොරු තමයි දේශප්‍රේමියෝ වගේ කතා කරන්නේ. ඔවුන් ඇඳුම් ඇඳගෙන ඉන්නේ විලිලැජ්ජාවට නෙමෙයි (නි)
වරදක් කරලා නැත්නම් අත්අඩංගුවට ගන්නවට බය මොකද? (නි)
මෙයා හරි පිවිතුරු කෙනෙක්, සියලු අාශාවන් අත්හැරලා, ඒ වුණාට අනුන්ගේ පානෙන් එළිය බලන්න හා ආණ්ඩු කරන්න ලොකු ආසාවක් ඇතිවෙලා (නි)
හෙටම ගිහින් මාත් බැංකුවක් කඩල ඉල්ලීමක් කරනවා අත්අඩංගුවට ගන්න එපා කියල , මේ මොන විහිළුද එහෙනම් ඉතින් හොරකම් නොකර වැරදි වැඩ නොකර ඉන්න ඕන නේද ? (බ)
දඟලනකොට දැනගත්තා මොකටද දඟලන්නේ කියලා (නි)
අත්අඩංගුවට ගන්න හදන නිසා වන්දියක් ඉල්ලන කතාවක් ඔය ඇහුවමයි. (නි)
අපිටනම් ඔය අපේක්ෂිත ඇප තියා නිකම් ඇපවත් නැහැ (බ)
තමන් වැරදි නැත්නම් මොකද බයවෙලා? (නි)
කවුරු කවුරු හරි වැරදි නොකළානම් පිවිතුරු ජීවිතයක් ගතකළානම් ඔහොම බයවෙන්න අවදානමක් ඇතිකරගන්න උසාවි ගානේ රස්තියාදු වෙන්න හේතුවක් නැහැනේ? (බ)
අත් අඩංගුවට පමණක් නොවේ ඇතුළටම දාන්න (බ)
අත්අඩංගුවට ගන්නවට විරුද්ධව තහනම් නියෝග ගන්නේ මොකටද? තමන් වැරදි දෙයක් නොකළා නම් බය නැතුව නඩුවට ඉදිරිපත් වෙන්න. තමුන්නාන්සේ නීතිඥයෙක් නේද? හැමවෙලේම කෑගහන්නේ අපි කාටවත් බය නැහැ කියලනේ. (නි)
දුප්පත් මිනිසුන්ටත් අත්අඩංගුවට ගන්න එපා කියලා උසාවි යන්න පුලුවන්ද? (නි)
සුරනිමල, ඔය 'අපේක්ෂිත ඇප' නීතිය තියෙන්නේ ලොකු ලොක්කෝ රිමාන්ඩ් එකට යන්න තියෙන බයට, ක්ලාන්තය හැදෙනවට බෙහෙතක් හැටියටයි. අපිව නම් අල්ලාගත් ගමන් ගිහින් දැම්මා හැරෙන්නත් කලින්. (නි)
දත් සෙට් එකම විරිත්තාගෙන, කටේ දිවේ ගෑවෙන්නේ නැතුව කියන දේවල් ගැන නම් අපේ කිසි විශ්වාසයක් නැහැ. (නි)
මේක දැන් සෙල්ලමක් වෙලා. මේ නීතිය වෙනස් කරන්න ඕනෑ (නි)
අබ කාපු මිනිහගේ නහය දනවලුනේ. (නි)
ඒ කියන්නේ වැරදි කරන එක මුලික අයිතිවාසිකමක්ද (නි)
රොහාන් දයාදර පැරිස්, ඔබ හරියටම හරි. (නි)
මේ ආණ්ඩුව ගෙදර යවන්න දඟලන්නේ මේකට තමා. මවුබිම මවුබිම කිය කියා විදේශිකයකු රවට්ටලා රට අපකීර්තියට පත්කරලා දැන් කියනවා අත්අඩංගුවට ගන්න හදනවා කියලා. මෙයාලගේ ඇත්ත තත්වය රටට හෙළි කරන්න ඕනෑ. (නි)