
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින හරක් කටා පිටස්තර පුද්ගලයන්ට බොහොමයක්ම දුරකතන ඇමැතුම් ලබා ගෙන ඇත්තේ පසුගියදා ත්‍රස්තවාදී විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන සිටින පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකතනයෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තු ආරංචි මාර්ග පවසයි.
අත්අඩංගුවට ගෙන සිටින සැකකාර කොස්තාපල්ගේ දුරකතන ඇමැතුම් දත්ත විශ්ලේෂණයේ දී මෙම කරුණු අනාවරණය කරගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මේ වෙනුවෙන් හරක් කටා ඉහත කොස්තාපල්වරයාට මුදල් ඇතුලු වරදාන වරප්‍රසාද ලබා දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශයේ රාජකාරිය කරන ඉහත කොස්තාපල් හරක් කටා පසුගියදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාමට උත්සහ කළ දින ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ නිරතව සිටි පොලිසියේ හත් දෙනාගෙන් කණ්ඩායමේ කෙනෙකු බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
2025 දෙසැම්බර් මස 18
244
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අත්අඩංගුවට ගත් පී.සී හරක් කටා ගැන වමාරයි
K Perera Monday, 02 October 2023 10:45 PM
රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමනි, ඔබතුමා ශ්‍රී ලංකාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරලා, ඔබගේ අත්සන තබනවා නම් මගේ ඡන්දය අනිවාර්යයෙන්ම ඔබතුමාට දෙනවා.