IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අත්අඩංගුවට ගත් ගිරානේගම ඕ.අයි.සීට ඇප

(බී.ජි. චතුරංග, දයාරත්න ඇඹෝගම සහ කුෂාන් ජයවර්ධන)

අනුරාධපුර  ගිරානේගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිසකට පොලිස් සිර මැදිරිය තුල සූදු ක්‍රීඩාවේ (බූරු ගැසීමේ) නිරත වීමට අවස්ථාව සලසා දී, සිර මැදිරිය තුළ මත්පැන් පානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගිරානේගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනා එක් අයකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කැකිරාව අධිකරණය නියෝග කර ඇත.

මෙසේ ඇප මත මුදා හැරියේ ගිරානේගම පොලිසිය ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවර‍ෙකු , පොලිස් සැරයෙන්වරකු සහ පොලිස් කොස්තාපල්වරයෙකි.

එම පොලිස් වසමේ 10 දෙනකු පමණ සූදු ක්‍රීඩාවේ නිරත වූ පිරිසක් වැටලීමක් සිදු කර අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරිය තුළ රඳවා සිටියදී ඔවුනට සිර මැදිරිය තුළ සූදූ ක්‍රීඩාවේ නිරතව සිට ඇත.

එම සැකකරුවන් පිරිසක්  අත්අඩංගුවට ගැනීම, අයුතු සිරකර තැබීම , සිර මැදිරිය තුළ මත්පැන් පානය කිරීමට සහ සූදු ක්‍රීඩාවේ නිරතවීමට අවස්ථාව ලබා දීම යන චෝදනා සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළේය.  



අදහස් (1)

අත්අඩංගුවට ගත් ගිරානේගම ඕ.අයි.සීට ඇප

Priyantha Dissanayake Tuesday, 12 November 2024 09:23 AM

ජනාධිපතිගේ ගම්පළාතනේ... එච්චර ලොකු ගැටළුවක් වෙන එකක් නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site