(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පොලිස් මාර්ග බාධකයේ යෙදී සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පරුෂ වචනයෙන් බැණ වැදුණු අඹු සැමි යුවළක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන කළ පරික්ෂාවේ දී රුපියල් කෝටි ගණනාවක් වටිනා සැකකටයුතු සුඛෝභෝගී වාහන පහක් පොලිස් භාරයට ගත් බව රාගම පොලිසිය කියයි.
එම වාහන අතර සුඛෝ භෝගී ජීප් රථ තුනක්, බෙන්ස් රථයක් සහ වැගන් ආර් මෝටර් රථයක් වන බව පොලිසිය සඳහන් කරයි.
රාගම පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් කීප දෙනෙකු රාගම බටුවත්ත සූසාන භූමිය අසල දිවා මාර්ග බාධක රාජකාරී යෙදී සිටියදී යතුරුපැදියක් නවතා පරික්ෂා කරමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් නිලධාරීන් අමතා පරුෂ වචනයෙන් බැණ වදිමින් එම ස්ථානයේ ආවේගශීලීව හැසිරී ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරියකු එම පුද්ගලයන් පැමිණි වාහනේ ලිපි ලේඛන රැගෙන එන ලෙස දැනුම් දීමත් සමගම ඔවුන් මෝටර් රථයෙන් පලා ගොස් ඇති අතර පලා ගිය මෝටර් රථයේ ලියාපදිංචිය අංකය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාරයාලය වෙත ලබා දී තොරතුරු ලබාගෙන එහි හිමිකරු සොයා ගනේ මුල්ල, දකුණුගල හිටියාව ප්‍රදේශය කරා ගිය බව පොලිසිය සඳහන් කරයි.
පොලිස් බාරයට ගත් වාහන වලට අදාල කිසිදු ලිපි ලේඛනයක් මේ වන විටත් ඉදිරිපත් කර නොතිබූ බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
ප්‍රධාන සැකකරුට මෙම වාහන ලද ආකාරය සම්බන්ධයෙන් සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් අඹු සැමි යුවළ වයස අවුරුදු 34-35 අතර පසුවන බවත් අනෙක් පුද්ගලයා වයස අවුරුදු 32 ක අයෙක් බවත් පොලිසිය කියයි.
ඩීසල් මිළ පහළ දැමුවද බස් ගාස්තු පහළ දැමීමක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 85 ක් මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අපරාධ පරීක්
පළාත් පාලන නොමැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් හදාගෙන වෙනත් ලාංඡනවලින් ආවත් විපක්ෂයේ භාවිතාව, දර්ශනය, හැසිරීම වෙනස් නොවනතාක් ජනතාව පිළිනොගන්නා බව අග්
ගාල්ල ප්‍ර දේශයේ පවත්වාගෙන යනු ලබන හෝටලයකට මෙම වසර සදහා වෙළෙද බලපත්‍රය ලබාදීම සදහා රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන මෙවර ප්‍ර දේශීය සභා මැතිව
හිටපු ජනාධිපතිවරයෙකු වන දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 32 වන ගුණ සමරුම් උත්සවය කොළඹ අලුත්කඩේ උසාවිය අසල එතුමාගේ පිලිරුව අභියසදී අද (01) පැවැත්විණි.
බටලන්ද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ මීළඟ විවාදය පැවැත්වෙන දිනය හෙට (2) තීරණය කිරීමට නියමිතය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ සතුව කෝටි ගණනක සැක වාහන 5ක්
ජයනාත් Tuesday, 14 January 2025 02:00 PM
එයා හා සම්බන්ධ ප්‍රබල දේශපාලකයින් කවුද..?
fairoos Tuesday, 14 January 2025 03:08 PM
අවුරුදු 35න් කොහොමද මෙච්චර සල්ලි හම්බකළේ...? තාත්තා කෝටිපතියෙක් වෙන්න ඕනේ...
Nimal Rathnaseekara Wednesday, 15 January 2025 05:08 AM
සමහරවිට තාත්තා පළාත් සභාවක සැපයීම් නිළධාරි හෝ වාහන සම්බන්ධ කෙනෙක් වෙන්න බැරිද?
බකල ජයා Tuesday, 14 January 2025 11:13 PM
ඔන්න තියෙනවා ඉල්ලගෙන කනවා කියන එකේ නිර්වචනය...