කකුලේ සිට කොන්ද දක්වා යන ස්නායුවක ආබාධයක් නිසා දින 20ක පමණ සිට එකතැන් වී සිටින නාවල රාජගිරියේ විමල පාරේ අංක 17/2 නිවසේ පදිංචි එන් එම් ජේ නවරත්න මහත්මියට එම් ආර් අයි ස්කෑන් පරීක්ෂණයක් සිදු කරන ලෙස කොළඹ මහ රෝහලෙන් නිර්දේශ කර ඇත.
එම රෝහලේ එම්ආර්අයි ස්කෑන් පරීක්ෂණය සිදු කරන්නට මසක් පමණ බලා ඉන්නට සිදු වන බවත්, පිටතින් කරන්නේ නම් රුපියල් 28,000ක් යන බවත්, ඉතා අමාරුවෙන් දිවි ගෙවන තමාට එවැනි මුදලක් සොයා ගැනීම අපහසු බවත් නවරත්න මහත්මිය කියන්නීය.
ගෙන් ගෙට ගොස් පින්තූර විකුණා ජීවත්වූ ඇගේ මාසික ආදායම රුපියල් 3000ටත් අඩු බව ශ්‍රී ජයවර්ධනපුර සමාජ සේවා නිලධාරිනී එස් සමන්ති ප්‍රසංගිකා සිල්වා මහත්මිය කියන්නීය.
(072 88 49 506)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මේ අම්මට උපකාර කරමු (අ)
බැංකු ගිණුමක විස්තර සපයන්න. (අ)
හිතවතුනි, මම මේ පරීක්ෂණය සඳහා මුදල් රෝහලට ගෙවීමට කටයුතු කලා. ඒ නිසා ඔබලා උදව් කරනවා නම් වෙන අවශ්‍යතාවයන් සඳහා මිස මෙම පරීක්ෂණය සඳහා මුදල් ගෙවිය යුතු නැත.(නදී) .
වැඩි විස්තර එවන්න. ගිණුම් අංකයත් දාන්න. (අ)
අසරණ මිනිස්සුන්ට පිහිට වෙන එක අපේ යුතුකමක් (අ)
අසරණ වූ වෙලාවට එ මිනිස්සුන්ගෙන් කඩා වඩා ගන්න වෙර දරන ම්නිස්සු ඉන්නවා පරිස්සෙන් (දී)
අසරණ මිනිස්සුන්ට පිහිට වෙන එක සිංහල අපේ යුතුකමක් (දී)