රුපියල් දහතුන් ලක්ෂ හතලිස් පන්දහාස් හත්සීයක් වටිනා රත්තරන් බකල් 6 ක් සහ රන් කූරක් සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකාරිය කල්මුණේ පදිංචිකාරියකි.
රන් බකල් 6 ක් ඇගේ අත් බෑගයේ පටි වලද, රන් කූර එන්නත් නලයක ද දමාගෙන ඇය ගුවන්තොටුපොළට පැමිණ තිබු බව රේගුව කියයි.
අත් අඩංගුවට ගත් රන් වල බර ග්‍රෑම් 245 කි.
ඇය ඉන්දියා ගුවන් සේවයට අයත් ඒ.අයි 274 දරණ ගුවන් යානයෙන් චෙන්නායි බලා යාමට කටුනායකට පැමිණ ඇත.
මේ පිළිබඳව රේගු පරීක්ෂණය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඒ.කේ.ජී.එල්.එෆ් පෙරේරා මහතා සැකකාරියට රුපියල් හැත්තෑපන් දහසක දඩ නියම කොට රන් බකල් හා කූර රාජසන්තක කළේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂණය යටතේ නියොජ්‍ය රේගු අධ්‍යක්ෂක ඒ.කේ.ජී.එල්.එෆ් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඩබ්ලිව්.ඒ.යූ අබේවර්දන සහ සහකාර රේගු අධිකාරීවරුන් වන එම්.එස්.ඉසෙඩ් ෆායික්, ලලිත් දුෂ්‍යන්ත, සිසිර පෙරේරා, බී.ඒ.එන්.කේ බාලසුරිය සහ නිරෝෂ විජේතුංග යන නිලධාරීහු සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු මේවස හංගන්නේ ඇග ඇතුලේ කොටස් වල. මෙයා අහිංසක හෙරක් වගේ හි හි හි (දී)
දැන් කෝ ඒ රාජ සන්තක උන බඩු ටික (දී)
එක අතකට වෙන දඩුවම් මොකටද? අර තරම් වටිනා රන් තොගය අහිමිවීමම මදෑ... (නි)
කාන්තාවට දෙන දඩුවම මොකක්ද දැන්? (නි)
ලංකාවෙන් රත්තරන් අරගෙන ගියාම වෙන වැරැද්ද මොකක්ද? ඉන්දියාවට ප්‍රශ්නයක් නැත්තම් අපිට මොකද? (නි)
හිෂාන් කියන්නේ මේ ලෝකේ හසරක් නොදන්නා පොඩි ළමයෙක්. මෙවැන්නෝ තමයි මේ වගේ වැඩ කරලා අහුවෙන්නේ. ඒ වගේම කසුන්ගේ අදහසට කියන්න ඕනෑ දේ මේකයි. මේ රත්තරන් ඒ කාන්තාවගේ නොවෙයි වෙන්න ඇති. කාන්තාව පඩියට වැඩ කරන්නියක් වෙන්න බැරි නැහැ (නි)
මදැයි අවුරුදු කටේ කරගත්ත දේ? (නි)
කියලා වැඩක් නැහැ පද්මා මදැයි අවුරුදු සරුවට කන්න හැදුව නේද ? (දී)
මම කොහොමද ඉතින් වැඩේ වැරදියි කියලා කියන්නේ වරදට දඩුවමක් තියෙන්න ඕනෙනේ (දී)
අත් බෑගයේ රන් බකල් චෙන්නායි ගමන බකල් කරයි . මෙය දුටු විට මටම සිනා ගියා (දී)
රත්තරන් පිටරට අරන් යන්න බැරිද නීතියෙන් තහනම්ද (දී)
අවුරුදු කියලා වංචාව නවත්තන්නේ නැහැ, (දී)
ගන්දර සයිමොන්ගේ අදහස හරි, නියම නිර්මානාත්මක මාතෘකාවක් (දී)
මිනිස්සු ජිවත් වෙන්නද නැතිනම් නොදැනුවත් කම නිස්සාද මෙවන් වැඩ කරන්නේ (දී)
මහ බැංකුව මගින් ප්‍රකාශ කර ඇති පොතක විනිමය පාලන රෙගුලාසි ගැන තිබෙනවා. ඒ අනුව රත්තරන් පිටරටට රැගෙන යා හැකියි. රේගු ප්‍රකාශනයක් ඉදිරිපත් කළ යුත්තේ මූල්‍යමය කටයුතු වලට ගනු ලබන රන් සදහා පමණයි. එහිත් සීමාවක් නැහැ. ප්‍රකාශ නොකළ යුතු දෙයක් සඟවාගෙන යාම වරදක් නොවේ. (නි)
දමිත්, රත්තරන් කියන්නේ වටිනාකමකට. ඒ වටිනාකම තීරණය කරන්නේ විනිමය වෙළඳපොල හරහා රටක මධ්‍යම බැංකුව විසිනුයි. රටකට රත්රන් මිලදී ගන්නේද එම රටේ මධ්‍යම බැංකුවයි. රත්තරන් බෙදා දෙන්නේද මධ්‍යම බැංකුවයි. රටක රත්තරන් වැඩිවෙන්න වැඩිවෙන්න ඒ රටේ ආර්ථිකයට බෙහෙවින් ශක්තිමත් පිළිගැනීමක් තියෙනවා. එහෙයින් රටක ආර්ථිකය උස් මිටි කරන්නට අදාළ වන වැදගත් මුලද්‍රව්‍යයක් වන්නේ මේ රත්තරන්ය. ඒ අනුව රටකින් රටකට නීති විරෝධීව රත්තරන් එහා මෙහා ගෙනයාම තහනම් වේ. මෙය අද ඊයේ ඇතිකළ නීතියක් නොවෙයි. (නි)
ඔක්කොම රත්තරන් චෙන්නායි පැත්තටම තමා ඇදෙන්නේ. පහුගිය දවස් වල මිනිස්සුන්ගේ කනේ කරේ තිබිලා කඩා ගෙන ගිය ඒවත් එහෙ තියනවාද දන්නේ නැහැ. (නි)
අනේ මන්දා, මේ අවුරුද්දකුත් අත ළඟ තියාගෙන කරගන්නා දේවල්? (නි)
වෙන ක්‍රමයකටයි ඕවා ගෙනියන්න තිබුණේ.... (නි)
රන් ග්‍රෑම් 245ක් අල්ලන්න රේගුවේ 9 දෙනෙක් සහභාගි වුණාද?(නි)
පද්මා,ශාන්ති,මෙයා අවුරුද්දට ඉල්ලන් කාලා තියෙන්නේ.(නි)
රණා නමැති කෙනෙක් අමුතුම විදියේ අසත්‍යක් ප්‍රකාශ කර තිබෙනවා. ටිකක් කියවලා බලන්න, සොයා බලන්න, ආසා හිතෙනවා දැනගන්න. (නි)
අනේ රත්තරන්, මෙහෙම කරන්න එපා(නි)
රනා, සිල්වා,හිෂාන් වැනි අයගේ කොමෙන්ට්ස් දකිනකොට ප්‍රශ්නය තේරුම් ගෙන නැති බව හොඳටම පැහැදිලිවෙනවා. කෙටියෙන් කියනවා නම් රත්රන් නීති විරෝධී ලෙස පිටරට ගෙනයාම සපුරා තහනම් දෙයක්. රත්තරන් යනු කුමක්දැයි මෙහි විද්ව නමැති කෙනෙක් සරලව විග්‍රහ කරනවා. රටක රත්රන් යනු ආයෝජන සඳහා උපයෝගී කරගන්නා මුදලට සමානම දෙයකි. රත්රන් පිට රටකට ගෙනයාම යනු රටක මහා බැංකුව විසින් කරන විකිණිමකි. ඒ හැරෙන්නට පිරටකට හොර රහසින් ගෙනයාම කළ නොහැකිය. එසේ කරන්නෝ රටට ආදරයක් නැත්තෝය. මෙවැනි වරදවලට දඩ ගැසීම පමණක් ප්‍රමාණවත් නැත. (දී)
මෙතැන දාල තියන අදහස් බැලුවම රත්තරන් කොච්චර වටිනවා උනත් එපා වෙනවා . (දී)
ලෝක වෙළද පොලේ මිල වැඩිලු රත්තරන්........සමහරු හොර රහසේ ගෙනයාලු රත්තරන්.......උකස් කරල සින්න වෙන්නේ අපේ රත්තරන්.....මේවා දැකල කෝප ගන්න එපා 'රත්තරන්'.................. (දී)