IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අත දරුවාගේ බඩෙත් මාල තුනක්

රුපියල්   විසි අටලක්ෂයක් වටිනා  නිම නොකළ රන් දම්වැල්  තම දරුවන්ගේ  ඇඟෙහි   බැඳගෙන  ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි  ශ්‍රී ලාංකික යුවලක්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා  පැවසීය.

සැකකරුවන් තරුණ වියේ පසුවන කල්මුණේ පදිංචි අඹු සැමි යුවලකි.   

වයස අවුරුදු 4 ක් වු සිය  වැඩිමහල් පිරිමි දරුවාගේ  ශරීරයේ  නිම නොකළ රන් දම්වැල් තුනක් ද  මාස 14 ක්  වු අත දරුවාගේ  බඩෙහි නිම නොකළ රන් දම්වැල් 3 ක් බැඳ තිබු බව රේගුව කියයි.

කාන්තාවද  නිම නොකළ රන් වළලූ දෙකක් පැළඳ සිටි ඇත.

අත් අඩංගුවට ගනු ලැබු රන් අභරණ වල බර ග්‍රෑම් 560 කි.

මොවුහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 153 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.
 

මේ පිළිබඳව රේගු පරීක්ෂනය සිදු කළ නියෝජය රේගු අධ්‍යක්ෂක කේ.එස්.කේ.දි සිල්වා මහතා විසින් සැකකාර යුවලට රුපියල්  විසිදහසක දඩ නියම කොට එම රන් අභරණ රාජසන්තක කළේය.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ  අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.එස්.කේ දි සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඩැනී අප්පුහාමි, ඩී.අරේවත්ත සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ඒ.කේ.ආර් සමන්ජිත්, ඒ.ජේ.ඒ.එස් ගුණසේන, ආර්.එම්.එන්.සී බංඩාර, ජනිත් විමලදාස, සාගර කුමාර සහ ගයාන්  විජේගුණරත්න සහ සිනාරි පෙරේරා යන නිලධාරීහු සිදු කළහ.  

 



අදහස් (0)

අත දරුවාගේ බඩෙත් මාල තුනක්

කුමාරි Sunday, 06 April 2014 07:30 PM

දැන් මෙහෙම රාජසන්තක දේපල වලිනුත් හොඳ ආදායමක් තිබෙනවා නේද රජයට? නරකද ඒවා නැති බැරි අයට බෙදා දුන්නොත්? (නි)

:       0       0

රෝයි Sunday, 06 April 2014 09:06 PM

රාජසන්තක කරන දේවල් ඇත්තට කොහෙද යන්නේ? (නි)

:       0       0

තිලක් Monday, 07 April 2014 06:07 AM

මත්තලින් ගියා නම් ඉවරයිනේ. (නි)

:       0       0

තිලක් Monday, 07 April 2014 06:09 AM

රාජසන්තක කරන රත්තරන් වලට මොකද වෙන්නේ? (නි)

:       0       0

නිසාර් කුවෙට් Sunday, 06 April 2014 11:29 PM

රාජසන්තක කරපුවා වල මේ දක්වා වටිනාකම කීයද ?(නදී)

:       0       0

ගාමිණී Monday, 07 April 2014 09:37 AM

රාජ සන්තක රත්තරන් වලට මොකද වෙන්නේ කියලා කාගෙන්ද අහන්න ඕන. (ස)

:       0       0

භානු Monday, 07 April 2014 12:12 AM

මොකද මේ රත්තරන් පැළඳ ගත් සියලු දෙනාම චෙන්නායි පැත්තටම යන්නේ? (නි)

:       0       0

රණතුංග Sunday, 06 April 2014 05:40 PM

දැන් වෙනත් ක්‍රමවේදයන් අත්හදා බලනවා වගෙයි. (නි)

:       0       0

ශ්‍රීලාල් Monday, 07 April 2014 02:02 AM

මේ දඩ මුදල්, රාජසන්තක කරන භාණ්ඩවල විස්තර විනිවිදව පෙන්නුම් කරනවා නම් මහජනයාගේ වැරදි අදහස් නතර වෙනු ඇත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site