ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කළ පාපයට හවුල් නොවී මහින්ද රාජපක්ෂ මහතා ගෞරවාන්විතව දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බව මධ්‍යම පළාත් මහාමාර්ග, විදුලිබලෙ, නිවාස හා ප්‍රවාහන අමාත්‍ය එදිරිවීර වීරවර්ධන මහතා පැවසීය.
‘‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසි දිනෙක දෙකඩ වෙන්නේ නෑ. ඒ සදහා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉඩ දෙන්නේ නෑ. ඒ වගේම මගේ විශ්වාසයේ හැටියට මහින්ද රාජපක්ෂ මහතාත් වෙනම පක්ෂ හදා පක්ෂය දෙකඩ කරන්න ඉදිරිපත් වන එකක් නෑ. එහෙම නැතිව පක්ෂයට සම්බන්ධ නැති පිරිසකගේ වුවමනාවට වෙනම පක්ෂයක් හදන්න මහින්ද මහතා සහාය දුනහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට හවුල් විමක් වෙනවා. මහින්ද මහතා අපි ගරු කරන නායකයකු ඒ නිසා අපි එතුමගෙන් ඉල්ලනවා ශ්‍රිලංකා නිදහස් පක්ෂය දෙකඩ කළ පාපයට හවුල් නොවී ගෞරවාන්විතව විශ්‍රාම යන ලෙස.
අද මේ පක්ෂය දෙකඩ කර වෙනම පක්ෂයක් හදන්න උත්සාහ කරන කිසිම කෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් නොවෙයි. ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එල්ලිලා ඔවුන්ගේ දෙශපාලන ගමන ගිය අයයි. ඔවුන්ගේ වුවමනාවට පක්ෂය කඩන්න කවුරුවත් ඉඩ දෙන්නේ නෑ. මහින්ද රාජපක්ෂ විශ්‍රාම ගියහොත් මේ සියලු දෙනාගේ දේශපාලනය සුනාමියට හසු වුණා වාගේ විනාශ වී යනු ඇති. ඒ නිසාම තමයි ඔවුන් මේ විදිහට මහින්ද මහත්තයා ඉසස්රහට දාගෙන අලුත් පක්ෂයක් පිහිටවා ගන්න උත්සාහ කරන්නේ. ‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂයේ බෙදීමක් ඇතිවුණේ 2014 ජනාධිපතිවරණය ප්‍රකාශ කළ දිනයේ සිටයි. මෙයට වගකිවයුත්තේ එදා පක්ෂය හැරදමා ගිය අයයි (නි)
ගමගේ හරි. මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් දැනට ඉන්න අයගෙන් මහින්ද මහත්තයට විතරයි. ඒකයි මිනිස්සු තාම එතුමාව ඉල්ලන්නේ. අපිට පක්ෂ වැඩක් නැහැ. අපිට ඕනෑ වැඩ. (නි)
පක්ෂ හැදෙන්නේ එක කෙනෙකුගේ උවමනාවට වෙන්නත් පුළුවන් කීප දෙනෙකුගේ උවමනාවට වෙන්නත් පුළුවන්. හැබැයි පක්ෂේ නායකයා දෙවියෙක් වුනත් වැඩක් නැහැ ජනබලයක් පසුබිමේ නැත්නම්. අලුතින් බිහිවුන පක්ෂ කීයක් අද වන විට නිකම්ම අහෝසි වෙලාද? හොර මැර දුෂණ නැති, ඉහලින්ම ප්‍රතිපත්ති රකින බව කියන ජ.වී.පෙ. ට වත් නොවැටී ඉන්න මිසක් රජයක් පිහිටුවන්න තරම ජන බලයක් නැත්තේ ඇයි? මහින්ද අලුත් පක්ෂයක් හැදුවත් හොඳ ජන බලයක් නැත්නම් බිම. (බ)
එහෙයියන් (අ)
අපිට දැන් මොනවා වුණත් ගාණක් නැහැ (නි)
ඇත්තම කිවුවොත් අපිට දැන් කඩන්න හිතිලා තියෙන්නේ දේශපාලකයන්ගේ අත් (නි)
අත පමණක් නොවේ, සියල්ල කඩා හෙළා දමන්න ක්‍රියා කරන්නේ නව පක්ෂයේ නායකයන් බවයි අපිට නම් පෙනෙන්නේ (නි)
මම නම් කියන්නේ මහින්ද මහතා අළුත් පක්ෂයක් හදන එක හොඳයි (නි)
මොනවද මේ කියන්නේ? දැනටමත් පක්ෂය කැඩිලානේ තියෙන්නේ. (නි)
දැන් ඔකේ කඩන්න දෙයක් ඉතුරු වෙලා තියනවද ? (ර)
හරියටම හරි. (ර)
මේ ගොල්ලන්ට ඔක්කොටම වඩා ලොකු වෙලා තියෙන්නේ පක්ෂ දේශපාලනේ මිසක් රටේ සංවර්දනය නෙමෙයි. (ර)
පක්ෂයක් සහ එහි සලකුණක් යනු එකම දේශපාලන මතයක් දරන ජන කණ්ඩායමක් හදුන්වන නම සහ එහි සංකේතයයි. එම සංකේතය සහ නම කිසියම් සුළු පිරිසක් උප්පරවට්ටියකින් තබාගත් නිසා මුළු ජනකණ්ඩායම ඒ ලකුණ වටා සිටියි සිතීම අමනකමකි. එම මතය දැරූ පිරිස සදහා නම් සහ සලකුණු අනන්ත ප්‍රමාණයකින් එකක් සොයාගත හැකිය. එය අත නොව කකුල ඇගිල්ල හෝ නියපොත්ත වියහැක. වැදගත් වන්නේ එම මතය දැරූ පිරිස ඉන්නේ කොතනද යන්නය. (ර)
අත කැඩීමේ පවට මුල්ගල තිබ්බේ කව්ද කියලා ඔබ නොදන්නා එක ගැන කනගාටුයි. (ර)
හිටපු ජනදිපතිවරුන්ව ආදර්ශයට ගෙන ගෞරවාන්විතව විශ්‍රාම ගියොත් තමා හොද. (ර)
මෙතුමාගේ ප්‍රකාශය කාලෝචිතය. අත කැඩීම දෙපාර්ශවයක් ආරක්ෂා වීමකි. අත කැඩීම මඟින් වැරදි කරුවන් නිවැරදි කරුවන් වන්නේද යන්න අපි බලා සිටිමු. . පිරිසිඳු අතක් රටේ අවශ්‍යතාවයකි. (ර)
සම්පුර්ණ ඇත්ත... (ර)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යු එන් පීය සමඟ එකතුවෙලා අත කැඩීමේ පවට මුල්වුයේ කවුද කියලා අපි දන්නවා (නි)
අත දෙකඩවීම ඔබලාගේ බලතණ්හාව නිසා වූ දෙයක්. රැවුලයි කැඳයි දෙකම බැහැ. (නි)
අපි මහින්ද මහතා සමග ඉදිරියට යන්නයි බලන්නේ. (ර)
අනේ! පුදුම වෙනස්වීමක්. මතකද ඒ දවස්වල පෝස්ටර් ගැහුවා අපි මහින්ද සමඟ කියලා. කරුණාකර රාජපක්ෂ නමට පහනක් පත්තු කරන්න. එය එතුමාට කරන ගෞරවයක්. ඒ වගේම යහපාලනය පැත්තට හැරෙන්නවත් එපා (නි)
අප හැමදාම එහෙම තමියි. (ර)
ලකුණ පමණක් ඇත, පාක්ෂිකයා නැත. (ර)
මේක තමයි ඇත්ත කතාව. (ර)
කඩන්න එපා මෛත්‍රී වගේ අන්තිම මොහෙතේ ආප්පයක් කාලා හැරෙන්න එයාට පුලුවන්නම් මහින්දට බැරිමොකද ඒ වෙලාවේ මෙයා හිටියේ කොහිද ඇයි මේ දැන් බයවෙලා මහින්ද පැරදුනත් කමක් නැහැ අලුත් පක්ෂයෙන් ඉල්ලිය යුතුයි (බ)
අතද, කකුලද කියන එක නෙමෙයි ප්‍රස්නේ, රට සංවර්දන කරන්න පුළුවන් කාටද, අපි ඔහු සමගයි. ඒ කව්රුත් නෙමෙයි හිටපු ජනපති. (ර)