බණ්ඩාරනායක මහතා සසහ ඩී.ඒ.රාජපක්ෂ මහතා එජාපයේ කෙනෙහිලිකම් නිසා එදා එළියට බැහැලා හැදූ ශ්‍රීලනිපය අද අලියාට තුරුළුවී සිටීම ගැන කනගාටුවන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද කිරුළපන පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලියට එක්වෙමින් පැවසීය.
රාජපක්ෂ මහතා සිය කථාවේ මෙසේද සඳහන් කළේය.
‘සහෝදරවරුනි මම පහුගිය දවස් ටිකේ ලස්සන කථා අහ අහා හිටියා. මට ඇහෙනවා එක නාලිකාවක කියනවා තාම මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂයේ රැස්වීමට ඇවිල්ලා නෑ කියලා. ටෙලිපෝන් කෝල් කිහිපයක්ම ආවා තාම නිදිද යන්නේ නැද්ද කියලා. ඒ මෙහෙ අය නෙවෙයි. දුර පළාත්වල අය. ඉතින් මම දඩිබිඩි ගාලා ආවා. ආවම අපේ මන්ත්‍රීවරු කියනවා මට මුලින් කථා කරන්නලු. මම කිව්වා කථා කරලා ඉවරවෙනකම් මම මෙතැනින් හෙල්ලෙන්නේ නෑ කියලා. මේ දවස්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තමයි මම මේ වේදිකාවට ආවේ කියන එක මතක් කරන්න ඕන.
ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මම මෙතැනට ආවා. අපේ පක්ෂේ රැස්වීමක් ගාල්ලෙත් තියෙනවා. අපේ නෙවෙයිද? නෑ නෑ ඒ ගිය අය මට සමහරු කිව්වා අපි සර් එතැනට ගිහින් එන්නම් කියලා. එහෙ වැහැලා හේදිලා ගිය හින්දා අපි හදලා දීපු හයිවේ එකේ විනාඩි 45 න් මෙතැන. මෙතැනින් තමයි එන්න බැරිවෙන්නේ. පාර හිරවෙලා. අපේ ප්‍රධාන හතුරා මේ ආණ්ඩුව. බණ්ඩාරනායක මහතා එජාපයෙන් අස්වුණේ ඩී.ඒ.රාජපක්ෂ මහතා සමග එදා එජාපයෙන් කළ කෙනෙහිලිකම් නිසා. ජනතාවට සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු සියලු දෙනාට කළ කෙනෙහිලිකම් නිසා. මට කනගාටු එදා බණ්ඩාරනායක මහතා හදපු ශ්‍රීලනිපය අද අලියාගේ තුරුළට තුරුළු වෙච්චි එක ගැනයි. මොන ජාතික ආණ්ඩුවක්ද? රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා තියෙනවා මට නඩු දානවා කියලා. යුද්දෙ හරියට කළේ නෑ කියලා නඩු දානවලු. බෙදිච්ච කැඩිච්ච රටක් අපි එක්සේසත් කළා. ඒක ආපහු කඩන්න ඉඩදෙනවද කියලා තමුන්නාන්සේලා තීරණය කරන්න. මගේ කැබිනට්ටුව ලොකුයි කිව්වා. ඒකට කන්න දෙන්න බැරි නිසාලු මේක කළේ. හෙට ඉඳලා වැට් බද්ද එනවා දන්නවද? මේ බදු වැඩි කරන්නේ ඇයි මට තේරුමක් නෑ. මම ගණන් හදලා බැලුවා. ලෝකයේ දැන් බොරතෙල් බැරලයක මිල 60%කින් අඩුවෙලා. කිරිපිටි 60%කින් අඩුවෙලා. සීනි 20%කින් අඩුවෙලා. යූරියා පොහොර 40%කින් අඩුවෙලා. හැබැයි ලංකාවේ බඩුමිල අඩුවෙන්නේ නෑ. වැඩිවෙනවා. 2015 අපේ මුදල් ඇමැති ගෙනාවා අයවැයක්. ඒක අයවැයක් නෙමෙයි ණය වැයක්. ලයිට් බිල වැඩිවෙනවා. තමුන්නාන්සේලා තෙමෙනවානම් මමත් තෙමෙන්නම්. මට කුඩ ඕනෑ නෑ. මට ගොඩත් එකයි මඩත් එකයි. මම බලයේ හිටියා අවුරුදු නවයක්. මම විදේශ ණය අරන් තියෙන්නේ ඩොලර් බිලියන 12යි. ඒකෙන් 4ක් යුද්ධයට වියදම් කළා. අනෙක් අටෙන් තමයි රටේ පේන්න තියෙන සංවර්ධනය කළේ. ඔය කියන වරාය ඔය කියන ගුවන්තොටුපළ දැන් වී ගබඩාව මේවා ඔක්කොටම ගියේ දොළහයි. විද්‍යාගාර තවම විවෘත කරගන්න බැහැ. මේ ආණ්ඩුව අද වෙනකොට බිලියන 7.4ක් අරන්. හයිඩ් පාර්ක් එකේ ඵෛතිහාසික රැලිය වෙනකොට තිබුණේ 6යි ගාණක්. මේ මාස දෙක තුනට බිලියනයක් වැඩිවුණේ කොහොමද ? කරපු කෙන්ගෙඩියක් තියෙනවාද? මේ යූඇන්පී ආණ්ඩුවෙන් තමයි ණය අරන් තියෙන්නේ. හැබැයි එතුමා කියනවා ශ්‍රීලංකන් එකෙන් විතරක් කෝටි 320ක් පාඩුයිලු. අද මේ සෙනග ආවට පස්සේ මේ කථාව කළාට පස්සේ අපේ හිතවතුන්ට නඩු වැටෙනවා. කෝ ඉන්නවද ඔක්කොම බලාගෙන ඉන්න. මම නාමල්ට කියලා තියෙන්නේ උඹ බලාගෙන හිටපන් යන්න වෙනවා. බැසිල්ට ගෝඨාට යන්න වෙනවා. ඊළඟට මටත් යන්න වේවි. විමල් ඇමැතිතුමා ලෑස්ති වෙන්න. අපිට එකට යන්න පුළුවන්. හැබැයි මම කියනවා අපි හිරගෙවල් දාහක දැම්මත් මේ රටේ ජනතාව වෙනුවෙන් මේ එකමුතුව කඩන්න දෙන්නේ නෑ. මේක ඉදිරියට ගෙනියනවා. අද සමහරු බොරු ප්‍රචාර ගෙනියනවා අපි කුමන්ත්‍රණය කරනවාලු. ඩීල් ගහනවාලු. අවුරුදු 40 ගාණක් යූඇන්පී විරෝධී රැලියේ හිටපු මට මේක කිව්වම මට පුදුමයි.අපේ කියලා කියා ගන්න අය කියන්නේ. කවුරුවත් අපි ඩීල් ගහන්න සූදානමක් නෑ. මේ සන්ධානය කඩන්න සූදානමකුත් නෑ. මේ ආණ්ඩුවට විරුද්ධවට කරන ව්‍යාපාරය අපි දිගටම කරන එක නවතින්නේ නෑ කියන එක මතක් කරමින් මේ රටේ ජනතාව කොතැනද මහින්ද රාජපක්ෂ ඇතුළු අපි සියලු දෙනා එතැන ඉන්නවා කියන එක මතක් කරනවා. මේ රටේ ජනාධිපති මන්දිරේ ඉඳන් හැම ආයතනයක අස් කරපු මිනිස්සු වෙනුවෙන් කම්කරුවන් වෙනුවෙන් අපි පෙනී සිටිනවා කැප වෙනවා‘



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන හේතු මත හිරේ යාමයි, හොරකම් කරලා හිරේ යාමයි එකක් නොවේ දෙකක්. (නි)
සමනළ පිටියට ශ්‍රීලනිප ජන ගඟ ගලයි. ඒකාබද්ධය අනාතයි (නි)
ඊයේ රැස්වීම් වලින් අවිනීත ලෙස හැසිරුණු මිනිස්සු හිටියේ කොයි රැලියේද කියලා හෙව්වොත්, ඔය බලවේගය මොකද්ද කියලා හොඳට පැහැදිලි වෙනවා. අවට බේස්ලයින් පාරත් හයිලෙවල් පාරත් ගන්න දෙයක් නැහැ. බෝතල්, කුණු හැමතැනම. පෙළපාලියක කිසිම සංවිධානයක් නැහැ. ඔහේ හිතු හිතු වෙලාවට මිනිසුන්ට ඕනෑ ඕනෑ විදිහට පාර පුරාම යනවා. හුඟක් අය බඹර පදමට ගහලා. (නි)
මහින්ද හරියටම හරි. ලෝක වෙළඳපොළේ මිල මෙච්චර අඩුවෙනකොට ලංකාවේ විතරක් වැඩිවෙනවා. ඒ මදිවට අද ඉඳලා වැට් එකත් වැඩියි. (නි)
ඔය කාගේ හරි ළමයෙකුව හුරතල් කරලා, ඊටපස්සේ පළමුවත් මවුබිම, දෙවනුවත් මවුබිම, තුන්වනුවත් මවුබිම කියලා මහ පොළොව සිපගත්තා නම් තමයි තවත් හොඳ (නි)
කොහොමද ගාල්ලේ සෙනග. හිතුවේ නැහැ නේද? දැන් ඉතින් කට්ටිය පල්ලම් බහින්න පටන් ගනියි. (ර)
ඔබතුමා නැති අඩුව දැන් තමයි දැනෙන්නේ මහත්තයෝ (නි)
මම අද කිරුළපන පිටියේත්, ජවිපෙ රැලිය තිබුණ පිටියේත් වෙනස හොඳින් දැක්කා. ඒකෙන්ම පෙනෙනවා වෙනස! (නි)
අපේ රටේ හිටපු නායකයා විදියට ඔහොමද කියන්න ඕන? (හේ)
ඔබ තුමා හිතුවේ නැති ජන ගඟක් ගාල්ල සමනල පිටියට අාවා...(හේ)
මටනම් මේවා අමුතු දේවල් නෙමෙයි.මොකද මෙවැනි මැයි රැලි ඕනෑතරම් මට තේරෙන කල සිට දැක පුරුදු නිසාත් හුදෙක් මේවා දේශපාලන වාසි කතා පවත්වන රැලි නිසාත් එහි කිසි වැදගැම්මකට නැති බවක් මටනම් හැගුනු වාර අපමණය.(ම)
ඔබතුමා කරපු ක්‍රමයට හිරේ දැම්මා නම් ඔය කියපු ඔක්කොම ඇතුළට යන්නේ 2015 ජනවාරි 9 වෙනිදා. දැන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන නිසා ඔබතුමාලත් පිනුම් ගහනවා. (නි)
අපි ලෝකයේ කොහේ හිටියත් හැමදාම ඔබතුමා සමඟයි. (නි)
බලයේ සිටියදී කල දූෂණ වලට, ඥාති සංග්‍රහ වලට පිලිපීනයේ මාකෝස්, ඉන්දුනීසියාවේ සුහර්තෝ, තායිලන්තයේ ෂිනවත්‍රා වැනි නායකයන් පවා දඬුවම් වින්දා. (ර)
ඔබයි අපේ හදවතේ ජනපති. ජයවේවා! (නි)
සෙනඟ නම් මදි නේද? (නි)
ඔබතුමා කම්කරු ඇමති වෙලා හිටිය කාලේ කම්කරු ප්‍රශ්න විසඳුවේ නැත්තේ මොකද මහත්තයෝ? එතකොට ඔබතුමා ජනාධිපති නොවෙයි නම් ඉතින්, ඔබතුමා ජනාධිපති වුණාට පස්සේ කම්කරු ප්‍රශ්න විසඳුවේ නැත්තේ මොකද? (නි)
මහින්ද මහත්තයෝ, ඔබතුමා තමයි තවමත් රටේ ජනතාවගේ හදවතේ ඉන්න ජනපති (නි)
පක්ෂ පාට මොකක් වුණත් ඔබේ අදහස් ගරුකරමි. නමුත් ඔබට වැරදුන තැන තවම නිවැරදි කරගෙන ඇති බවක් නොපෙනේ (නි)
හොරකම් කරලා සමහරු හිරේ යන්න හදන්නේ මහා ලොකු විමුක්තිකාමී වැඩක් කරලා වගේනේ... (නි)
සහතික ඇත්ත. ආණ්ඩුවේ ඉන්නකොට යු.එන්.පී.තුරුල්ලේ. බොරුවට මැයි රැලියේදී විතරක් වෙනම. කාවද මේ රවටන්නේ? (නි)
ජය වේවා ඔබතුමාට! අපි ඔබ සමඟයි (නි)
අතීතයේ සිටම අලියා සහ අත ලකුණ අතර ලොකු වෙනසක් තිබුණේ නැහැ. මුහුණු සහ නායකයන් වෙනස්වුණ එක විතරයි වුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙනසක් සිදුවුයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ පමණයි. එසේ නොවන්නට අලියා ළඟට අත ගියත්, අත ළඟට අලියා අාවත් දෙකම එකයි (නි)
දැන් ඔය කතා කිව්වට වැඩක් තියෙනවද මහත්තයෝ (හේ)
මට තේරෙන්නේ නැහැ මේ කතාව මැයි දිනයට කොහොමද අදාළ වෙන්නේ කියලා. (නි)
හැමෝම එක එක කතා කියනවා. අද ඉඳලා බදු වැඩියි නේද? අපි මේවා අහ අහා බදු ගෙව ගෙවා ඉන්නවා (නි)
ක්‍රි. ව. 1948 සිට කම්කරු දිනයට දේශපාලකයන් වැඩකරන ජනතාව වෙනුවෙන් හඬන විලාපය කවදත් අපිට පුරුදුය. බලය නැති කාලයට ගොඩත් මඩත් එක වගේ දැනෙන දේශපාලකයන්ට බලය ලැබුණවිට මතක් වන්නේ මන්දිර, තමන්ගේ පවුල් සහ සැපපහසු ගුවන් යානා ගැනත්ය. තව පාර්ශවයකට බලය නැති කාලයේදී කම්කරු ජනතාව තමන්ගේ දෙවිවරු වෙනවා ඇත. මේ පසුබිම සමඟ රටේ දේශපාලකයන් සහ ජනතාවගෙන් සුළු කොටසක් ඉහළම සැප සම්පත් භුක්ති විඳිනු ඇත. මේ අතර තවමත් දිනකට රුපියල් 650ක වැටුපකින් දිවි ගැටගහ ගන්නා කම්කරු ජනතාව ගැන මේ හඬ නඟන සියලුම දේශපාලකයන්ට කොපමණ ආඩම්බරයක්ද? (නි)
පොදු ජනයා මෝඩයින් යැයි සිතා දේශපාලඥයින් දෙන මේ විහිළු වල අවසානයක් දැකිය යුතු කාලය එළඹ ඇත. මැයි 1 වනදා කම්කරු දිනය හුදෙක් දේශපාලන දිනයක් බවට පත්කරන රටක් මේ සිරි ලංකාව හැර වෙන නොමැත. අද ලෙනින් ජීවතුන් අතර සිටියා නම් ඔහු මේ විගඩම් දැක කුමක් කරනු ඇද්ද? අප රටේ දේශපාලන විගඩම් බලමින් සමස්ත ලෝකයම ලාංකිකයන්ටම සිනාසෙමින් සිටී. (නි)
ඔබතුමා දැකීමමත් අපිට සතුටක්. පුදුමාකාර අභිමානයක් හිතට එන්නේ (නි)
මේවට කියන්න වචන නැහැ. ඔබතුමන්ලා සිටි කාලේ හැම ලාබයක්ම ගියේ කොහේටද කියලා අපි දන්නවා. ඒ කළ හොරකම් වල විපාක තමයි අද රට විඳවන්නේ. (නි)
ඔබතුමාගේ කතාව හරියටම හරි. මේක තමයි අද ගොඩක් දෙනෙකුට නොතේරෙන්නේ (නි)
සමහරුන්ගේ නම් දේශප්‍රේමී කෙරුවාව ගැන අපි හොඳට දන්නවා (නි)
කාලයක් විදුලි පුටුවක් ගැන දෙඩෙව්වා. දැන් හිරේ යනවා කියලා අඬනවා. කොහොමත් විමල් එක්කම යන එක හොඳයි (නි)
දැන් බයිලා කියනවා. හොරකම් චෝදනා වලට දැන් මුහුණදෙන්න වෙනවා (නි)
මම කිරුලපනේ ගීයා, පුදුම සෙනගක්... (ර)
ඔබතුමාත් යූඑන්පී අයට ඇමතිකම් දුන්නේ නැද්ද? දැන් ඇත්තට මුහුණදෙන්න (නි)
මහින්ද රට කරනකොට ඔය කියන දේවල් නොකළේ ඇයි? දැන්ද ජනතාව මතක්වුණේ? (නි)
ඇයි මේ හිරගෙවල් වල යන්න වෙන බව කලින්ම කියන්නේ? අධිකරණය ඉදිරියේ ඔප්පු කරන්න පුළුවන් කරුණු තිබෙන බව හොඳාකාරව දන්න බවක් පෙනෙන්නේ. හැබැයි ඔබතුමාට නම් යන්න වෙන්නේ නැති බව විශ්වාසයි. (නි)
ඔබතුමාට තේරෙන්නේ නැද්ද ඔබතුමා දැන් ඉන්නේ අනාථ වූ කට්ටියකගේ තුරුල්ලේ කියලා? (නි)