ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රතිසන්ධාන වැඩපිළිවෙළ මේ මස අවසානයේදී ආරම්භ කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

නව සාමාජික හැඳුනුම් කාඞ්පතක් හඳුන්වාදීමට පියවර ගන්නා බව ද කී අමාත්‍යවරයා ප‍්‍රතිසන්ධාන වැඩපිළිවෙළ යටතේ තරුණ හා කාන්තා සමිති පිහිටුවීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් ලබන මස සිට ශාඛා සමිති පිහිටුවීම හා සම්මන්ත‍්‍රණ පැවැත්වීම ආරම්භ කරන බවත් කියයි.