මාතලේ දිස්ත්‍රික්කයට අයත් පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොටසයේ පිහිටි අක්කර අට ,තලකිරියාව ,ගැටමිය ,තම්බුහේන යන ගම්මාන වල ජිවත්වන පවුල් 300ක පමණ ජනතාව මුලික පහසුකම් හෝ නොමැති නිසා අසරණව සිටිති .
පාසල් ,පාරවල් ,වාහන ,සෞඛ්‍ය පහසුකම්, ජල පහසුකම් ආදී කිසිදු පහසුකමක් නැතැයි ඔවුහු කියති.
බීමට ජලය සපයා ගන්නේ ඉතාම කුඩා වලකිනි . එම ජලයද දැඩි ලෙස අපිරිසිදුය . එම ජලය ලබාගැනීමට විශාල දුරක් යායුතුය. ගමට ලබාදුන් ජල වියාපෘතිය තවම අතරමගය .








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා නැතත් මේ මිනිසුන්ගේ මනුස්සකම නම් පිරිලා තියනවා . කිසිම පහසුකමක් නැති දුෂ්කර ප්‍රදේශයකදී අපිට සිදු වූ හදිසි කරදරයකින් පසුව දුප්පත් පැල්පතකින් බොන්න වතුර ටිකක් ඉල්ලුවා. වතුර වීදුරුවක් ගෙනත් දෙන්න විනාඩි පහක් විතර ගියා . පසුව ටිකක් ඔව්න් එක්ක කතා බහ කරනකොට තමයි දැනගත්තේ ඒ ගෙදර (පැල්පතේ ) "වීදුරුවක්" නැති නිසා ලඟපාත ගෙදරකට ගොස් වීදුරුවක් ඉල්ලාගෙන ඇවිත් තමයි වතුර දීලා තියෙන්නේ . (ර)
ඔය පළාතේ ඔය ප්‍රශ්න අද ඊයේ ඉඳල තියන දෙයක්ද? ඊළඟ පාර පොඩ්ඩක් හිතල බලල ඡන්දෙ පාවිච්චිකරන්න. චරිත වලට, උඩු රැවුල් වලට, ලොකු බඩවල් තියන අයට ඡන්දෙ නොදී ප්‍රතිපත්තියක් තියන අයට ඡන්දෙ දෙන්න. (ර)
මේ සිදුවෙලා තියන දේවලට කිසිවෙකුට වැරදි කියල වැඩක් නැ මේකේ වරද ගමේ ජීවත් වන අයගෙමයි අඩුපාඩු කියලා බොරුවට කෑගහනවා දෙසපලනේදී එක එක පක්ෂයක් බදා ගත්ත කට්ටිය අනෙක් පක්ෂේ අය නිසා ගමට වැඩක් කරන්න දෙන්නේ නෑ තමන්ගේ ගම ගොඩනග ගන්න ගමේ ඉන්න අය අතර එකමුතුව හා උනන්දුව තියෙන්න ඕනේ. (ර)
ආණ්ඩුවේ සංවර්දන ව්‍යපෘති ඡන්ද බලාපොරොත්තුවෙන් මහජනයාට පේන නගරබදව නොව රට සෑම තැනකටම විහිදී යා යුතුය. මෙවන් ගම් සොයා බලා එහි දියුණුව සදහා ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම පවතින ආණ්ඩුවේ වගකීමයි. (ර)
මේ ගම්මාන වහල දාල හරි පහසුකම් ඇති තැන්වල මේ මිනිස්සු පදිංචි කරන්න. මේ පවුල් 300 ට ඔය කියන පහසුකම් වෙනමම දෙනවට වඩා පහසුකම් ඇති තැනකට මෙයාලව ගෙනයන එක තමයි හොඳ. මේ ගම්මාන නඩත්තු කරන එකෙන් වෙන්නේ සම්පත් නාස්ති වීමක් පමණක් නොව මේ ජීවිතද අකාලයේ කුරුවල් වීමයි. මේ ගම්මාන නැවත රක්ෂිත වනාන්තර බවට පත්වීමට ඉඩ දෙන්න. මේක කියන තරම් ලේසි නැති බව දනිමි. නමුත් මේ යෝජනාව හැමගේම යහපත සඳහායි. (ර)
ඔක්කොමලා කතා කරන්නේ උතුරයි නෙගේනහිරයි ගැන විතරයි. (ර)
මේ අසරණ මිනිසුන්ගේ දුක් අදෝන දකිද්දී හදවතට දැනෙන වේදනාව ..? මට කියන්න තියන එකම දේ තමයි ? තව පුලුවන්තරමක් දේශ පාලනය කරලා යවන්න අර දියවන්නාව ට . රටේ මිනිසුන් අපා දුක් විදිනනේ කාගේ වරදින්ද ? (ර)
මේ අසරණ ජනතාවගේ ප්‍රශ්න හොඳට විසඳලාම තමයි කවදාහරි දේශපාලකයෝ නවතින්නේ (නි)