ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මෙම පද්ධතිය මැයි මස 9 වැනි දින පීඩන අවපාතයක් දක්වාත් පසුව මැයි 10 වැනි දින සුළි කුණාටුවක් දක්වාත් ක්‍රමයෙන් වර්ධනය වීමේ හැකියාව පවතින බව ද කාලගුණය කියයි.
උතුරු අක්ෂාංශ 01 ත් 12ත් සහ නැගෙනහිර දේශාංශ 85 සහ 95ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 50 -60 පමණ වන අතර විටින් විට එය පැයට කිලෝමීටර් 70 පමණ වේගයක් ගනු ඇති.
ඉහත මුහුදු ප්‍රදේශය ඉතා රළුවන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රාවන්ට දැනුම් දෙයි.
දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත යාත්‍රා කරන්නැයි ද දැනුම් දෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අඩු පීඩනය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි