මැද මහනුවර උඩතැන්න ප්‍රදේශයේ අනාරක්ෂිත ලෙස සිර කර සිටි වයස 87 ක මවක් පොලිසියට ලැබුණු තොරතුරක් මත උඩුදුම්බර පොලිසිය අද (15) සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
වයස 51 ක් වයසැති එකම දියණිය විසින් ඉදිකරමින් පවතින මහල් නිවාසයේ බිම් මහලේ ඉටි කොළ වලින් ආවරණය කළ කූඩුවක් වැනි කොටසක එම මව සිර කර සිටි බව පොලිසිය පවසයි.
උඩුදුම්බර පොලිසිය එහි යන විට මවගේ ඇඟෙහි කිසිදු ඇඳුමක් නොතිබු බවත් රෙදි කැබැල්ලකින් පමණක් වසා සිටි බවත් උඩුදුම්බර පොලිසිය මගින් කළ මුලික පරික්ෂණ වලදි තහවුරු වි ඇත්තේ මවට කිසිදු සත්කාරයක් නොකර ආහාර පවා දින ගණනකින් ලබා දී නැති බවත් ඒ වන විට මව කුෂ්ට රෝගයකින්ද පෙළෙමින් සිට ඇති බවත්ය.
මව ප්‍රතිකාර සඳහා මැද මහනුවර රෝහලට ඇතුළත් කර ඇත. අත් අඩංගුවට ගත් ඇගේ දියණිය අඟහරුවාදා (16) තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන තරම් හොඳට ළමයි හැදුවත් අවසානය ඔහොමයි. (ර)
අපි දක්ෂවෙන්න ඕනෑ මේක විශාල කුසලයක් කරගන්න පුලුවන් අවස්ථාවක් නේද කියලා දකින්න. අපිට පුලුවන් නම් අනේ මට මේ අවස්ථාව ලැබුන එක කොච්චර දෙයක්ද කියලා හිතලා ඒ යුතුකම හරියට ඉටුකරන්න, කොච්චර නම් පිනක් ලබාගන්න තිබුණාද? මේ ස්ත්‍රිය තවමත් පමා නැහැ ඒක තේරුම් ගන්න. (නි)
කියන්නේ නම් මේක ‘ධර්මද්වීපය‘ නැත්නම් ‘බුදුන්ගේ දේශය‘ කියලයි. ඔන්න කෙරුවාවේ හැටි! (නි)
දෙමහල් නිවසක් හදන්නේ සැපට ඉන්නද? හම්බවෙයි බලාගන ඉන්න දුවේ. දැනුත් 51ක්නේ නේද? (අ)
මනුස්ස කමටත් ලැජ්ජාවක්.(අ)
මාසයක් රිමාන්ඩ් කරන්න ඕනි කන්න නොදී. (බ)
උපරිම දඩුවම් දෙන්න මහත්තයෝ දුවට (බ)
ඔය හදන තට්ටු ගෙදර ඔයාට පදිංචි වෙන්න වෙන්නේ නැහැ. මේ කරන පවට. (බ)
“මවගේ දෙපා ළඟ ස්වර්ගය ඇත“ (නි)
දුව කළ දේ එයාගේ දරුවනුත් කළොත් ඒ දරුවන් හරිද? (නි)
මුන්ගේ නම් ගම ප්‍රසිද්ධ කරලා මුන්ට දෙන්ඩ පුළුවන් ඉහලම දඬුවම් දෙන්ඩ.. (බ)
මේ වගේ අයට ආත්මයක් නැහැ. මේ වගේ දේවල් දකිද්දි මට කියාගන්න බැරිතරම් දුකයි. මගේ අම්මාට මම පණ වුණත් දෙනවා. ඒක කරන්න මට පුලුවන් කියලා මට ශක්තියක් තිබෙනවා (නි)
මෙයාට රිමාන්ඩ් එකේදී බඩු හම්බවෙයි (බ)
අජාසත්ත දුවක්.අනේ අම්මේ ඔයාගේ කුසේ නව මාසයක් තියාගන,නොවිදිනා දුක් කන්දරාවක් විඳ මේ ලොවට බිහිකර, අතපය නොකඩා ඇතිදැඩි කරපු ආදරබර අම්මේ ඔයා පව්කාර නැත.පව්කාර ඇත්තේ ඒ තිරිසන් දුවයි.(අ)
ඔය වගේ අය තව ඉන්නවා පවු. කතාවට ගියාම දෙමාපියන්ට හරි ආදරේ කට්ටිය ලංකාවේ ඉන්නේ (බ)
මට නම් කියන්න තියෙන්නේ පින් පව් එනවා අප පසු පස්සේ මෙහෙදි නම් දුවේ ඔහොම හොඳයි අරෙහෙ ගියාම ඔක්කොම එකතුකරලා ලැබේවි (බ)
අනේ අපේ කරුමෙට දෙමුපියෝ අඩු වයසින් අපිව දාලා ගියා මුන්ට ඉන්න අම්මට සලකගන්න බැහැ,කාලකන්ණි මිනිස්සු (කෞ)
මේ නම් සිතාමතා නොසැළකීමක්..! සියලුම වයෝවෘද්ධ දෙමාපියන් යම් නීතියකින් ආරක්ෂා වෙනවාද? ආර්ථික ශක්තියන් ඇති දු දරුවන් යම් නීතියකින් බැඳී සිටිනවාද? වයෝවෘද්ධ දෙමාපියන් බලාගැනීමට බැරිතරම් ඔප්පු කළහැකි දුර්වල ආර්ථික තත්වයන් ඇති අයට ඇති විකල්පයන් පිළිබඳ මාධ්‍යය කතිකාවතක් ඇතිවිය යුතුයි (නි)
කොළොන්නාවෙ බෞද්ධ මහා සම්මේලනයට අයත් වසර 80 ක් විතර පැරණි සියළු පහසුකම් සහිත වැඩිහිටි නිවාසයක් තිබෙනවා. මේ වගේ වයසක අම්මලා තාත්තලාට සළකන්න බැරි නම් මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න (නි)
මට මතකයි අපි පුංචි කාලේ අපේ දෙමවුපියෝ අපිට කන්න දුන්න හැටි, ඒ දවස් වල නංගිටයි මටයි කන්න දීලා දෙන්නා කහට බීලා නිදාගත්තා කියනවා, දැන් මට අවුරුදු 43 වෙනවා අදටත් අම්මට කතා කලාම අහන්නේ මගේ පුතා කැවද කියල, එහෙමයි දෙමවුපියෝ. මම මගේ දෙමවුපියන්ට සලකන්නේ දෙවියන්ට වගේ, දරුවනේ දසමසයක් කුසේ තියාගෙන මේ ලෝකෙට බිහිකරලා, කවලා පොවලා නුබලව හැදුවේ මෙහෙම වෙන්න නොවෙයි. නුඹලා තට්ටු ගෙවල් හැදුවට වැඩක් නෑ, අහිංසක අම්ම අපා දුක් විදිනකොට.හිතන්න කවද හරි දවසක නුඹට මෙහෙම වුනොත්? (බ)
මේ දරුවෝ ඉන්න අම්මා කෙනෙක්ද? මේ දුක එයාටත් දෙන්න ඕනෑ වයසට ගියාම. එතකොට තේරෙයි දරුවෝ අම්මලාට සළකන්න ඕනෑ කොහොමද කියලා (නි)
මෙවැනි අමනුස්සකම් කරන හිත්පිත් නැති දරුවන් ගැන දැන් දැන් නිතර අසන්න ලැබෙන බැවින් මොවුන්ට විරුද්ධව දැඩි දඬුවම් දියයුතුය. තවද මෙවැනි වයෝවෘධ තම දෙමාපියන් රැකබලාගන්න නොහැකිනම් සමාජ සේවා අංශ වල සහාය ලබාගන්න ලැජ්ජා නොවී. මෙවැනි පව්කාර ක්‍රියාවලට පෙළඹෙන්න එපා (නි)
මෙවැනි සිදුවීම්. එන්ට එන්ටම වැඩියි. ග්‍රාම නිලධාරීන් මගින් හැම ගමකම වැඩිහිටි සංගණනයක් කර මෙවන් අය සොයා බලන්න රජය වැඩ පිළිවෙලක් යොදන්න වැඩිහිටි පුරවැසි දීමනාවක් ගෙවන්න ලංකාවට පුළුවන් .ඔය කතාකරන කෝටි ගණන් හොරකම් කරපු මුදල් තියෙනවා කියන්නේ. (ර)
පාහරකම. (බ)