ප්‍රවීණ ගීත රචක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අජන්තා රණසිංහ අද (27) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.
පසුගියදා නිවසේදී සිදුවූ හදිසි අනතුරකින් ඔහු රෝහල්ගත කැරිණි. මිය යන විට ඒ මහතා 75 වැනි වියේ පසුවිය.
ලේක් හවුස් ආයතනයේ උපකර්තෘවරයකු ලෙසද ගුවන්විදුලි උපදේශකයකු ලෙසද කටයුතු කළ අජන්තා රණසිංහයන් සිංහල ගීත කලාවට එකතු කළ ජනප්‍රිය ගීත රාශියකි. ඒ අතරින් කුරුම්බැට්ටි මැෂිමේ, විකසිත පෙම් පොකුරු පියුම්, රන් කෙන්ඳෙන් බැඳ, පුංචි දවස්වල නින්දට යද්දී, රෑ පැල් රකින, රෑ දුරු රට, සිරිමා බෝ මැද ආදී ගීත රැසක් අදටත් රසික සිත් සතන් අතර අමරණීයව පවතී.
විවිධ කෘති රැසක් ද ලියා පළ කළ අජන්තා රණසිංහයන් ගේ කෘති අතර ‘මට ළඳුනි වරම් නැත‘, ‘වින්කල් බාස්‘, ‘ක්‍රිස්තුනි කරුණාකළ මැනව‘ වැනි නවකථා හා ‘සොල්දාදුවා පෙරළා පැමිණියේද‘ කෙටිකතාව ද සුවිශේෂී ස්ථානයක් ගනී.
ඔහුගේ සුවිශේෂී ගීත නිර්මාණ පෙළහරක්වූ ‘සෝපාකලා‘ ගීත එකතුව 1995 වසරේදී රාජ්‍ය සාහිත්‍ය සම්මානයට ද පාත්‍රවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට නිවන් සුව ලැබේවා! (නි)
සොඳුරු කලාකාමියෙකුගේ නික්මයාම! ඔබට නිවන් සුව කලාකරුවාණෙනි! (නි)
බැස යන ඔබ අපට බොහෝ දේ දායාද කර ඇත. ඔබට නිවන් සුව..! (නි)
හදවතට මිහිරි ගීත නිබන්ධනය කළ ආදරණීය, සොඳුරු කලාකරුවාණනි, ඔබට අමා මහා නිවන් සුව ලැබේවා. (නි)
ඉතාමත් සංවේගජනක ආරංචියක්. ඔබතුමාට නිවන් සුවය අත්වෙත්වා! (නි)
නිවන් සුව ලැබේවා! (නි)
ප්‍රවීණ කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව! (නි)
මරණය නියතමයි අපි කාටත් පොදුවේ..... කළ හොඳ නොහොඳ පමණකි ගෙන යා හැක්කේ.... කළ හොඳ සමඟ, දිරුවත් රූපේ.... නාමය නම් පවතිනවා සදා ලොවේ............ (නි)
උත්තම මුනි දළදා වැනි ශ්‍රේෂ්ඨ නිර්මාණ දායාද කළ මේ සොඳුරු කලාකරුවාගේ හදිසි අභාවය රෑ දුටු සිහිනයක් මෙන් මහේෂ් නිශ්ශංකගේ සිහිනයකි රෑ මතකයේ රැඳේ. එතුමාට උත්තරීතර නිවන් සුව පතමි. (නි)
ඔබතුමාට නිවන් සුව ලැබේවා! (නි)
දැයේ සම්පතක් වැනි වූ කලාකරුවෙක්. ඔබතුමාට නිවන් සුව...!!! (නි)
සොඳුරු කලාකරුවාණනි, ඔබ නික්මයාමෙන් ඇති වූ ශාරීරික හිඩැස නම් පුරවන්නට කෙනෙක් ඇතැයි නොසිතමි. එහෙත් කලාලොවේ "අජන්තා රණසිංහ" යන නාමය නික්ම නොයනු ඒකාන්තය. ප්‍රබන්ධයෙන් අපව සැනසූ, අපව නැළවූ කලාකරුවාණනි, ඔබට නිවන් සුව! (නි)
හරිම දුකයි අපිට (නි)
ආදරණීය අජන්තා කලාකරුවාණෙනි, නිබඳව සුවහසක් ලාංකීය ගීතලෝලීන්ගේ ආදරයට, ගෞරවයට පාත්‍රවූ ඔබතුමා මෙලෙස හදිසියේ නික්ම යාම ඇසීමෙන් අප දැඩි වේදනාවට පත්වුණා. ඔබ අපට දායාද කළ දෑ බොහෝයි. ඕනෑම ගායකයෙකුට ගැළපෙන අයුරින් ස්වතන්ත්‍ර හෝ අනුකරණ තනුවකට හෝ රසවත් ගීයක් නිර්මාණය කිරීමට ඔබ දැක්වූ කුසලතාවය අගයන්නට අපට වදන් නැත. ඔබතුමා අමරදේවයන්ට මෙන්ම ජෝතිපාලයන්ටත් උසස් ගීත ලියා දී ගායන ලොව මුල්බැස තිබූ පිල් බෙදීම් අභියෝගයට ලක්කළා. එය ලොකු පිනක්. ආදරණීය කලාකරුවාණෙනි, ‘සඳකඩ පහනේ රූ සිරි වරුණේ දුටුවෙමි ඔබෙ ප්‍රතිභා ප්‍රභා සිහල කලාකරුවාණෙනි...........‘ ඔබට නිවන් සුව! (නි)
ඔබතුමාට නිවන් සුව! (නි)
විශිෂ්ට කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව. (නි)
මේ සොඳුරු කලාකරුවා විසින් කළ මෙහෙය සිංහල සංගීතයේ සදා නොමැකෙන ලෙස පවතිනවා නිසැකයි. (නි)
අනේ මන්දා මේක මොන වගේ අවුරුද්දක්ද කියලා. හොඳ කලාකාරයෝ කී දෙනෙක් නම් නැතිවුණාද? ඔබතුමාට නිවන් සුව! (නි)
මතකයේ රැඳෙන ගීත ලියූ අතළොස්සෙන් කෙනෙකි ඔබ. නිහතමානී කලාකරු ආචාර්ය අජන්තා රණසිංහයනි, ඔබට නිවන් සුව! (නි)
ඔබ නැවතත් අප අතරම ඉපදේවා! (නි)
නිවන් පුර දනව්වේ........ සුවඳ දැනී දැනී .........දැනේවා ! (නි)
හරිම කණගාටුයි (නි)
ඔබතුමාට නිවන් සුව පතමි, අපේම ගම් පළාතෙන් බිහිවුණ කලාකරුවාණෙනි. (නි)
70 දශකයේ සිට මේ දක්වා මේ සොඳුරු කලාකරුවා විසින් කළ මෙහෙය සිංහල සංගීතයේ සදා නොමැකෙන ලෙස පවතිනවා නිසැකයි. අප රටේ සිටි ජනප්‍රිය ගායක ගායිකාවන් වු එච්.ආර්.ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි, ඇන්ජලීන් වැන්නන්ගේ ජනප්‍රියත්වයට අජන්තාගේ මියුරු ගී පද මාලා ඉවහල් වු බව රහසක් නොවේ. විශාරද අමරදේවයන්, නන්දා මාලිනීගේ පටන් ශ්‍රි ලංකාවේ ජීවත්ව සිටින හා අප අතරින් වියෝවු ගායක ගායිකා පරපුරේ ඔහු ලියු ගීයක් නොගැයු ගායකයෙක් නොසිටී නම් එය ඉතා අල්පය. දුරු රටක සිටියත් ඔබ වියෝවු පුවත අප හද සසල කරන්නේ ලෙන්ගතුකම ඔබ තුළ සදා තිබු බැවිනි. මිතුර,ඔබට අපේ ආචාරය! (නි)
මැතිඳුනි, ඔබට නිවන් සුව ලැබේවා! වර්තමාන අධ්‍යාපන හා සමාජ ක්‍රමය තුළ ඔබ වැන්නවුන් බිහි නොවනු ඇත. (නි)
ඔබත් අප හැරගිය පසු මේ භවයේ... මාස පොහොය දා වගෙයි ලක්දෙරණේ..... (නි)
ඔබගේ වියෝව අප සියලු දෙනාටම ඉතාමත් සංවේදනීයයි. ඔබතුමාගේ සේවය අපි ඉතාමත් අගය කරමු. ඔබට නිවන් සැප පතමු !!!! (නි)
ඔබට අමාමහ නිවන් සුව පතමි (නි)
කලාකරුවාණනි ඔබට නිවන්සුව (බ)
ඔබට නිවන් සුව! එතුමා සහභාගී වූ අවසාන වැඩසටහන රසවත්. කවුරුහරි කිව්වා නම් තරුණ කාලයේ ආදරය කරලා නැහැ කියලා, එයට අවස්ථාව ලැබිලා නැති බව එතුමා කිව්වා. ඒ වගේම තාවකාලික පෙම් බැඳීම් කෙනෙකුගේ ජීවිතේ තිබීම සාධාරණ බවත් එතුමා ප්‍රකාශ කළා. ජීවිතය ගැන එවැනි කලාත්මක, සරල සහ සෞන්දර්යාත්මක ලෙස බැලීමට හැකි උගත් වැඩිහිටි පිරිස සීමිතයි. (නි)
ගුරු පියාණෙනි, ඔබට නිවන් සුව! (නි)
ඔබතුමාට නිවන් සුව ලැබේවා (බ)
සුවහසක් දනන්ගේ සිත් සැනහු පිනෙන් ඔබතුමන්ට නිවන්සුව! (බ)
බොහොම දුකහිතෙන ප්‍රවෘත්තියක් (නි)
රටට වටිනා සම්පතක් අහිමිවුණා (නි)
ඔබට නිවන් සුව! (නි)
ඔබ තුමාට නිවන් සුව පතමි (බ)
කලාකරුවන් යනු ඔබ වැනි සොඳුරු තැනැත්තන්ය. ඔබට නිවන් සුව පතමි...! (නි)
හදිසි අනතුරක් නිසා දුක වැඩියි. තව කාලයක් ඉන්න තිබුනා. සුනම්‍ය නිර්මාණශීලි බසින් සිංහල ගීත ක්ෂේත්‍රය පෝෂණය කළ ඔබට නිවන් සුව! (බ)
රට දැයට තවත් එක සුවිශේෂි විද්වතෙකු අහිමි විය -බලවත් කණගාටුව !!!! (බ)
විශිෂ්ට කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව. (බ)
ඔබ තුමාට නිවන් සුව !!! අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට විශාල පාඩුවක් !!!! (බ)
කලාකරුවාණනි, ඔබට නිවන් සුව! (නි)
රටේ ඉන්න යහපත් මිනිස්සු වගේම , දක්ෂ මිනිසුන් අපෙන් ඇත් වීමනම් හිතට කනගාටුයි , මරණය .... දිනෙක අපි සැවොම මුහුණ දිය යුතු යථාර්ථයයි , අජන්තා රණසිංහයාණනි නිහතමානි ඔබට නිවන් සුව ! (බ)
ඔබට නිවන් සුව! (නි)
ඔබ අපට ඉතිරි කළ දේ අමරණීයයි , ඔබගේ සසර ගමනද සොඳුරු ගීතයක්ම වේවා , ඔබට නිවන් සුව (බ)
ඔබට නිවන් සුව පතමි! (නි)
අපිට හරිම දුකයි (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ජිවිතයේ නිත්‍යම දේ මරණයයි. එසේ වුවද හෙළ බසින් ඔබ දැක්වූ දස්කම් කෙසේ අමතක කරන්නද? ඔබ පැතු බෝධියකින් නිවන් සුව පතමු. (නි)
සිත් සැනසූ ඹබට නිවන් සුවය අත්වේවා! (නි)
ඔබතුමාට නිවන් සුව ලැබේවා! (නි)
කලාකරුවාණනි, ඔබට නිවන් සුව! ඔබව සිංගප්පුරුවට ගෙනගොස් ප්‍රතිකාර කරන්නට තරම් අපට නොහැකිවුණේ ඇයි? (නි)
සැබෑ කලාකරුවො විරලයි. අජන්තා ඒ අතරින් කෙනෙක්. (නි)
මගේ ආදරණීය මිතුර, ඔබ සමාදානයේ සැතපේවා! (නි)
ලක් මවට ඔබ සදාකාලික අජන්තාවකි. කොතෙකුත් කලාකරුවන් අතර ඔබ සඳකි . තවත් කලක් සිටිය යුතු ඔබ අපට අහිමිවීම දරාගත නොහැකි වුවත් අප කවුරුත් අටලෝදහමට අවනතු විය යුතු බව කියා නික්ම ගොස් ඇත. එහෙත් ඔබගේ කලාවන් තව බොහෝ කාලයක් ලොව රැවු දේවී, අපි ඔබට නිවන්සුව පතමු. (බ)
මෙතුමාගේ වියෝව අපිට දරාගන්න අමාරුයි අපි අදත් ගීතවත් වෙන්නේ මෙතුමන්ලාගේ අසහාය ගීත නිබන්ධන නිසයි. මෙතුමාට මොක් සුව පතමි! (නි)
"ආචාර්යවරුන් මහාචාර්යවරුන් බිහිවන්නේ විශ්ව විද්‍යාල වලින් නොව අපේ සමාජය තුලිනි" ඔබ තුමාට නිවන් සුව ! (බ)
ඔබතුමාට නිවන් සුව ලැබේවා! (නි)
පිටබැද්දර ජයාගේ අදහසට මම එකඟවෙනවා. මෙවැනි විශිෂ්ට කලාකරුවෙකු මීට සති කීපයකට පෙර ' සිහිනයකි රෑ ' වැඩසටහන තුළින් අවසාන වතාවට දැක ගැනීමට අවස්ථාව ලබාදීම ගැන මහේෂ් නිශ්ශංක මහතාට ගොඩක් පිං! විශිෂ්ට කලාකරුවණනි, ඔබට අමාමහ නිවන් සුව පතමි! (නි)
ප්‍රතිභාපූර්ණ විශිෂ්ටතම කලාකරුවෙකුගේ නික්මයාම ලාංකික කලා ක්ෂේත්‍රයට මහත් පාඩුවකි. මෙවැන්නෝ බිහිවන්නේද කලාතුරකිනි. (නි)
සොඳුරු කලාකරුවාණනි, ඔබතුමාට නිවන් සුව පතමි. ඔබතුමා අපට ඉතිරි කළ දේ හොඳටම ඇති (නි)
ඔබ වැනි ප්‍රවීණ කලාකරුවන් නැතිවීම ගැන ඉතාම කණගාටුයි. ඔබට නිවන් සුව පතමි! (නි)
අනේ දෙයියනේ? නිවසේ සිදුවුණු හදිසි අනතුරක්? හරිම කණගාටුයි. හරිම දුකයි. (නි)
ඔබතුමාට නිවන් සුව !!! (නි)
අනාගත සංගීත ක්ෂේත්‍රය ගැන කවර කතාද, මෙහෙම වටිනා මිනිස්සු එකිනෙකා නැතිවෙද්දී? (නි)
මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇති... මේ අයුරින් අපි දවසක්දා සසර මඟදි වෙන් වෙන්න ඇති... ඔබට නිවන් සුව ලැබේවා ... !!! (නි)
අසහනයෙන් දුක් කම්කටොලු ලින් පිරි අපේ සිත්සතන් ඔබේ සුමධුර ගී වලින් සනහාලූ පිනෙන් ඔබ යළිත් ඔබගේ සියලු දක්ෂතා උරුම කරගනිමින් මේ ලක්බිමේ පින්වත් මිනිසෙක් වී ඉපදේවා! (නි)
කව් ගී ලියුවෝ පිළිරූ නෙලුවෝ වෙන්වී ගියත් ලෝ නියාමෙන්... ආකාශ තලයේ ඔවුහූ සරන්නෝ දෙවි දේවතාවන් විලාශෙන් ..... (නි)
ඉතා සංවේගදායක ප්‍රවෘත්තියක්. ඔබතුමාට නිවන් සුව! (නි)
රොහාන් දයාදර පැවසූ පරිදි 'සිහිනයකි රෑ' වැඩසටහනින් මසකට පමණ කලිනුයි එතුමාව අවසන් වරට දකින්නට ලැබුනේ. සමන්ත පෙරේරා එතුමා තේරූ ගී ගායනා කළේ. ඒ වැඩසටහන අප ඉතා හොඳින් රසවින්දා සේම, එතුමාද ඉතා සතුටින් සිටින බව දුටුවා. එය අමතක නොවන්නක්. ඉතින් ඔබතුමාට නිවන් සුව පතමි! (නි)
මේ වගේ හොඳ සංගීතඥයන් අපෙන් සමුගන්නා එක ගැන දුකයි (නි)
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි. නමුත් ඔබ අපටදී ඇති දායාදය සැමදා පවතී. ඔබට නිවන් සුව. (නි)
මධුර ගීත වලින් අප හද සැනසූ කලාකරුවාණනි, ඔබට නිවන් සුව! (නි)
ඔබතුමාට නිවන් සුව අත් වේවා! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! සිංහල කලාකෙතට නියං සමයක්! (නි)