අභාවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී හා ගීත රචක අජන්තා රණසිංහ මහතාගේ අවසන් කටයුතු සඳුදා සවස 3.30ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.
දැනට පන්නිපිටිය හිරිපිටියේ, රණසිංහ මාවතේ නිවසේ තැන්පත් කර ඇති දේහය සඳුදා (29) පෙරවරු 11ට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට රැගෙන ඒමට කටයුතු යොදා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුවහසක් ශ්‍රාවකයන්ගේ දෙසවන් පිනවූ ගීත රාශියක හිමිකරුවා එතුමායි .පතමි මොක් සුව ....! (නි)
කලාකරුවන් මියයන්නේ නැත. මියයන්නේ භෞතික ශරීරය පමණයි. ඔබේ නාමය අමරණීයයි. (නි)
ගිණිගෙන දැවුණු මේ රටේ යම් සිසිලසක් ඇතිකළේ ඔබ වැන්නන්ය. එබැවින් ඔබේ නාමය අයිති මුළු දේශයටය. (නි)
සත්කෝරලේ උපන් අජන්තා රණසිංහ අප අතරින් සදහටම සමුගත් පුවත තවත් එක් කලාකරුවකු අප අතරින් සමුගත්තා යන්නට වඩා වෙනස්ම මානයකට අප රැගෙන යන්නේය යන්න නොරහසකි.ඔහුගේ නිර්මාණයන්හි මේ ජීවන රටාවේ පැතිකඩ පෙනෙන්ට තිබිණ.අම්මා තාත්තාට ඇති සෙනෙහස දුවාදරුවන්ට ඇති සෙනෙහස වගේම ගැමියා සිතන අව්‍යාජ ප්‍රේමය සිය ගිීත සමගත් නවකතා සමගත් යොදා ගත්බව මනාව පෙනෙන්ට ඇත. ඔහු බොහෝ සිනමාපටවලට ඇවැසි ගීිත ලිව්වේ කලින් කරන ලද සංගිීත රචනාවන්ටය. සරත් දසනායක, සරත් ද අල්විස් වැනි සංගිීතඥයන්ගේ ස්වර රචනාවලට ඔහු ලියූගීත අතිශයින් ජනප්‍රිය වූයේ ඒ ගීතවල ඇති සජීවීබව නිසාය. එතුමන්ට මේ හෙල බිම උපදින්නට හේතු වාසනා වේවා යි කියා නිවන් සුව පතමු.(බ)