2016-10-24-ent-103

මේ වන විට දමිළ චිත්‍රපට නිෂ්පාදකයෙකු හා අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන ජනප්‍රිය කොලිවුඩ් සිනමා නළු අජිත් කුමාර්ගේ මීළඟ දමිළ චිත්‍රපටය සඳහා ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු විවේක් ඔබ්රෝයි සම්බන්ධ කරගෙන තිබෙන බව සඳහන් වේ.

මෙම චිත්‍රපටය විවේක්ගේ පළමු දමිළ චිත්‍රපටය වන අතර, ඔහු එහි දුෂ්ඨයාගේ චරිතයට පණ පොවනු ලබයි. මෙය අජිත්ගේ 57 වැනි කොලිවුඩ් සිනමා නිර්මාණය වන අතර, එහි ප්‍රධාන චරිතය ඔහු විසින්ම නිරූපණය කරනු ලබයි. ඔහුගේ සිනමා පෙම්වතිය ලෙස පෙනී සිටින්නේ අක්ෂනා හසන්ය.

විවේක් මේ වන විට අඩු චිත්‍රපට ප්‍රමාණයක් සඳහා සම්බන්ධ වූ සිනමා නළුවෙකු වන අතර, ඔහු මේ වසරේ රඟපෑ එකම චිත්‍රපටය වුයේද "ග්රේට් ග්‍රෑන්ඩ් මස්ති" ය. එය ආදායම් උපයා ගැනීම අතින් අසාර්ථක එකක් බවට පත්විය.