බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (එජාප) ගමිපහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේදී අද (04) දිවුරුම් දුන්නේය.
දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ අභාවයෙන් මේ පුරප්පාඩුව ඇති විය.
ගම්පහ සාමාන්‍ය පවුලක පස්දෙනකුගෙන් යුත් පවුලක එකම පිරිමි දරුවා වු අජිත් මාන්නප්පෙරුම ගම්පහ සිරිකුරුස විදුහලේ ප්‍රාථමික අධ්‍යාපනය හමාර කර කොළඹ ආනන්ද විදුහලට ඇතුලත් වුයේ එකළ පැවති ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ ඉහළම ලකුණු ලබා ගත් සිසුවකු ලෙසිනි.
කොළඹ ආනන්දයේ දීප්තිමත් ශිෂ්‍යකු වු හෙතෙම උසස් පෙළ විභාගය ද උසස් ලෙස සමත් වී මොරටුව විශ්ව විද්‍යාලයයේ සිවිල් ඉංජිනේරු පිඨයට ඇතුලත් විය. සිවිල් ඉංජිනේරුවකු ලෙස උගත් දෙයින් උපරිම ප්‍රයෝජන ගත් මාන්නප්පෙරුම මහතා එකළ විදුලිබල මණ්ඩලයට උපාංග සැපයු දිවයිනේ ප්‍රධානතම සැපයුම්කරු විය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගම්පහ රැස්වීමකට පැමිණි අවස්ථාවකදී 2000 වසරේදී මාන්නප්පෙරුම මහතා වික්‍රමසිංහ මහතාට දිවා භෝජන සංග්‍රහයක් සිය නිවසේ සුදානම් කළේය.මාන්නප්පෙරුම දේශපාලන චරිතය කළ එළි බහින්නේ එතැන් සිටය.
‘‘ අජිත්ට පුළුවන් අපේ පක්ෂය සමඟ එකතු වෙලා කටයුතු කරන්න.‘‘ යැයි රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට ගරු කරමින් දේශපාලනයට පිවිසි අජිත් මාන්නප්පෙරුම 2002 වසරේදී පැවති ගම්පහ මහ නගර සභා මැතිවරණයට ඉදිරිපත් වෙමින් වාර්තාගත මනාපයක් ලබා ගනිමින් ගම්පහ මහ නගරසභාවේ ප්‍රථම පුරපතිවරයා බවට පත්විය.
ගම්පහ නගරයේ සංවර්ධනයට දැඩි අවධානයක් යොමු කරමින් නගරය සංවර්ධනය කළ ඒ මහතාට 2006 වසරේ දී පැවති මහ නගරසභා මැතිවරණයෙන්ද වැඩිම මනාප රැගෙන දෙවැනිවරටද නගරාධිපති ධුරය හිමි වීම සුවිශේෂි අවස්ථාවකි. මුළු රටේම පළාත් පාළන ආයතන පවතින රජය ජය ගනිද්දී ‘‘ නිල් බලකොටුක් ලෙස ප්‍රකට ගම්පහ ජයගැනීමට හැකි වුයේ අජිත් මාන්නප්පෙරුම නැමති සුවිශේෂි චරිතය නිසා බව දේශපාලන නීරීක්ෂකයින්ගේ මතය විය.
ගම්පහ සංවර්ධනයේ නියමුවකු ලෙස කළ කාර්යභාරය නිසාම බස්නාහිර පළාත් සභාවට තේරී පත්වු අජිත් මාන්නප්පෙරුම මහතා විශාල සංවර්ධනයක් ප්‍රදේශයට ඉටු කළේය.
2010 පැවති මහ මැතිවරණයෙදී මනාප ඡන්ද 44821 ක් ලබා මනාප ලැයිස්තුවේ හයවැනියා වු අජිත් මාන්නප්පෙරුම මහතාට තව දුරටත් පළාත් සභාවේ රැදී සිටිමට සිදු වුයේ එවර මැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුව මන්ත්‍රී ධුර පහකට සීමා වීම නිසාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා........
පළමුවෙන්ම ඔබතුමාට සුභ පැතුම්! (නි)
සුභ පැතුම්!(නදී)
ජය වේවා! ගම්පහ අපිට හොද නායකයෙක් තමයි මේ මහතා.(නදී)
මගේ උණුසුම් සුභ පැතුම්. අවංක මහත්මයෙක් (නි)
සුභපැතුම් ඔබට (දී)
ගම්පහට හොද නායකයෙක්. ඔබ තුමාට හොද අනාගතයක්.(නදී)
මරණයේ උණුසුම යන්නත් හත් දවසේ දානේ දෙන්නත් කලින් ?(නදී)
සුබ පතමි! (නි)
වැඩක් කරන්න පුළුවන් පක්ෂේකවත් හිටියනම් ඉතින් කමක් නෑ. කටින් බතල හිටවන පක්ෂේකනේ ඉන්නේ.(නදී)
සන්තෝසයි ඔබ ගැන (දී)
ඔබට ජයවේවා !(නදී)
මේ වගේ වැදගත් උගත් මිනිස්සු තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ (නි)
අපේ පවුලේ අයගේ සුභ පැතුම්! (නි)
මගේ උණූසුම් සුභ පැතුම්! (නි)
අජිත් මහතා පවුලේ එකම පුතා වශයෙන්, කුඩාකල සිටම ,පාසලේදීත් ,උසස් අධ්‍යාපනයේදීත්, දේශපාලන ජීවිතයේදීත් ලැබුවාවූ පන්නරය හා දක්ෂකම නිසාම ජනතා ආශිර්වාදය ලැබීම ඔබ ලද භාග්‍යයක්! නමුත් ටිකක් ප්‍රවේශමෙන් හොඳේ !! (නි)
මෙයාගේ මනාපේ ඉටුවෙන්න ගිය කල්.(නදී)
නායකයට දිවා භෝජන සංග්‍රහයක් කරලා පාර්ලිමේන්තුවට යන්න තරම් අපේ රට අද ප්‍රජාතන්ත්‍රවාදී වෙලා.(නදී)
දන්නෝ දනිති ගම්පහ ඔය කියන සන්වර්ධනේ.(නදී)
අතීතය..... සුන්දරද මෙතරම් ? (නි)
කප්පම් මාෆියාව නිසා අසරණ වී සිටින ගම්පහ ජනතාව වෙනුවෙන් හඬක් නගන්න ඔබට ආසිරි පතමි.(නදී)
මගේ සුබපැතුම්! රන්පොකුණුගම සංවර්දනයට පියවර ගන්න (නි)
ඔබ දක්ෂයෙක් උගතෙක්. පොදුවේ රටටත් විශේෂයෙන් ගම්පහටත් යමක් කරන්න.එජාපය ගොඩනගන්නත් ඕනෑ.ඔබට ආසිරි. (නි)
ගම්පහ එක්සත් ජාතික පාක්ෂිකයන්ට ජයවේවා!(නදී)
දේශපාලන වශයෙන් මොනවා කලත් පවතින රජයට එරෙහිව, අපිට කමක් නැහැ , නමුත් අරයා වගේ කොටින්ට කඩේ යන්න නම් ලෑස්ති වෙන්න එපා.(නදී)
ජරා මනුස්සයෙක්.(නදී)
අවංක නිහතමානී දේශපාලන චරිතයකි. වත්මන් අහවලා සමග සැසදීමේදී අජිත් මාන්නප්පෙරුම මහතාගේ අගය වඩාත් හොදින් දැනේ. ගම්පහ, යක්කල සහ අවට හැම දෙනාම එය හොදින්ම දන්නවා. පාර්ලිමේන්තු ගියාට පසුවත් එය එසේම පවතීවා..! (නි)
අජිත් මාන්නප්පෙරුම මැතිතුමනි, ඔබතුමාට බියගම එක්සත් ජාතික පාක්ෂිකයින් වෙනුවෙන් අපගේ සුභ පැතුම් මෙසේ එක්කරමු. (නි)