අඟුලාන ද්විත්ව මිනී මැරුමේ පොලිස් නිලධාරියෝ සිවුදෙනාම පෝරකයට නියම වූහ. 2009 අගෝස්තු 12 වැනිදා අඟුලානේදී දිනේෂ් තරංග ප‍්‍රසන්න හා ධනුෂ්ක අපොන්සු පැහැරගෙන වෙඩිතබා මරා දැමීයැයි කොස්තාපල් ජී.කේ.අයි.කුමාරසිරි, අඟුලාන හිටපු පොලිස් ස්ථානාධිපති පී.ජී විකී නිව්ටන්, කොස්තාපල් ජයරත්න ධම්මික නිහාල් හා ග‍්‍රාමාරක්ෂක ජනප‍්‍රිය සේනාරත්න ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ වැරැදිකරුවෝ වූහ.දීපාලි විජේසුන්දර, ඩබ්ලිව්.එම්.පී.බී. වරාවැව හා කුමුදිනී වික‍්‍රමසිංහ යන විනිසුරුවරුන් පැවැසූයේ පැමිනිල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කැර ඇති බවයි. පැහැරගෙන යෑම සම්බන්ධයෙන් හතරදෙනාටම දස වසර බැගින් බරපතල සිර දඬුවම්ද රුපියල් 25000 බැගින් දඩද මිනීමැරීමට මරණ දඬුවමද නියමවිය.
1
දරුණු එල්නිනෝවක් අත ළඟ ජුනි සිට ලබන අප්‍රේල් දක්වා අවදානමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd