IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අඟුරුවාතොට ඝාතනයේ සැකකරු මාට්ටු

(මංගල එදිරිසිංහ, සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අගුරුවාතොට තරුණ මව සහ සිඟිති දියණිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගැනිමට අගුරුවාතොට පොලිසිය සමත්ව ඇත.

සැකකරු, ඝාතනය වූ කාන්තාවගේ සැමියාගේ ළඟම ඥාතියකු බව  ද පොලිසිය පවසයි.

සැකකරු  වරකාගොඩ සල්ගස් මාවත ප්‍රදේශයේ නිවසට පැමිණෙන බවට බවට පොලීසියට ලද තොරතුරක් මත අද උදෑසන හදිසියේ එම ස්ථානය වැටලීමට අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා මහතා ප්‍රමුඛ කණ්ඩායමක් එහි ගොස් ඇත.

එහිදී නිවස තුළ අදාළ සැකකාර පුද්ගලයා හමු නොවූයෙන් පිටුපස කැලෑව හා ඒ අවට දැඩි ලෙස පරික්ෂා කිරීමේදී කෙසෙල් ගස් කිහිපයක ට මුවා වී මෙම සැකකරු සැඟ වී සිටිනු දැක ඇත.

අනතුරුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා ඔහු පසුපස ලුහුබැඳ ගොස් ඇති අතර ඔහු සමග පොරබදා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත .

එම අවස්ථාවේදී සැකකරුගේ අතේ තිබූ තරමක් විශාල කතුරු තලයක් වැනි උල් ආයුධයකින් ස්ථානාධිපතිවරයාට කිහිප වරක් පහර පහරදීමට උත්සාහ කර ඇතත් එය අසාර්ථක වීම නිසා ඔහු විසින්ම තමන්ගේ පපුවට කිහිප වරක් ඇන ගෙගෙන ඇත.

සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත .

අගුරුවාතොට පොලිසිය පරීක්ෂණ පවත්වති.

 



අදහස් (3)

අඟුරුවාතොට ඝාතනයේ සැකකරු මාට්ටු

chandani Saturday, 22 July 2023 02:23 PM

ඔය පව්කාරයාව ඔතැනම ඉවරයක් නොකර මොනවටද පොලිසියට අල්ලාගෙන ආවේ?

:       3       10

පිටිගල මිලානෝ Saturday, 22 July 2023 04:59 PM

මෙය තනි සිද්ධියක් සේ නොසලකා සමාජ මට්ටමෙන් මෙදෙස බලන්න. බහුතර ලාංකිකයාගේ අමනෝඥකම නිසාම මේ දක්වා පැවති පූජ්‍ය-පාලක සංසද (පක්ෂ) විසින් අපිවම ගැලරියට කොටු කර දුන් මෝඩචූන් වල ප්‍රතිඵල මේවා...? සමාජ දේශපාලන පරිහානිය ජනජීවිතය කෙතරම් අනාරක්ෂාකාරී කර ඇත්ද.? තියෙන කෙනා කෙතරම් පරිභෝජනය කළත් ඇති නැති සියල්ලම දුක් සහ තාවකාලික සැප විඳින්නේ ලංකාව නම් වූ එකම ඕජස් ගොඩේය.

:       2       12

Bamunuarachchi Sunday, 23 July 2023 12:32 PM

මොනවද පිටිගල කියවන්නේ? අඩුම ගානේ ලිව්වේ මොනවද කියලා එයාට තේරෙනවාද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site