(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
වත්මන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා නීතිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී අධිකරණයට අපහාස කරන ලදැයි සඳහන් කරමින් නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා ගොනුකර තිබූ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාගයට ගැනින.
මෙම පෙත්සමේ අසත්‍ය පදනම් විරහිත හා නොමග යවන සුළු කරුණු අඩංගු වන බවත් එය විභාගයට නොගෙනම ඉවත දමන ලෙසත් පවසමින් නීතිපතිවරයා මූලික විරෝධතාවක් ඉදිරිපත් කළේය.
එම මූලික විරෝධතාව පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට නියෝග කළේය.
පෙත්සම්කරු මෙම පෙත්සම තුළින් අධිකරණය සතු අධිකාරී බලය , මහජන විශ්වාසය සහ ගෞරවය කඩකර ඇති බවට තීන්දුවේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාගේ අම්මගෙන් පේන අහන වැඩක් මේක... විනිසුරු වැටුපෙන් බදු කපන්න එපා කියලත් මෙයාලා නියෝගයක් දීලා තිබුණා.