(අංජුල මහික වීරරත්න)
මේ වෙලාවේ ජනතාවට අවශ්‍ය වන්නේ අංගුලිමාල ලා දේවදත්තලා ගැන කතා නොව කුසගින්නට බත් කටක් යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.
ආණ්ඩුව දේවදත්තයකු වී ජනතාවගේ කුස මතට ගල් පෙරලමින් සිටින බව කී මුජුබුර් රහුමාන් මහතා බදු පිට බදු පනවමින් අංගුලිමාල සේ මිනිසුන්ගේ ඇඟිලි කපා ගනිමින් සිටින බව කීය.
ජනතාව අංගුලිමාල කතා පස්සේ දුවමින් සිටින විට ආණ්ඩුව නමැති දේවදත්තයා ජනතාවගේ හිස මතට තව මොන ගලක් පෙරලන්නට කැස කවමින් සිටින්නේ දැයි නොදන්නා බව ද මුජිබුර් රහුමාන් මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ මැද කොළඹ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මුජුබුර් රහුමාන් මහතා මේ බව කීය.
COMMENTS
අංගුලිමාල කියන්නේ කලින් වැරැදි කරකර ඉඳලා පස්සේ බුදුරජාණන් වහන්සේ නිසා කූඹියෙකුටවත් හානියක් නොකල රහතන් වහන්සේ නමක්. කරුණාකරලා මෝඩ කතා කියලා ආගම් අතර ප්‍රශ්ණ ඇති කරන්නේ නැතුව ඔයාලගේ දේශපාලනේ කරන් පැත්තකට වෙලා ඉන්නවාද?
අන්නේකයි. අපි නම් කෙලින්ම බෙල්ලම කපනවා. නැත්තන් බෝම්බ ගහනවනේ? නිකන් ගොන් කතා නොකිය ඉන්න...
මේකට තමා කියන්නේ කෙහෙල් ගහට කෙටුවාම හොට පැටලෙනවා කියලා. මෙලා් රහක් නැති වැදි බණ කිය කියා හිටපු කෙනා නාගත්ත හැටි.
අංගුලිමාල සහ දේවදත්ත ගැන කතාකරන එක නවත්තලා අපි දැන් කතාකරමු අපි වෙන දෙයක් ගැන කතා කරමු. රස කතා තියෙනවනේ...
පාර්ලිමේන්තුවේ ආහාරපාන සඳහා වාර්‍ෂිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි 12 කි.. පානීය ජලය සඳහා වාර්‍ෂිකව වැය කෙරෙන මුදල ලක්‍ෂ 90 කි.. විදුලිය වෙනුවෙන් වාර්‍ෂිකව රුපියල් කෝටි 8 කි... දුරකතන සඳහා රුපියල් කෝටි 1.4 කි.. මුලු වියදම වාර්‍ෂිකව රු කෝටි 23 වැය කරන බව ඔබලා දන්නවද? ඒ කියන්නේ දිනකට වියදම රු ලක්‍ෂ 7 කට ආසන්නය..! ඔය පාර්ලිමේන්තුව 'සූම්' තාක්‍ෂණයෙන් පාලනය කලොත් කුසගින්න නිවන්න රු 5000 ආහාර මලු 120 ක් දිනකට අසරණ ගමකට බෙදා දියහැක.
යහපාලනය කාලේ රටම කෑවේ ඔහෙලා... අංගුලිමාලයි, දේවදත්තයි පැත්තකින් තියලා මදි පිනට කන හම්බ හැත්තත් පැත්තකින් තියන්න ඕනේ...
මුජිබර්, ඇයි ඔබ ඔබේ ආගමෙන් උදාහරණ නොගන්නේ? ඔයා බය වෙලාද? සල්මන් රුෂ්ඩිට වෙච්ච දේ අපි දැක්කා. බුද්ධාගම ගැන ඕනම දෙයක් කියන්න පුළුවන්, කවුරුවත් ඔයාව මරන්න යන්නේ නැහැ.
ජනතාවට කන්න දෙන එක පැත්තකට තියල , බලය ලබා ගන්න දඟලන්නේ කවුද ? ජනතාව ගැන හිතලද ? පරණ ක්‍රමයටම දඟලලා ආණ්ඩු පෙරලන්න . ආයේ සන්නිවේදන මාර්ගස්ථ ක්‍රමයට රටේ සම්පත් විකුණගන්න .
අනේ මුජිබර් ජනතාව ගැන ඔතරම් කැක්කුම නම් ජාතික රජයක් බිහි කර පඩි , වරදාන නොගෙන වැඩ පෙන්නන්න තිබු නානේ. හිතාගන්න ඉන්නේ බලය ගන්නද? ජන්දෙදී බලමු.