
(යොහාන් භාසුර)
පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීම සඳහා දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කැනඩාව බලා අද (24) අලුයම ටත්ව ගියාය.
පොදුරාජ්‍ය මණ්ඩලයීය ඉගෙනුම් පාලක මණ්ඩලය අද (24) සිට 26 දින දක්වා කැනඩාවේ වැන්කුවර් හි පැවැත් වේ.
මෙහිදී ප්‍රධාන වශයෙන් ළමා සහ කාන්තා අධ්‍යාපනය සහ පුහුණුව, උසස් අධ්‍යාපනය, ගුරු අධ්‍යාපනය, ජීවිත කාලය පුරාම ඉගෙනීම සහ ඩිජිටල් තාක්ෂණය සක්‍රීය ඉගෙනීම සඳහා දායක කර ගැනීම යන ක්ෂේත්‍ර පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරේ.
එසේම නවෝත්පාදන සහ පර්යේෂණ සඳහා ආයෝජනය කිරීම, ආයතන සහ සංවිධානවල ඩිජිටල් පරිවර්තනයට සහාය වීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම, අධීක්ෂණ සහ ඇගයීම් සැලැස්මක් ක්‍රියාත්මක කිරීම යන කරුණු පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පණිවිඩයක් අරගෙන යන්න වගේ යන්නේ...
යමු යමු. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය කියන්නේ අර අරකනේ. ඒක තමයි දැන් රටේ දැවෙන ප්‍රශ්නය. ඊට අමතරව කැනඩාවේ තමයි කොටි වැඩි හරියක් ඉන්නේ. ටිකක් සනසලා එමු සහෝ...
අර ඉන්දියාවේ ඉගෙන ගත්තු පාසලෙන් තවම බලාගෙන ඉන්නවා ආඩම්බරෙන් ඒ ගොල්ලොන්ගේ පාසලට ඇවිල්ලා යයි කියලා එක සැරයක්, හැබැයි මෙයා යන්නේ යුරෝපය, කැනඩාව වගේ රටවල් වලට විතරයි, රනිල්ගේ ජාතියම තමයි..
බදු ගෙවන්නියකගේ මුදල් නාස්ති කිරීම ගැන ලැජ්ජාවට කරුණක්. ඇය අධ්‍යාපන අමාත්‍යවරියක් ලෙස ගල් යුගයේ ගුහාවක ජීවත් වන අතර රාජ්‍ය විශ්ව විද්‍යාලය හරහා පවා තමන්ගේම පුරවැසියෙකුට අධ්‍යාපනයට ඇති අයිතිය වෛද්‍ය වෘත්තියට සීමා කරන ලදී. මේ රටේ කුණු වූ කොමියුනිස්ට් දෘෂ්ටිවාදය ඇය ලෙස්බියන් සහ සමලිංගික අයිතිය නියෝජනය කිරීමට වඩා හොඳ නම් අපි ඇයට විරුද්ධ නොවෙමු...