ඉතිහාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ කිසිම කෝප් වාර්තාවක් සම්බන්ධයෙන් බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් වාර්තාව සම්බන්ධව තරම් කඩිනමින් ක්‍රියා මාර්ග ගෙන නැතැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඇතැමුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අගමැතිවරයාට නඟන චෝදනා සාධාරණ නැතැයි කී දයාසිරි ජයසේකර මහතා දූෂිත නිලධාරීන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අගමැති හෝ ආණ්ඩුවේ කිසිවෙක් කටයුතු නොකරන බව මෙම වාර්තාව කඩිනමින් නීතිපතිවරයා වෙත යැවීමට අගමැතිවරයා ගත් තීරණයෙන්ම පැහැදිලි වන බව ද සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
බරපතල වංචා දූෂණ පිළිබඳ නඩු විභාගයන් කඩිනමින් අවසන් කිරීමේ ක්‍රියාදාමයක් අවශ්‍ය බව ද ඇමතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලත් හැරෙන හැරෙන පැත්තට කියයි බයිලා (නි)
මේ කතාකරන්නේ අවුරුදු කීපයකට කලින් යු එන් පී එකේ ඉන්න බැහැ කියලා අඬාගෙන මහින්ද ගාවට දිව්ව දයාසිරිද? නැත්නම් යහපාලනය ආවහම කරණමක් ගහපු දයාසිරිද? (නි)
ඇයි මේ වගේ තත්වයක් තියෙද්දී එෆ්.සී.අයි.ඩි එක මැදිහත්වෙලා අදාළ පුද්ගලයගෙන් ප්‍රශන් කරලා මෙයාවත් උසවියට ඉද්රිපත් නොකරන්නේ? නීතිය විපක්ෂයේ අයට විතරද සමාන? (නි)
අගමැතිතුමා වෙනුවෙන් මොකද මෙච්චර කැපකිරීමක්? (නි)
තමන්ගේ අනාගතය වෙනුවෙන් ඕනෑම කතාවක් කියන්න අපේ දේශපාලකයන් සූදානම් (නි)
මෙතුමාත් දැන් අර කට හැරෙන පැත්තට කතා කියන විහිළු සපයන්නෙක් වෙලා (නි)
අනේ පවු! මහත්තයෝ, මොළේ තියෙන්නේ යමක් තේරුම්ගන්න (නි)
හිටපු ජනපතිවරයාගේ පුතුන්ට එරෙහිව පවතින චෝදනාවලට දඬුවම් ලැබීමට මහින්ද මහතා වගේම ඔහුගේ පාර්ශවයද කැමති වන්නේ නැත. ඒවගේම වර්තමාන අගමැතිවරයාගේ මිත්‍රයාට පවතින චෝදනාවට දඬුවම් ලබාදීමට ඔහු වගේම ඔහුගේ පාර්ශවයද කැමති වන්නේ නැත. මේ දෙපාර්ශවයම වැරදි බව සිතුවත් තමන්ගේ පැවැත්ම ගෙන යායුතු බව සිතමින් ඒ තුළ රැඳෙමින් අදහස් ප්‍රකාශ කරන අයද මේ දිනවල අපට පෙනෙන්නට ඇත. කෙසේ නමුත් කෝප් වාර්තාවේ නිර්දේශයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවීම ගැන දැනට යම් සතුටක් අප වෙත පවතී. තවදුරටත් ජනතාව රවටනවාද විශ්වාසය දිනා ගන්නවාද යන්න යහපාලනයම තීරණය කළ යුතුව ඇත. (නි)
මෙයාලට ඇට නැති දිව හැම අතටම නමන්න පුළුවන්. (නි)
අගමැතිතුමාට හොඳටම පක්ෂපාතියි වගේ. (නි)
මේ ගැන මීටපෙරද පරීක්ෂණ කමිටුවක් පත්කර කිසිම වරදක් නැති බවට තීන්දුවක් දුන් බව අමතකද ඔබට? (නි)
සාධාරණද අසාධාරණද කියලා මහජනතාව හොඳට දන්නවා (නි)
පසුගිය රජය කාලේ හංගපු කෝප් වාර්තා වලට මොකද කරන්නේ? (නි)
සුගා, මම සම්පුර්ණයෙන්ම ඔයත් එක්ක එකඟයි. මට එකක් කියන්න පුළුවන්. මෙතුමා වාර්තාවක් තියනවා පිනුම් වලින් පාර්ලිමේන්තු ඉතිහාසයේ. (නි)
මහින්ද දිනයි කියලා මහින්ද ළඟට වෙලා සිටිය කෙනා දැන් රනිල් වෙනුවෙන් මොනවා කියවනවද දන්නේ නැහැ. කට හොඳ සින්දු කියන්න විතරයි වගේ. (නි)
රනිල්ව අපිට විශ්වාසයි. මේ කතාවෙන් එය 100%ක් ඔප්පු වෙනවා. ඔක්කොම ලෝක හොරු ටික ඉන්නේ ශ්‍රීලනිපයේ. මේකත් එයලගෙම සැළසුමක් වියයුතුයි. ආයෙ දෙකක් නැහැ. (නි)
ඔව්. කොයි පක්ෂයත් හොඳින් තියාගන්න එක නුවණට හුරුයි. පනින්න ඕනෑ වුණොත් එච්චර අවුලක් නැතිව සුටුස් ගාලා යන්න පුළුවන්නේ. (නි)
සමහරු මෙයැ ගැන දන්නේ විශ්ව විද්‍යාලෙ ඉඳලලු. අපි නම් වැලිකෙළියේ ඉඳලා දන්නවා. නියම දේශපාලන ව්‍යාපාර තමයි මේවා (නි)
දේශපාලකයාට කටවල් දෙකයි. මේ කතා කරන්නේ දෙවෙනි කටයි. අර කවුද කරදර කරනවා කිව්වේ අනිත් කටින්. මොනවා වුණත් අගමැතිතුමා හැමදාම කතා කළේ එක කටින් (නි)
අනේ මන්දා මෙයාලා කතාකරන්නේ කටින්ද කියලා (නි)
ඡන්දය දෙන දුප්පත් ජනතාව ගැන, විශේෂයෙන් සිංහලයාගේ අනාගතය ගැන නොසිතන බඩගෝස්තරවාදී දේශපාලකයන් ගැන කුමන කතාද? එවැනි දේශපාලකයන්ගේ කතා ගැන විශ්වාසය තැබීමට තරම් මේ රටේ සියලු පුරවැසියන් දේශපාලන ගැත්තන් නොවේ. අගමැතිතුමා ඉතාමත් අවංක නම පක්ෂයේම අය, ජනපතිතුමා පවා මෙතන වරදක් සිදුවී ඇති බව කියද්දී අර්ජුන මහේන්ද්‍රන් රැක ගැනීමට උත්සාහ කරන්නේ මන්ද? මේ තනතුර දීමට තරම් සුදුස්සෙකු මේ රටේ සිටියේ නැද්ද? (නි)
ඔබතුමා සරම ඇඳගෙන ඔලුවෙන් හිටගන්න වගේ වැඩක් කරන්න වගෙයි හදන්නේ ආයෙමත් (නි)
අප රටේ දේශපාලකයන්ට තියෙන ලොකුම අඩුපාඩුව ප්‍රතිපත්තියක් නැති එක. (ම)
විමර්ශන අවස්ථාවේ ඇති ප්‍රශ්නයක් ගැන මෙසේ ප්‍රකාශ නිකුත් කිරීමේ තේරුම කුමක්ද ?බැංකුවෙන් ලබාගත් අශුද්ද මුදල් මෙවන් අය අතර බෙදී යනබව කියවේ .ජනතාව ප්‍රවේශමෙන් .(බ)
ඒක එහෙමයි කියලා ඔප්පුවෙන විදිහට අගමැති වැඩකළා නම් මේ ප්‍රශ්න නැහැනේ (නි)
ඒකනේ.(හේ)
කියන කතාව බොරු කියලද මෙයා කියන්නේ ? (හේ)
දී කිරට බළල්ලුත් සක්කිලු! ලොක්කා ආපහු සැරයක් පනින්න වගේ! (නි)
අනේ ඇමතිතුමනි, මේ මහා බැඳුදුම්කර වංචාවේ මහා මොළකරු දන්නෙම නැද්ද? අපිට නිකම් සුදු ළුෑනු පොඩි කරන්න එන්න එපා (නි)
දැනට මාස ගණනක සිට රටේ මහා විශාල අවුලක් වෙලා තිබෙන ප්‍රශ්නයක්ව තිබෙන මේ ප්‍රශ්නය පිළිබඳව පරීක්ෂණයක් කර වැරදිකාරයො ඉන්නවා නම් අධිකරණයේ නඩුවක් ගොනුකරන්න කියලා පොලිස්පතිට සහ නීතිපතිට අණ කරන්න ජනාධිපතිට බැරි මොකද? දේශපාලන වේදිකා වල නම් හැමෝගෙම දේශප්‍රේමය කටින් දොරේ ගලනවා. ක්‍රියාවෙන් නම් හැමෝම හැසිරෙන්නේ බිහිරන් ලෙසයි. ඔබතුමාත් පෙරකදෝරු මහත්තයෙක්නේ. ඔබතුමාට බැරිද මෙතන වරදක් වෙලා තිබෙනවා නම් වැරදිකාරයට විරුද්ධව නඩුවක් ගොනු කරන්න (නි)
එතකොට අර්ජුන් මහේන්ද්‍රන් ගැන ඔබතුමා මොකක්ද කියන්නේ? (නි)
මෙයා ගැන අපි විශ්ව විද්‍යාල ඉන්න කාලේ ඉදන් දන්නවා (අ)
එහෙනං මොන කෙං ගෙඩියකටද අර්ජුන බේරගන්න ඔය තරම් වලි කෑවේ ? (අ)
අප්පා හැබද දයාසිරි ඇමැති, ඒකද දන්නේ නෑ නේද කලින් කමිටුවේ වාර්තාව එන්න නියමිතව තියෙද්දී තකහනියේ පාර්ලිමේන්තුව විසිරෙවුවේ? මේක ගේන්න යද්දී පුළුවන් තරම් කකුලෙන් ඇද්දේ? (අ)
අනේ අගමැතිතුමා, දැන් ඔය හැංගිමුත්තන් නැටුවා ඇති. ඔය තනතුරට සමුදී ගෙදර යන්න.පිං! අපිට තිත්තවෙලා. (නි)
අනේ ඔබට අමතක වුණාට අපිට මතකයි අනිත් පැත්තට පැනල ඉද්දි කියපු කතා. කටින්ද මේවා කියන්නේ? ලජ්ජා නැති කම මහමුදලි කමටත් උසයි කියන කියමන ලංකාවේ දේශපාලකයින්ට තරම් ලෝකේ කිසි කෙනෙකුට අදාල නොවේ! (අ)
ඇයි නීතිපතිට යවන්නේ? ඔවැනි වංචා හොයල නඩු දාන්න විශේෂ එෆ්.සී.අයි.ඩී තියෙද්දී, විශේෂ ජනාධිපති කොමිසමක් තියෙද්දී? ඕවට නෙවෙයිද ඒවා හැදුවේ? ආ වැරදුනා, ඒව විපක්ෂේ ඉතුරු වෙලා ඉන්න උදවියට විතරනේ නේද. (අ)
ඇත්ත තමා ඉතිහාසයේ හිටපු පාලකයන්ගේ රටේ මුදල් බිලියන ගණන් හොරකම් කලත් රටේ පාලකයා අධෝ වාතයක් තරම්වත් ගණන් ගත්තේ නෑ.අද ඒක ඇස් පනා පිටම දැක ගන්න පුළුවන් පාවිච්චි කරන යාන වාහන ගෙවල් දොරවල් දැක්කම. අද කෝප් කමිටුව සක්‍රියව පවත්වාගෙන යමින් හොරුන් හෙළිදරවු කිරීම සතුටට කරුණක්.(අ)
ඕක නීතිපතිට දාන්නේ එතන හිරකරලා තියන්නනේ. නීතිපතිගේ අවසරය නැතුව ඕකට ඇක්ෂන් ගන්න බැරි නැහැනේ. ඔය වංචාව මහා බරපතල දෙයක්. වැඩේම හැම පැත්තටම කට අරින එකමයි. ගම කනවා. එක පැත්තක ඉන්නම බැහැ නේද? (නි)
අැමතිතුමා මේ ටික කිව්වේ කටින්ද කියලා සඳහන් කළොත් හරි වටිනවා අපිට. (නි)
මෙයාලට වරදාන දෙන එක ගැන පුදුමයි අපිට (නි)
එෆ්සීඅයිඩී එකට කෙළින්ම නඩු දාන්න බලයක් නැහැ. නඩු ගොනු කරන්න පුළුවන් නීතිපතිට පමණයි. අපේ අය පරණ වාර්තාවක් ගැන කතා කරනවා. (නි)