ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් අතුළු මා සංඝරත්නයට අපහාස කළැයි ද හෙරොයින් මත් කුඩු කන්ටේනරයක් මුදා ගැනීමට ලිපියක් දුන්නැයි කියන සිද්ධීයක් මත ඉල්ලා අස්වන්නැයි අගමැති දි මු ජයරත්නට බල කරමින් අඹිලිපිටිය නගරයේ දැන් උද්ඝෝෂණයක් පැවැත්වේ.
නගර සභාපති වේවැල්දුවේ ඤාණප්‍රභ හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද බෞද්ධ සංගම් හා වෙළෙද සංගම් නියෝජිතයෝද මේ උද්ඝෝෂණයට එක් වුහ. සියලු කඩ සාප්පු වසා ඇත.
ඇඹිලිපිට බස් නැවතුම්පොළෙහි සිට කිලෝමීටරයක් පමණ දක්වා පෙළපාළිය දික් වී තිබේ.සංඝරත්නය චීවර ධාරීන් බවට නිහිනී අපහාසයක් කළෑයි පෙළපාළිකරුවෝ කියති.
නගරයේ බොහෝ තැන්වල කළු කොඩි ඔසවා ඇති අතර පොලීසිය ඒවා ඉවත් කිරීමට ගත් උත්සාහය සාර්ථක වුයේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙසේ සිදුවන බවද අප දැන සිටියෙමු. මෙතෙක් කළ සේවයට ගරු කිරීමක් වශයෙන් සැදෑ සමය ගෙදරට වී ගත කිරීමට සුදුසු බවද කිවෙමු. තවත් ප්‍රමාද නැහැනේ ඉතින්.(නදී)
අගමැති මීට වඩා වගකීමකින් වැඩ කරනවානං නේද හොඳ? මොකද එයා මුල් පුර වැසියන් ගෙන් කෙනෙක්. (නදී)
මේකටත් කට කැඩිච්ච වචනයක් කියයි.(නදී)
කතාව හරි මොකද දැන් එතුමා ටිකක් වයසකයි. (නදී)
අගමැතිතුමා වැරදි ඇති. ඒත් බුදුපියාණන්ට කොපමණ අපහාස උපහාස තිබිල තියෙනවද ඒ කාලේ චිංචි මානවිකාවිය වගේ අයගෙන්. දැන් ස්වාමින් වහන්සේලා ආදර්ශයට ගන්නේ පිස්සු වැටිලා ඉන්න ගිහියෝද බුදු දහමද? මෙහෙම ගියොත් ධර්මයට අනුව ජිවත් වෙන්නේ කවුද? (නදී)
ඇයි පොලිසිය කොඩි ගලවන්නේ ආගම ධර්මේ දන්නා අයත් ඉන්නවා නේද ආණ්ඩුවේ? (ත)