IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අගමැතිට අස්වැන්නයි ඇඹිලිපිටියේ උද්ඝෝෂණයක්

ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් අතුළු මා සංඝරත්නයට අපහාස  කළැයි ද හෙරොයින් මත් කුඩු කන්ටේනරයක් මුදා ගැනීමට ලිපියක් දුන්නැයි කියන සිද්ධීයක් මත ඉල්ලා  අස්වන්නැයි  අගමැති දි මු ජයරත්නට බල කරමින්  අඹිලිපිටිය නගරයේ දැන් උද්ඝෝෂණයක් පැවැත්වේ.

 නගර සභාපති වේවැල්දුවේ ඤාණප්‍රභ  හිමියන් ඇතුළු මහා සංඝරත්නය  ද බෞද්ධ සංගම් හා වෙළෙද සංගම්  නියෝජිතයෝද  මේ උද්ඝෝෂණයට එක් වුහ. සියලු කඩ සාප්පු වසා ඇත.

ඇඹිලිපිට බස් නැවතුම්පොළෙහි සිට කිලෝමීටරයක් පමණ දක්වා පෙළපාළිය දික් වී තිබේ.සංඝරත්නය චීවර ධාරීන් බවට නිහිනී අපහාසයක් කළෑයි පෙළපාළිකරුවෝ කියති.

නගරයේ බොහෝ තැන්වල කළු කොඩි  ඔසවා ඇති අතර පොලීසිය ඒවා ඉවත් කිරීමට ගත් උත්සාහය සාර්ථක වුයේ නැත.

 

 

 



අදහස් (0)

අගමැතිට අස්වැන්නයි ඇඹිලිපිටියේ උද්ඝෝෂණයක්

දයා අලහාකෝන් Sunday, 05 January 2014 09:59 AM

මෙසේ සිදුවන බවද අප දැන සිටියෙමු. මෙතෙක් කළ සේවයට ගරු කිරීමක් වශයෙන් සැදෑ සමය ගෙදරට වී ගත කිරීමට සුදුසු බවද කිවෙමු. තවත් ප්‍රමාද නැහැනේ ඉතින්.(නදී)

:       0       0

ජගත් ලියනගේ Sunday, 05 January 2014 10:00 AM

අගමැති මීට වඩා වගකීමකින් වැඩ කරනවානං නේද හොඳ? මොකද එයා මුල් පුර වැසියන් ගෙන් කෙනෙක්. (නදී)

:       0       0

ධම්ම Sunday, 05 January 2014 10:05 AM

මේකටත් කට කැඩිච්ච වචනයක් කියයි.(නදී)

:       0       0

සනත් ඇෆ්ඝනිස්තානය. Sunday, 05 January 2014 10:07 AM

කතාව හරි මොකද දැන් එතුමා ටිකක් වයසකයි. (නදී)

:       0       0

කුමාරි Sunday, 05 January 2014 10:47 AM

අගමැතිතුමා වැරදි ඇති. ඒත් බුදුපියාණන්ට කොපමණ අපහාස උපහාස තිබිල තියෙනවද ඒ කාලේ චිංචි මානවිකාවිය වගේ අයගෙන්. දැන් ස්වාමින් වහන්සේලා ආදර්ශයට ගන්නේ පිස්සු වැටිලා ඉන්න ගිහියෝද බුදු දහමද? මෙහෙම ගියොත් ධර්මයට අනුව ජිවත් වෙන්නේ කවුද? (නදී)

:       0       0

ඉන්ද්‍රකීල Sunday, 05 January 2014 05:10 PM

ඇයි පොලිසිය කොඩි ගලවන්නේ ආගම ධර්මේ දන්නා අයත් ඉන්නවා නේද ආණ්ඩුවේ? (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site