ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර එළඹගත් ගිවිසුම්හි ප්‍රතිපලයක් ලෙස ජේ-එෆ්17 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා හතක් පාකිස්ථානයෙන් මිල දී ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් යන බව එරට මාධ්‍ය වාර්තා කරයි සිටී.
පාකිස්තාන ගුවන් හමුදාව දැනටමත් භාවිත කරන ජේ-එෆ්17 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා යොදාගන්නේ ත්‍රස්ත මර්දන ප්‍රහාර සඳහාය.
එම වාර්තා සඳහන් කරන්නේ පාකිස්තානු ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීම්ට ශ්‍රී ලංකාව අවස්ථා කීපයක දී සාකච්ඡා සිදුකර තිබුණ ද ඉන්දියාවේ මැදිහත්වීම් මත එය වැළැකී තිබූ බවයි.
එහෙත් පාකිස්තානයේ අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව එම බාධා ඉවත් වී මෙම ගනුදෙනුව ස්ථිර වී ඇතැයි පාකිස්තා වෙබ් අඩවි පවසයි.
එල්.ටී.ටී.ඊ සිව් වැනි ඊළාම් යුද්ධයේදී ශ්‍රී ලංකා රජයට අවි සැපයීම මඟින් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය වූ බවත් එම වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන් වේ..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක ගුවන් හමුදාව ශක්තිමත්කරන්න යුද්ධයක් තියෙන්න ඕනෑම නැහැ. හදිසියෙන්වත් වෙන රටක ගුවන් යානයක් වැරදිලා හරි ගුවන් සීමාව උල්ලංගනය කළොත් අදාල රටේ ගුවන් හමුදාව ක්ෂණිකව තමන්ගේ ප්‍රහාරක යානා ගුවන්ගත කරනවා. ඒක ප්‍රහාරයක් වෙන්නම ඕනෑම නැහැ. අපි බලන්න ඕනි මේ ගනුදෙනු විනිවිදභාවයකින් වෙනවද කියලා. එහෙම වෙන්නේ නැත්නම් අපිත් ඒවාට විරුද්ධයි. හැමදේම දිහා ඍණාත්මකව බලන්න එපා. (නි)
පුෂ්පා, ජේ.එෆ්. 17 කියන්නේ පාකිස්තානු නිෂ්පාදනයක්. ඒ ව්‍යාපෘතිය පටන්අරගෙන තියෙන්නේ චීනයත් එක්ක එකතුවෙලා 1999 දී. මේ ගන්න යන්නේ පරණ යානා නෙමෙයි (නි)
ෂා නියමයිනේ! (නි)
ත්‍රස්තවාදය හෝ යුද්ධයක් නැතුව ප්‍රහාරක යානා මිලදී ගන්නේ මොකටද? මේවට වියදම් කරන්නේ රටේ පොදු මහජනතාවගේ මුදල්. තව පැත්තකින් ඉන්දියාව අමනාප කරගැනීමක් (නි)
යුද්ධයක් තියෙන්නම ඕනෑද ප්‍රහාරක යනා ගන්න? (නි)
ආයුද වෙළදාම ලොව අංක 01 ලාභ උපයන වෙළදාම වේ. (ර)
ජෙට් යානා ගැනීම වෙනුවෙන් ලංකාවෙන් මොනවද පකිස්ථානයට අපනයනය කෙරුවේ? අපේ රටෙන් වෙනත් රටකට අපනයනය කරන කාර්මික ලොකු අදායමක් ලබන නිෂ්පාදන මොනවද ? මොටෙර් රථ ලෝකයට ඇවිල්ල කොපමණ කල්ද. අපි මේවා නිෂ්පාදනය කරනවද ? අය වැය පරතරය කොපමණද ? අපිට තනිවම නැගීසිටීමට දේශ පාලකයන් මග සකස්කර තියනවද? නමුත් අපේ එය කතා කරන්නේ ජෙට් අරගෙන වෙන රටකට ගහන්ඩ . (ර)
අර කලින් හිටපු එක්කෙනාට යන්න වෙනමම ගුවන් යානයක් ගන්න හැදුවා නේද? ඒක රටේ ආරක්ෂාවටද? රටේ අභිමානයටද? (නි)
යුද්ධයක් නැති රටකට ප්‍රහාරක යානා ගන්නේ ඇයි? (නි)
මොනවද මේ කරන්න යන්නේ කියලා තේරෙන්නේ නැහැ. විශාල විදෙස් විනිමය අර්බුදයක ඉන්නේ. යුද්ධයකුත් නැහැ. ඉතින් ප්‍රහාරක යානා බිලියන ගණනක් වියදම් කරලා ගන්නේ මොකටද? මේකෙන් කාටහරි මිලියන ගණනක කොමිස් එකක් නැත්නම් මේ කරන්න යන්නේ කිසිසේත්ම නොකළ යුතු, අවශ්‍ය නැති වැඩක්. ජනතාවගේ සහනාධාර කපනවා රට හදන්න කියලා. ඇයි මෙහෙම වැඩ කරන්නේ? වහාම මේ ගැන පරීක්ෂණ කරන්න. (නි)
යුද්ධයක් තිබෙන්නම ඕනෑ නැහැ රටකට ආරක්ෂක භාණ්ඩ මිලදී ගන්න. ඒවා රටක් සතුව තිබෙන්න ඕනෑ. ප්‍රශ්නය ඒක නෙමෙයි. අපිට තිබෙන්නේ කොමිස් එක ගැන ප්‍රශ්නයක් (නි)
දහම්ට මේ ආණ්ඩුව මොනවා කළත් වැරදියි. හැමදේම දිහා ඍණ අදහසකින් බලන්න එපා. (නි)
කමල්, ඔයාලම නේද ඒ දවස් වල ඕවට කෑගැහුවේ? (නි)
දහම් හරි. කමල්ට මේ ආණ්ඩුව මොනවා කළත් හරි (නි)
රටක හමුදාව හැමවෙලේම ශක්තිමත්ව සීරුවෙන් තැබිය යුතුයි. අනතුරක් ආවට පස්සේ දඟලලා වැඩක් නැහැ (නි)
දැන් මෙතන ඉන්න කී දෙනෙක් ඔය ගුවන් යානය ගැන දන්නවද? අනික ඕවා ගන්න එක අද ඊයේ තිරණය කරපු එකක් නෙමේ (නි)
රටේ ආරක්ෂාවට ප්‍රහාරක ජෙට් යානා මිලදී ගන්න ඕනෑ. එහෙත් එය සිදුවියයුත්තේ අවශ්‍යතාව සොයාබැලීමෙන් පසුවයි. රටවල් සතුටු කරන්න අනවශ්‍ය විදිහට රටේ මුදල් නාස්ති කරන එක වැරදි දෙයක්. මේ ආණ්ඩුවට තම හිතුමතේට ඕනෑ දෙයක් කරගෙන ගියාට කමක් නැහැ. නමුත් ඔය යහපාලන බෝර්ඩ් ලෑල්ල ගළවා ගත්තා නම් තමා හොඳ. (නි)
වසන්ජය, ලංකාව කියන්නේ ඉන්දියාවේ ප්‍රාන්තයක් නෙමෙයි, ඉන්දියාවට උවමනා දේවල් කරන්න. එක වාරයක් ඉන්දිඅන් තෙල් සමාගමට ලංකාවේ තෙල් විකුණන්න දීලා මොකද වෙලා තියෙන්නේ. අපේ රටේ ඉතුරු කරගන්න තිබෙන සල්ලි බිලියන ගණනින් ඉන්දියාවට යනවා හැම අවුරුද්දේම. (නි)
ඇයි මේවා දැන් හදිසියේ ගන්නේ? (නි)
කට්ටිය දන්නේ නැතුව නිකන් කියලා වැඩක් නැහැ. ඔය ගන්නේ රටේ ආරක්ෂාවට. සිංගප්පුරුවට එච්චර ලොකු ගුවන් හමුදාවක් තියෙන්නේ ඇයි කියලා දන්නේ නැද්ද? (නි)
අනවශ්‍ය මුදල් නාස්තියක් නේද? (නි)
අපේ රටට මේ වෙලාවේ අත්‍යවශ්‍ය, ප්‍රහාරක යනාද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. මේවා ගන්නත්, පවත්වාගෙන යන්නත් අති විශාල ධනස්කන්දයක් ඕනෑ. අපිට මේ වෙලාවේ වැඩිපුරම අවශ්‍ය වෙන්නේ ස්වභාවික ආපදා වලදී යොදාගත හැකි ගුවන් යානා සහ හෙලිකොප්ටර් වගේ දේවල්. මගේ දැනුමේ හැටියට ගංවතුරකදී හෝ විශාල ගින්නකදී යොදාගත හැකි ඒ සඳහාම නිමවූ කිසිම යානාවක් ලංකාව තුළ නැහැ (නි)
යුද්ධ කාලෙදිවත් අපිට මෙච්චර ප්‍රහාරක යානා තිබුණේ නැහැ නේද? දැන් මොකටද මෙච්චර ගන්නේ? (නි)
ජෙට් වලින් කාටද ගහන්න යන්නේ? (නි)
හැමදේටම දේශපාලනය ගාවාගන්න එපා. හරිදේට හරි කියන්නත් වැරදිදේට වැරදියි කියන්නත් පුරුදුවෙන්න. යුද්ධයක් නැතුව ප්‍රහාරක යානා මිලදී ගැනීම සම්බන්ධව රජය කරුණු ඉදිරිපත් කළයුතුයි. (නි)
මොකෝ මේ ගුවන් හමුදාවට යානා ගේනකොට නලියන්නේ ? අනික ඉතින් කවුද දන්නේ අනාගතේ මොනවා වේවිද කියලා ? හොඳම දේ නවීන යානා එක්ක හොඳ පුහුණුවක් දීල ලෑස්ති පිට ඉන්න එක. (ර)
අපේ රටට මේ වෙලාවේ අත්‍යවශ්‍ය , ප්‍රහාරක යනාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේවා ගන්නත් , පවත්වාගෙන යන්නත් ඇති විශාල දනස්කන්දයක් ඕනේ . අපිට මේ වෙලාවේ වැඩිපුරම අවශ්‍ය වෙන්නේ ස්වබාවික ආපදා වලදී යොදා ගත හැකි ගුවන් යානා සහ හෙලිකොප්ටර වගේ දේවල් . මගේ දැනුමේ හැටියට ගංවතුරකදී , හෝ විශාල ගින්නකදී යොදා ගත හැකි ඒ සදහාම නිමවූ කිසිම යානාවක් ලංකාව තුල නැහැ. (ර)
අනතුරු එන්න කලින් සූදානම්ව ඉන්න ඕනෑ තමයි. එල්ටීටීඊ එක දැන් නැතිවුණාට ලෝකයට අලුත් තර්ජනයක් තිබෙනවනේ. (නි)
මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙවෙයි. එය මේ ඊනියා යහපාලන ආණ්ඩුවටත් පාකිස්තාන අගමැතිටත් එකසේ සත්‍යයි.(කෞ)
ටික දෙනයිනේ මේකට අදහස් ලියල තියෙන්නේ. යහපලනෙට චන්දෙ දීපු සමහර අයට ලැජ්ජද දන්නේ නැ ලියන්න.යුද්ධයකුත් නැතුව අපට මොනාටද මේවා.රටේ මිනිස්සුන්ට මිරිස් ග්‍රෑම් 100 ගන්න සල්ලි නැ. (කෞ)
අනාගතයේ රජය ගන්නා තීරණ අනුව මහජන නැගිටීම් ඇතිවිය හැකිබව ඇමති කෙනෙක් ඊයේ පවසා තිබේ .එයට මුහුණදීමට මේවා ගෙන්වන්නේ ඇමරිකන් උපදෙස් අනුව පකිස්ථානයෙන් .මර්දනය යනු කුමක්ද කියා අනාගතයේදී දැක ගන්නට ලැබේවි (කෞ)
ඕවා මහා බොරු සෝබන වැඩ. මේ තරමට ප්‍රශ්න තියෙද්දී මොනාද මේ කරන්නේ. (කෞ)
ඇයි ඕවා හදන රටෙන් ගන්නේ නැත්තේ? කබල් ඒවා වැඩි මිලට. සල්ලිත් නැති වෙලාවේ. කව්ද දැන් අපේ රටට ගහන්න ඉන්නේ? පාරවල් ටිකක් වත් හදන්න තිබුනා. (ර)
හොඳ තීරණයක්. අපේ යුද ශක්තිය ඉන්දියාවට වඩා අඩු නිසා තමා ඉන්දියාව අපට බලපෑම් කරන්නේ. අපි ශක්‌තිමත් වෙන්න ඕනෑ ඉන්දියාවත් එක්ක යුද්ධයකට නෙමෙයි. නමුත් අපි ශක්තිමත් නම් අපිට බලපෑම් කරන්න කලින් දෙපාරක් හිතනවා. (නි)
හොඳ තීරණයක්. (ර)
ගයාන්, ඕවායේ තියෙන්නේ රුසියන් ටර්බෝ ෆෑන් එන්ජින්. අනිත් බහුතර කෑලිත් අටවපුවා. ඕවා නවීන කුඩා මිසයිලයකට බිම දමන්න ලේසියි. ඔයින් අටක් ගන්නවට වඩා හොඳයි රුසියන් 4 ක් ගන්න එක. (නි)
අපේ මිනිස්සු ගැන හරි ලැජ්ජා හිතනවා වෙලාවකට. මුළු ලෝකයම යුද ගිනි ඇවිලිලා තියෙන මේ වෙලාවේ රජයක් විදියට ජාතික ආරක්ෂාව වෙනුවෙන් අරගත්ත මේ තීරණය අපි කවූරුත් අගය කල යුතු මොහොතකයි මේ මිනිස්සු විවේචන එල්ල කරන්නේ. පක්ෂ බේදයකින් තොරව නැගීසිටීමට නම් මිනිසුනේ දැන්වත් නැගිටින්න. (ර)
වසන්ජයලා වගේ හිතන මිනිස්සු එදත් හිටිය නිසා තමයි අපි අවුරුදු 400 කටත් වැඩ විදේශිකයින්ට යටත් වෙලා හිටියේ. රටක ජාතික ආරක්ෂාවට නවීන ප්‍රහාරක යානා අත්‍යවශයි. 1987 වනවිට අපි ගාව ප්‍රහාරක ජෙට් යානා එකක්වත් තිබ්බේ නැහැ. වඩමාරච්චි මෙහෙයුම වෙලාවේ ඉන්දියාවේ කට්ටිය අපිට කරපු දේ ගොඩක් අය දන්නෙත් නැහැ, මතකත් නැහැ. අපි ගාව ඒ මොහොතේ ප්‍රහාරක යානා තිබ්බනම්, බොහෝවිට වසර 26ක් ඇදුන යුද්ධය අවුරුදු 4න් ඉවර වෙන්න තිබුනා. අපි ගෙදරක දොරට හොඳ ආරක්‍ෂිත අගුලක් දාල වහන්නේ, තව ටිකකින් හොරෙක් හතුරෙක් ඒවි කියලා නෙමේයිනේ. ආරක්ෂාව කියන හැගීම නිසා. වසර 65 ක කීර්තිමත් ඉතිහාසය මාර්තු 02 දින සමරන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අපගේ සුභාශිංසන. (ර)
කොච්චර සල්ලි නැති උනත් ජාතික ආරක්ෂාව වැදගත්. නැතිනම් වෙන්නේ කිසියම් හදිස්සි අවස්ථාවක එක එක රට වලින් හිගා කන්න. (ර)
මේ වැඩේ වැරද්දක් විදියට මම නම් දකින්නෑ. (ර)
හොඳ තීරණයක්. ඒ වගේම හොඳ අදහසක් සකුන්තලාගේ. (නි)