කොස්ගම සාලාව කඳවුරේ පිපිරීමෙන් විනාශයට පත්වූ දේපළ හා අවතැන්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (12) පස්වරුවේ එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.
එම පෙදෙසේ නිරීක්ෂණ කටයුතු සිදුකළ අගමැති විපතට පත් පිරිසට කඩිනමින් සහන සලසන බවට පොරොන්දුවූ අතර නිවාස ඉදිකරදීම් වන්දි ලබාදීම් ඇතුළු කටයුතු කඩිනම් කරන ලෙස වගකිව යුතු පිරිස් දැනුම්වත් කිරීම ද සිදු කැරිණි.
‘ආණ්ඩුවට මේ වැඩ කරන්න මුදල් මදි කියන කතාව බොරුවක්. ආණ්ඩුවට දැනට තිබෙන මුදල් ඇති. අනෙක් වැඩ නවත්වන්න වුවමනා නෑ‘
වාහන අත්‍යවශ්‍යම නම් පමණක් ගන්න යැයි මැති ඇමැතිවරුන්ට තමා කී බවත් නැත්නම් වාහන ගැනීම කල් දමන්නැයි උපදෙස් දුන් බවත් අගමැති පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉහලින් ඕඩර් දීල යනවා. නමුත් පහලින් ඒවා ක්‍රියාත්මක වෙන්නේ බොහොම සෙමෙන්. (බ)