IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අගමැති රදගුරු මඩුල්ල හමුවෙයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (24) සවස කොළඹ අගරදගුරු මැඳුරට ගොස් ශ්‍රි ලංකා කතෝලික සංගමයේ සභාපති මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් හමුවී ආශිර්වාද ලබා ගත්තේය.

  මෙන්ඩිස් හලාවත රදගුරුතුමන්, හැරල්ඩ් ඇන්තනී පෙරේරා කුරුණෑගල රදගුරුතුමන්, රේමන්ඩ් වික්‍රමසිංහ ගාල්ල රදගුරුතුමන්, මැක්ස්වල් සිල්වා කොළඹ සහයක රදගුරු තුමෝ ද එතැනට පැමිණ සිටියහ.

අගරදගුරු මැදුරේදී විනාඩි 45ක් පමණ රදගුරු මඩුල්ල සමඟ සාකච්ඡා පැවැත්වූ   වික්‍රමසිංහ මහතා විශේෂ අමුත්තන්ගේ සමරු ග්‍රන්ථයෙහි අත්සන් තැබීය.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවැසීය,

‘කාදිනල්තුමා ඇතුලු රාජගුරු ප්‍රසාදීන් වහන්සේලා මුණ ගැසුණා. එතුමන්ලා මට ආශිර්වාද කළා. අප අලුත් රටක් අලුත් ක්‍රමයක් ඇති කරන අවස්ථාවේදී උන්වහන්සේලාගේ සහාය බලාපොරොත්තු වන බව මා ප්‍රකාශ කළා.

ආගමික සහජීවනය ඇති කිරීමට සහ මෙරට ප්‍රධානතම ප්‍රශ්නය වන ජාතික එකඟතාවය සහ සාමය ඇති කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් මමත් සර්ව ආගමික නායකයන්ගේ සහ සර්ව ආගමික සමුළුවේ සම්පුර්ණ සහයෝගය බලාපොරොත්තු වන බව මා කිව්වා.‘

මෙම අවස්ථාව සදහා හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග සහ අග්‍රමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහත්වරුද සහභාගී වී සිටියහ.

PM-and-Kadinal-2015-aug-24-1 PM-and-Kadinal-2015-aug-24-2 PM-and-Kadinal-2015-aug-24-3



අදහස් (0)

අගමැති රදගුරු මඩුල්ල හමුවෙයි

අචලා Tuesday, 25 August 2015 08:07 AM

රාජපක්ෂ ක්‍රමය කියල එහෙම එකක් නැහැ (නදී)

:       0       0

චාමර Monday, 24 August 2015 06:24 PM

ආගම ධර්මයට මුල් තැනක් දෙමින් ,සෑම දෙනෙක් තුළම ආකල්පමය වෙනසක් ඇති කරන්න උත්සාහ කරමු. (නි)

:       0       0

නිශාන්ත Monday, 24 August 2015 08:58 PM

රටේ සියළු ජනතාව එක්සත් කළ හැකි එකම පුද්ගලයා ඔබයි (නි)

:       0       0

කැනඩා දිසා Monday, 24 August 2015 10:03 PM

ඔබට දේව ආශිර්වාදය ලැබේවා ! (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 25 August 2015 01:14 AM

ජාති,ආගම් බේද වලින් තොර රටක් ගොඩනැගීමට ඔබතුමාට දේව මඟපෙන්වීම ලැබේවා! (නි)

:       0       0

සත්‍යයා Tuesday, 25 August 2015 01:24 AM

සිංහ කොඩියට නියම තැන ලබා දී තිබීම ගැන සතුටුයි (නි)

:       0       0

නිමල් ලාලිත Tuesday, 25 August 2015 01:56 AM

සැවොම ජාති ක සමගියක් ගැන කතා කරනවා. තමන් නායකත්වය දරන පක්ෂය රජකරවීමට දිනවීමට උත්සාහ කරනවා. නමුත් රටේ පුරවැසියන් සැවොම එකම නීතියක් යටතේ ජීවත්කරවීම සඳහා පියවරක් ගන්නේ නැහැ. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 25 August 2015 04:30 AM

සියලු ජාතින් හා ආගම් සමග මනා සබැදියාවක් ඇති කරගෙන ඉදිරියට යමු අපේ කියන හැගීමෙන්.(හේ)

:       0       0

ධම්ම Tuesday, 25 August 2015 04:49 AM

ආගම් හරහා දේශපාලනය කිරීමේ 'රාජපක්ෂ ක්‍රමය' අපේ රටේ ළුලදායකයි. නව නායකයින් එය තේරුම් ගැනීම ඔවුන්ට හොඳයි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site