අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (24) සවස කොළඹ අගරදගුරු මැඳුරට ගොස් ශ්‍රි ලංකා කතෝලික සංගමයේ සභාපති මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් හමුවී ආශිර්වාද ලබා ගත්තේය.
මෙන්ඩිස් හලාවත රදගුරුතුමන්, හැරල්ඩ් ඇන්තනී පෙරේරා කුරුණෑගල රදගුරුතුමන්, රේමන්ඩ් වික්‍රමසිංහ ගාල්ල රදගුරුතුමන්, මැක්ස්වල් සිල්වා කොළඹ සහයක රදගුරු තුමෝ ද එතැනට පැමිණ සිටියහ.
අගරදගුරු මැදුරේදී විනාඩි 45ක් පමණ රදගුරු මඩුල්ල සමඟ සාකච්ඡා පැවැත්වූ වික්‍රමසිංහ මහතා විශේෂ අමුත්තන්ගේ සමරු ග්‍රන්ථයෙහි අත්සන් තැබීය.
එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවැසීය,
‘කාදිනල්තුමා ඇතුලු රාජගුරු ප්‍රසාදීන් වහන්සේලා මුණ ගැසුණා. එතුමන්ලා මට ආශිර්වාද කළා. අප අලුත් රටක් අලුත් ක්‍රමයක් ඇති කරන අවස්ථාවේදී උන්වහන්සේලාගේ සහාය බලාපොරොත්තු වන බව මා ප්‍රකාශ කළා.
ආගමික සහජීවනය ඇති කිරීමට සහ මෙරට ප්‍රධානතම ප්‍රශ්නය වන ජාතික එකඟතාවය සහ සාමය ඇති කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් මමත් සර්ව ආගමික නායකයන්ගේ සහ සර්ව ආගමික සමුළුවේ සම්පුර්ණ සහයෝගය බලාපොරොත්තු වන බව මා කිව්වා.‘
මෙම අවස්ථාව සදහා හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග සහ අග්‍රමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහත්වරුද සහභාගී වී සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂ ක්‍රමය කියල එහෙම එකක් නැහැ (නදී)
ආගම ධර්මයට මුල් තැනක් දෙමින් ,සෑම දෙනෙක් තුළම ආකල්පමය වෙනසක් ඇති කරන්න උත්සාහ කරමු. (නි)
රටේ සියළු ජනතාව එක්සත් කළ හැකි එකම පුද්ගලයා ඔබයි (නි)
ඔබට දේව ආශිර්වාදය ලැබේවා ! (නි)
ජාති,ආගම් බේද වලින් තොර රටක් ගොඩනැගීමට ඔබතුමාට දේව මඟපෙන්වීම ලැබේවා! (නි)
සිංහ කොඩියට නියම තැන ලබා දී තිබීම ගැන සතුටුයි (නි)
සැවොම ජාති ක සමගියක් ගැන කතා කරනවා. තමන් නායකත්වය දරන පක්ෂය රජකරවීමට දිනවීමට උත්සාහ කරනවා. නමුත් රටේ පුරවැසියන් සැවොම එකම නීතියක් යටතේ ජීවත්කරවීම සඳහා පියවරක් ගන්නේ නැහැ. (නි)
සියලු ජාතින් හා ආගම් සමග මනා සබැදියාවක් ඇති කරගෙන ඉදිරියට යමු අපේ කියන හැගීමෙන්.(හේ)
ආගම් හරහා දේශපාලනය කිරීමේ 'රාජපක්ෂ ක්‍රමය' අපේ රටේ ළුලදායකයි. නව නායකයින් එය තේරුම් ගැනීම ඔවුන්ට හොඳයි. (ම)