පහළොස්වැනි ජර්මානු ව්‍යාපාර සදහා වූ ආසියා -ශාන්තිකර සමුළුවට සහභාගී වීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (03) හොංකොං බලා පිටත්ව යන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
ආසියා ශාන්තිකර කලාපීය ව්‍යවසායකයින් සහ ජර්මානු ව්‍යවසායකයින් අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමේ අරමුණෙන් පැවැත්වෙන මෙම සමුළුව හොංකොං ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 3 වැනිදා සිටි 5 වැනිදා තෙක් පැවැත්වෙන අතර ඊට එම කලාපයන්හි ප්‍රමුඛ නීති සම්පාදකයින් ,විද්වතුන් ,ව්‍යවසායකයින් ඊට සහභාගී වෙති.
අග්‍රාමාත්‍යවරයා සමග මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ,සංවර්ධණ උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික්‍රම ,අග්‍රාමත්‍ය ලේකම් සමන් ඒකනායක ,චීනයේ ශ්‍රී ලංකා තානපති ආචාර්ය කරැණාසේන කොඩිතුවක්කු ,අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහුද මීට එක්වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චොකලට් කාලම එන්න සර් (නි)
රජයේ මුදලින් (මහජන බදු මුදල්) රට රටවල් කරක් ගසා, තව නොබෝ දිනකින් විශ්‍රාම යන්න. රටට වැඩක් නොකළත් ඔබ පෞද්ගලික ජිවිතයෙන් හොඳ කෙනෙක් (නි)
අපේ ප්‍රධාන විදේශ ඇමති රනිල් මැතිතුමාට ජයවේවා! අපි එතුමාව පත්කළේ රට රටවල කරක් ගසමින් එතුමාගේ ජීවිත කාලය ගෙවා ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමටය. එතුමාට යහපාලනය තිබෙනතුරු රටට කිසිම වැඩක් නොකළත් සතුටින් ගතකිරීමට අවස්ථාව ලැබීම ගැන ඡන්දය දුන් පුරවැසියෙකු හැටියට ඉතාමත් සතුටු වෙමි. (නි)
මේ අවුරුද්දට කී පාරක් රට ගියාද. මේ රටේ සල්ලි කෑමක් නොවෙයිද? (නි)
ඉස්සර කරන්න බැරිවුණ එකටත් එක්ක ඔය දැන් හිටු කියලා යන්නේ!! සම්බන්ධතා ශක්තිමත් කරන්නනේ යන්නේ (නි)
මේකට එන එකම රාජ්‍ය නායකයා රනිල් මැතිතුමා වගෙයි පෙනෙන්නේ. අනික් අය ව්‍යාපාරිකයන්, ඇමතිවරුන් වගේ උදවිය නේද? (නි)
අපරාදේ ගමන් වියදම්. මේ ගමන් වලින් ලංකාවට වන සෙතක් නම් නැහැ. (නි)
අගමැති වැඩිපුරම ඉන්නේ විදෙස් රටවලනේ. කලින් හිටපු කිසිම කෙනෙක් මෙහෙම ගියේ නැහැ (නි)