පැරිස් නුවර සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට ජීවිත අහිමිවූවන් වෙනුවෙන් හා එම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන් සියලු වැසියන් වෙනුවෙන් සිය කනගාටුව පළ කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශ අගමැති මැනුවෙල් වොල්ස්ට ලිපියක් යවයි.
ප්‍රංශ ජනතාව ශෝකයට පත් මේ මොහොතේ ලක් රජය සහ ජනතාව ඔවුන් සමග සිටින බව අගමැතිවරයා යැවූ ලිපියේ සඳහන්ය.
පැරිස් ප්‍රහාරය සම්බන්ධයෙන් අගමැතිවරයා විදේශ ඇමැති මංගල සමරවීර මහතා සමග සාකච්ඡා කර ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිද සම්බන්ධ කරගනිමින් පැරිසියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන්ද විමසා බැලූ බව අගමැති කාර්යාල ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ බලවත් රටවල් දැන්වත් අපේ රට ආදර්ශයට ගත යුතුයි .මක් නිසාද යත් ත්‍රස්තවාදයට පිළිතුරු දිය යුත්තේ අවියෙන් මිසක සාකච්ජාවෙන් නොවන නිසා.(ම)
ප්‍රංශයට සොව ,අපේ කොටින්ට නිදහස (ම)
ප්‍රංශයත් දැන් අයිඑස් ත්‍රස්තොයොත් එක්ක සාම සාකච්ඡා තියයි. බලාගෙන ඉම්මු අපිට දීපු උපදෙස් වගේ. අත්අඩංගුවට ගන්න උන්ව නිදහස් කරයි දේශපාලන සිරකාරයෝ කියාල. ලංකාවේ කොටි මැරුවේ එක පාරට 150 ද. (බ)
ත්‍රස්තවාදීන් සමග බේරා ගන්න හැටි අගමැති ප්‍රංශයට කියා දේවි.(ම)
2001 දී කොටින්ට කිරි පෙව්වා ඔබතුමා කොහොමද ? (බ)
2005 වැරදිලාවත් ඔබ ජනපති වූවානම් අපටත් අදටත් හැමදාම ශෝකදින තමයි. (බ)
කුමාරිගේ කතාව හරි. (ර)
සමහරුන්ගෙ අදහස් දැක්කහම දුකයි (නි)