ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැති පත් කිරීමේ විශේෂ බලයක් ජනපතිට පැවරී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක විජිත හේරත් මහතා කියයි.
’19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ඉතා පැහැදිවිල තියෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය යම්කසි මන්ත්‍රීවරයකුට තියෙනවා කියා ජනාධිපති කල්පනා කරන්නේ නම්, එසේ නැතිනම් ජනාධිපතිවරයාගේ මතය නම් ඒ අනුව තමයි බහුතරය තියෙනවාද යන්න තීරණය වෙන්නේ.‘ යැයි ද ඔහු කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය වසර 20 පුරා ජවිපෙ මහජන නියෝජිතයෝ රජයෙන් පඩි, දීමනා වරප්‍රසාද කොපමණ ගන්න ඇද්ද? කළ වැඩ අපි දන්නවනේ. තව ටිකක් යවලා ඒ උදවිය මහජන මුදලින් පෝෂණය කරමු. (නි)
මහින්ද ටිකක් බයවෙලා වගේ (අ)
මෙන්න ජාතික ආණ්ඩුවේ බළලා මල්ලෙන් එලියට පැනලා! (බ)
ඒක ඒගොල්ලෝ බලාගනි. ජේවීපේ එක මොකද ඒකට වද වෙන්නේ! (බ)
ඇයි මේ ඈයො බය බීරාන්ත වෙලා. (නදී)
මහා ලොකු විප්ලව කාරයෝ උනාට වැඩිදෙනාගේ කැමැත්තට ගරු කරන්න ඕන කියල කියන්න තරම්වත් සාදාරන නැහැ. ඡන්ද ගණන් කළාම හිතාගන්න ඔයාලා ගැන මිනිස්සුන්ගේ හරි තක්සේරුව. (නදී)
ජවිපේ ප්‍රජාතන්ත්‍රවාදය (අ)
මෙයා මොකද මේ කලබල වෙලා තියෙන්නේ!. මට පෙනෙන්නේ මේ වගේ දේවල්වලින් මහින්දගේ ජයග්‍රහණය තහවුරු වෙලා වගේ. (අ)
ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදය දැන් පෙනේ (අ)
හොර කල්ලිය අනාථ වෙන වැඩක් මේක (අ)
සමහරු තුන්වේලටම කන්නේ 'මහින්ද' (නි)
අහෝ ජවිපෙ! (නි)
මහින්ද දින්නොත් ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂ නායක දුරය හම්බවෙන්නේ නැති නිසා මෙතුමා ටිකක් බයවෙලා වගේ (අ)
ඒ කියන්නේ ජනතා කැමැත්ත වැඩක් නැහැ. (නි)
එතකොට ජන මතය අවලංගුද (නදී)
මේ ගොල්ලත් අනුන්ගේ දේවල් වලට තමයි කතා කරන්නේ (නදී)
මහින්ද එන්නේ නැත්නම් මෙච්චර බය ඇයි ? අපිට හිනා (අ)
මොකද මේ හදිස්සියේම මාධ්‍ය සාකච්ඡා තියල දඟලන්නේ . අනුන්ගේ දේවල් වලට මොකටද ඔයාල කලබල වෙන්නේ. (අ)
ඒ කියන්නේ මහින්ද ද දිනන්නේ (අ)
ස්තුතියි !! මහින්දගේ ජයග්‍රහණය තහවුරු කළාට (ම)
අනේ මේ වගේ හරක්(නදී)
මොකද සහෝදරයා මහින්දට ඔයතරම් බය? (නි)
ජනතාව කොතනද කියල දැනුනම මේවගේ පිස්සු කතා කියවනවා. (නදී)
ජය සිකුරුයි වගේ නේද ? (නදී)
මහින්දත් ජනපති කාලේ හිතුවක්කාර පාලනයක් ගෙනිච්චා අපට මතකයි (බ)
වෙනකෙනෙක් ඕනෙනම් පත්කරන්න පුළුවන් කියමුකෝ ඉතින් පත්කරලා ආණ්ඩුව ගෙනියන්න පුලුවන්ද? පහුගිය ආණ්ඩුවේ අන්තිමකාලේ රනිල්ට උනෙත් ඔය ටිකමනේ. අන්තිමට සිරිසේනට රනිල්ව ආරක්ෂා කරගන්න උසස් පෙළ විභාගෙත් කඩා කප්පල් කරලා ආණ්ඩුව විසුරවල මැතිවරණයක් තියන්න වුනේ එක නේද? (බ)
ජ.වි.පෙ. = ජනතා විනාශයේ පෙරගමන්කරු / ජනතා විනාශකාරී පෙරමුණ (බ)
විජිත හේරත් මහතා හරි. අවසන් තීරණය තියෙන්නේ ජනාධිපතිතුමා අතේ. එයට සියලු දෙනාම අනිවාර්යෙන්ම එකඟවිය යුතුයි. (බ)
මහින්ද සුළඟ සුළි සුළගක් වේගෙන එන්නේ. කට්ටිය දැන්ම බයවෙලා. (නදී)
ඔක්කොම එකයි පහර ගහන්නේ මහින්දට විතරයි. ඒ නිසාම උඩින්ම දිනනවා. (අ)
ජනාධිපති බලය ජනබලයටත් වැඩිද? ජේවීපි මේ කියන්නේ යුඑන්පී යේප්‍රකාශය නොවේද, මේ ඔක්කොම බයවෙලා මොකද? (අ)
සැම්සන්, මටත් දැන්නම් සියයට දෙසීයක් විශ්වාසයි මහින්ද මැතිඳු විශිෂ්ට ජයක් ලබන බව. හැමදෙනාම තේරුම්ගෙන වගෙයි. කළගුණදත් මගේ රටේ පොදු ජනතාවට ජය ශ්‍රී! (නි)
ප්‍රභාකරන්ටත් වඩා මේ සමහරු මහින්ද මහත්තයාට බය මොකද ? (නි)
අනේ මන්දා මොනවා කියනවාද කියලා? (නි)
ජ.වී පෙ හෘද සාක්ෂිය අනුන්ගේ සීනි කිරන එකද? පහලට වැටිලා තියෙන තරම. සෝමවංස හිටපු නායකයා කියපු කතාව හරියටම හරි. පෙරදී නම් ජ.වී.පෙ සීනුවට හොඳ හඩක්, තාලයක්, ලතාවක්, සහ රටාවක් තිබුන දැන්? (නදී)